البلد
The City • 20 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1මෙම නගරය (මක්කාහ් ව) මත මම දිවුරමි.
2නුඹ මෙම නගරයේ රැඳී සිටිය දී,
3පියා හා ඔහු ජනිත කළ දෑ මත (දිවුරමි.)
4සැබැවින්ම මිනිසා ව දැඩි දුෂ්කරතාවක අපි මැව්වෙමු.
5ඔහු කෙරෙහි කිසිවෙකු බලය නො දරන්නේ ම යැයි ඔහු සිතන්නේ ද?
6මම අධික වශයෙන් ධනය නාස්ති කළෙමි යැයි ඔහු පවසයි.
7ඔහුව කිසිවෙක් නො දුටුවේ යැයි ඔහු සිතන්නේ ද?
8අපි ඔහුට දෑස් ඇති නො කළෙමු ද?
9දිව ද දෙතොල් ද (ඇති නො කළෙමු ද?)
10තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වූයෙමු.
11එනමුත් ඔහු අකබාව තරණය නො කළේ ය.
12අකබාව යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?
13(එය) වහලෙකු නිදහස් කිරීම;
14එසේ නැතහොත් සාගින්නෙන් යුත් දිනක ආහාර සැපයීම ය.
15සමීපකම් ඇති අනාථ ඥාතියෙකුට;
16එසේ නැතහොත් අසරණ වූ දුගියෙකුට (ආහාර සැපයීම ය.)
17පසුව ඔහු විශ්වාස කර ඉවසීම පිළිබඳ එකිනෙකාට උපදෙස් දෙමින් කරුණා දයාව පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය අතරින් කෙනෙකු බවට පත් විය.
18ඔවුහු මය දකුණත පාර්ශවයින් වන්නෝ.
19තවද අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු මය වමත් පාර්ශවයින් වන්නෝ.
20ඔවුන්හට මොළ වන ලද (නිරයේ) ගින්න ඇත.