Ar-Rahman

الرحمن

The Most Merciful78 ayahsMedinan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

ٱلرَّحۡمَٰنُ﴿١

1අපරිමිත දයාන්විතයාණෝ;

عَلَّمَ ٱلۡقُرۡءَانَ﴿٢

2ඔහු අල් කුර්ආනය ඉගැන්වී ය.

خَلَقَ ٱلۡإِنسَٰنَ﴿٣

3ඔහු මිනිසා මැව්වේය.

عَلَّمَهُ ٱلۡبَيَانَ﴿٤

4ඔහු ඔහුට පැහැදිලිව කතා කිරීමට ඉගැන්වී ය.

ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ بِحُسۡبَانٖ﴿٥

5හිරු හා සඳු නියමිත ගණනයකට අනුව පවතී.

وَٱلنَّجۡمُ وَٱلشَّجَرُ يَسۡجُدَانِ﴿٦

6තවද තරු හා ගස් ඔහුට සුජූද් කරති.

وَٱلسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ ٱلۡمِيزَانَ﴿٧

7තවද ඔහු අහස උස් කළේය. තවද තුලාව පිහිටුවේ ය.

أَلَّا تَطۡغَوۡاْ فِي ٱلۡمِيزَانِ﴿٨

8(යුක්තියේ) තුලාව නුඹලා උල්ලංඝනය නො කරනු පිණිස.

وَأَقِيمُواْ ٱلۡوَزۡنَ بِٱلۡقِسۡطِ وَلَا تُخۡسِرُواْ ٱلۡمِيزَانَ﴿٩

9තවද නුඹලා සාධාරණයෙන් යුතුව තුලනය ක්‍රියාත්මක කරනු. තවද නුඹලා තුලාවෙහි අඩු නො කරනු.

وَٱلۡأَرۡضَ وَضَعَهَا لِلۡأَنَامِ﴿١٠

10තවද මහපොළොව එය සියලු ජීවීන් සඳහා ඔහු තැබුවේ ය.

فِيهَا فَٰكِهَةٞ وَٱلنَّخۡلُ ذَاتُ ٱلۡأَكۡمَامِ﴿١١

11එහි පලතුරු ද කොපු සහිත රටඉඳි ගස් ද ඇත.

وَٱلۡحَبُّ ذُو ٱلۡعَصۡفِ وَٱلرَّيۡحَانُ﴿١٢

12තවද පොතු සහිත ධාන්‍ය ද සුවඳැති පැළෑටි ද ඇත.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿١٣

13එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

خَلَقَ ٱلۡإِنسَٰنَ مِن صَلۡصَٰلٖ كَٱلۡفَخَّارِ﴿١٤

14වළන් මෙන් වියළි මැටියෙන් ඔහු මිනිසා මැව්වේ ය.

وَخَلَقَ ٱلۡجَآنَّ مِن مَّارِجٖ مِّن نَّارٖ﴿١٥

15තවද ගින්නෙන් වූ දැල්ලෙන් ඔහු ජින් වර්ගයා මැව්වේ ය.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿١٦

16එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

رَبُّ ٱلۡمَشۡرِقَيۡنِ وَرَبُّ ٱلۡمَغۡرِبَيۡنِ﴿١٧

17(ඔහු) නැගෙනහිරවල් දෙකෙහි හිමිපාණන් හා බටහිරවල් දෙකෙහි හිමිපාණන් ය.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿١٨

18එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

مَرَجَ ٱلۡبَحۡرَيۡنِ يَلۡتَقِيَانِ﴿١٩

19ඔහු මුහුදු දෙක එකිනෙකට යාවන්නට හැරී ය.

بَيۡنَهُمَا بَرۡزَخٞ لَّا يَبۡغِيَانِ﴿٢٠

20ඒ දෙක ඉක්මවා නො යන අයුරින් ඒ දෙක අතර බාධකයක් විය.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٢١

21එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

يَخۡرُجُ مِنۡهُمَا ٱللُّؤۡلُؤُ وَٱلۡمَرۡجَانُ﴿٢٢

22ඒ දෙකින් මුතු හා පබළු මතු වෙයි.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٢٣

23එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

وَلَهُ ٱلۡجَوَارِ ٱلۡمُنشَـَٔاتُ فِي ٱلۡبَحۡرِ كَٱلۡأَعۡلَٰمِ﴿٢٤

24තවද කඳු මෙන් මුහුදෙහි උසින් ගමන් කරනු ලබන යාත්‍රා ද ඔහුට ඇත.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٢٥

25එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

كُلُّ مَنۡ عَلَيۡهَا فَانٖ﴿٢٦

26ඒ (මහපොළොව) මත ඇති සියල්ල විනාශ වී යන්නක් ය.

وَيَبۡقَىٰ وَجۡهُ رَبِّكَ ذُو ٱلۡجَلَٰلِ وَٱلۡإِكۡرَامِ﴿٢٧

27තවද තේජාන්විතභාවයෙන් හා ගෞරවාන්විතභාවයෙන් යුක්ත නුඹගේ පරමාධිපතිගේ මුහුණ නිත්‍යයව පවතී.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٢٨

28එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

يَسۡـَٔلُهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ كُلَّ يَوۡمٍ هُوَ فِي شَأۡنٖ﴿٢٩

29අහස්හි හා මහපොළොවෙහි සිටින්නෝ (තම අවශ්‍යතාව) ඔහුගෙන් ඉල්ලා සිටිති. සෑම දිනකම ඔහු (තම) කටයුත්තෙහි නිරතව සිටියි.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٣٠

30එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

سَنَفۡرُغُ لَكُمۡ أَيُّهَ ٱلثَّقَلَانِ﴿٣١

31අහෝ (මිනිස් හා ජින්) දෙවර්ගයනි! අපි නුඹලා වෙනුවෙන් (විනිශ්චය සඳහා වූ කාලය) වෙන් කරන්නෙමු.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٣٢

32එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

يَٰمَعۡشَرَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ إِنِ ٱسۡتَطَعۡتُمۡ أَن تَنفُذُواْ مِنۡ أَقۡطَارِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ فَٱنفُذُواْۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلۡطَٰنٖ﴿٣٣

33අහෝ ජින් හා මිනිස් සමූහයනි! අහස් හා මහපොළොවේ සීමාවන්ගෙන් පලා යෑමට නුඹලා හැකියාව දරන්නේ නම් නුඹලා පලා යනු. මහා බලයකින් මිස නුඹලා පලා නොයනු ඇත.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٣٤

34එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

يُرۡسَلُ عَلَيۡكُمَا شُوَاظٞ مِّن نَّارٖ وَنُحَاسٞ فَلَا تَنتَصِرَانِ﴿٣٥

35නුඹලා (අයහපත්) දෙවර්ගයට එරෙහිව ගිනි ජාලා හා දුමාරයක් එවනු ලැබේ. එවිට නුඹලා දෙවර්ගය උදව් නො ලබනු ඇත.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٣٦

36එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

فَإِذَا ٱنشَقَّتِ ٱلسَّمَآءُ فَكَانَتۡ وَرۡدَةٗ كَٱلدِّهَانِ﴿٣٧

37එහෙයින් අහස පැළී ගිය විට එය තෙල් මෙන් රතු පැහැ ගැණෙනු ඇත.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٣٨

38එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

فَيَوۡمَئِذٖ لَّا يُسۡـَٔلُ عَن ذَنۢبِهِۦٓ إِنسٞ وَلَا جَآنّٞ﴿٣٩

39එහෙයින් එදින මිනිසෙකු හෝ ජින්වරයෙකු හෝ ඔහුගේ පාපය ගැන විමසනු නො ලබයි.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٤٠

40එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

يُعۡرَفُ ٱلۡمُجۡرِمُونَ بِسِيمَٰهُمۡ فَيُؤۡخَذُ بِٱلنَّوَٰصِي وَٱلۡأَقۡدَامِ﴿٤١

41වැරදි කරුවෝ ඔවුන්ගේ සලකුණුවලින් හඳුනා ගනු ලබති. එවිට ඔවුහු ඉදිරි නළල් කෙස් රොද හා පාදවලින් ග්‍රහණය කරනු ලබති.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٤٢

42එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِي يُكَذِّبُ بِهَا ٱلۡمُجۡرِمُونَ﴿٤٣

43වැරදිකරුවන් එය බොරු යැයි පවසන නිරය මෙය වේ.

يَطُوفُونَ بَيۡنَهَا وَبَيۡنَ حَمِيمٍ ءَانٖ﴿٤٤

44ඒ අතර හා දැඩි රශ්මීය ලෝදිය අතර ඔවුහු සැරිසරමින් සිටිති.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٤٥

45එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

وَلِمَنۡ خَافَ مَقَامَ رَبِّهِۦ جَنَّتَانِ﴿٤٦

46තම පරමාධිපතිගේ සන්නිධානයේ පෙනී සිටීමට බිය වූවන්ට (ස්වර්ග) උයන් දෙකක් ඇත.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٤٧

47එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

ذَوَاتَآ أَفۡنَانٖ﴿٤٨

48සාරවත් අතුවලින් යුක්ත (උයන්) දෙකකි.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٤٩

49එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

فِيهِمَا عَيۡنَانِ تَجۡرِيَانِ﴿٥٠

50ඒ දෙකෙහි ගලා යන උල්පත් දෙකක් ඇත.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٥١

51එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

فِيهِمَا مِن كُلِّ فَٰكِهَةٖ زَوۡجَانِ﴿٥٢

52සෑම පලතුරකින් ම දෙවර්ගයක් බැගින් ඒ දෙකහි ඇත.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٥٣

53එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

مُتَّكِـِٔينَ عَلَىٰ فُرُشِۭ بَطَآئِنُهَا مِنۡ إِسۡتَبۡرَقٖۚ وَجَنَى ٱلۡجَنَّتَيۡنِ دَانٖ﴿٥٤

54ඔවුන් ඇතිරිලි මත හාන්සි වන්නන් ලෙස සිටිති. එහි ඇතුළත (ඉස්තබ්රක් වර්ගයේ) සේද රෙද්දෙන් යුක්ත ය. එම උයන් දෙකෙහි පලතුරු පහළට බර වී පවතී.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٥٥

55එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

فِيهِنَّ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ لَمۡ يَطۡمِثۡهُنَّ إِنسٞ قَبۡلَهُمۡ وَلَا جَآنّٞ﴿٥٦

56ඒවායෙහි දමිත බැල්මැති පිරිසිදු කන්‍යා කුමරියන් වෙති. ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٥٧

57එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

كَأَنَّهُنَّ ٱلۡيَاقُوتُ وَٱلۡمَرۡجَانُ﴿٥٨

58නියත වශයෙන් ම ඔවුහු මැණික් හා පබළු මෙන් වෙති.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٥٩

59එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

هَلۡ جَزَآءُ ٱلۡإِحۡسَٰنِ إِلَّا ٱلۡإِحۡسَٰنُ﴿٦٠

60යහපතට යහපත මිස වෙනත් ප්‍රතිඵලයක් තිබේ ද?

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٦١

61එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

وَمِن دُونِهِمَا جَنَّتَانِ﴿٦٢

62තවද ඒ දෙකට අමතරව (තවත්) උයන් දෙකකි.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٦٣

63එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

مُدۡهَآمَّتَانِ﴿٦٤

64(ඒ දෙක) තද කොළ පැහැයෙන් යුක්ත ය.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٦٥

65එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

فِيهِمَا عَيۡنَانِ نَضَّاخَتَانِ﴿٦٦

66ඒ දෙකෙහි උතුරා ගලා යන උල්පත් දෙකක් ඇත.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٦٧

67එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

فِيهِمَا فَٰكِهَةٞ وَنَخۡلٞ وَرُمَّانٞ﴿٦٨

68ඒ දෙකෙහි පලතුරු ද, රටඉඳි ද, දෙළුම් ද ඇත.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٦٩

69එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

فِيهِنَّ خَيۡرَٰتٌ حِسَانٞ﴿٧٠

70රූමත් යහපත් කාන්තාවෝ ඒවායෙහි වෙති.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٧١

71එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

حُورٞ مَّقۡصُورَٰتٞ فِي ٱلۡخِيَامِ﴿٧٢

72(ඔවුහු) කූඩාරම් තුළ සඟවා තබන ලද ලලනාවෝ වෙති.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٧٣

73එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

لَمۡ يَطۡمِثۡهُنَّ إِنسٞ قَبۡلَهُمۡ وَلَا جَآنّٞ﴿٧٤

74ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٧٥

75එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

مُتَّكِـِٔينَ عَلَىٰ رَفۡرَفٍ خُضۡرٖ وَعَبۡقَرِيٍّ حِسَانٖ﴿٧٦

76(ඔවුන්) කොළ පැහැති මෙට්ට මත ද අලංකාර බුමුතුරුණු මත ද හාන්සිවන්නන් ලෙස සිටිති.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٧٧

77එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

تَبَٰرَكَ ٱسۡمُ رَبِّكَ ذِي ٱلۡجَلَٰلِ وَٱلۡإِكۡرَامِ﴿٧٨

78තේජාන්විතභාවයෙන් හා ගෞරවාන්විතභාවයෙන් යුත් නුඹගේ පරමාධිපතිගේ නාමය අතිඋත්කෘෂ්ට විය.

RELATED SURAHS