Ash-Shams

الشمس

The Sun15 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

وَٱلشَّمۡسِ وَضُحَىٰهَا﴿١

1හිරු හා එහි ප්‍රභාව මත දිවුරමින්.

وَٱلۡقَمَرِ إِذَا تَلَىٰهَا﴿٢

2එය පසුපසින් හඹා යන සඳු මත ද දිවුරමින්.

وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا﴿٣

3දහවල එය ඔප් නංවන විට එය මත ද දිවුරමින්.

وَٱلَّيۡلِ إِذَا يَغۡشَىٰهَا﴿٤

4රාත්‍රිය එය ආවරණය කරන විට එය මත ද දිවුරමින්.

وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا﴿٥

5අහස හා එය ගොඩ නැගූ අය මත ද දිවුරමින්.

وَٱلۡأَرۡضِ وَمَا طَحَىٰهَا﴿٦

6පොළොව හා එය ව්‍යාප්ත කළ අය මත ද දිවුරමින්.

وَنَفۡسٖ وَمَا سَوَّىٰهَا﴿٧

7ආත්මය හා එය සැකසූ අය මත ද දිවුරමින්,

فَأَلۡهَمَهَا فُجُورَهَا وَتَقۡوَىٰهَا﴿٨

8ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ද එහි ධාර්මිකතාව ද ප්‍රවේශ කළේ ය.

قَدۡ أَفۡلَحَ مَن زَكَّىٰهَا﴿٩

9සැබැවින් ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්ර කර ගත්තේ ද ඔහු ජය ලැබී ය.

وَقَدۡ خَابَ مَن دَسَّىٰهَا﴿١٠

10තවද සැබැවින් ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය.

كَذَّبَتۡ ثَمُودُ بِطَغۡوَىٰهَآ﴿١١

11සමූද් ජනයා තම සීමා ඉක්මවා යමින් බොරු කළෝ ය.

إِذِ ٱنۢبَعَثَ أَشۡقَىٰهَا﴿١٢

12ඔවුන්ගේ අභාග්‍යවන්තයා නැගී සිටි විට,

فَقَالَ لَهُمۡ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقۡيَٰهَا﴿١٣

13මෙය අල්ලාහ්ගේ ඔටු දෙනයි. තවද උගේ පැන් බොන ස්ථානයයි යැයි අල්ලාහ්ගේ දූතයා ඔවුනට පැවසුවේ ය.

فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمۡدَمَ عَلَيۡهِمۡ رَبُّهُم بِذَنۢبِهِمۡ فَسَوَّىٰهَا﴿١٤

14එවිට ඔවුහු ඔහුව බොරු කළෝ ය. පසුව උගේ නහර කපා දැමුවෝ ය. එබැවින් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ පාපය හේතුවෙන් ඔවුන් මත වේදනාව පහළ කර සුනු විසුනු කළේ ය. එමෙන් ම ඔවුන්ව සමතලා කර දැමුවේ ය.

وَلَا يَخَافُ عُقۡبَٰهَا﴿١٥

15තවද එහි අවසානය ගැන ඔහු බියවන්නේ නැත.

RELATED SURAHS