الواقعة
The Event • 96 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1සිදු වන දෑ (එනම් නැගිටවනු ලබන දිනය) සිදු වූ විට;
2එම සිදු වීම බොරුවක් නො වෙයි.
3(එය අපරාධකරුවන්) පහත් කරවන්නකි. (දැහැමියන්) උසස් කරවන්නකි.
4මහපොළොව කම්පනයකින් කම්පනය කරනු ලැබූ විට;
5තවද කඳු සුනු විසුනු කරනු ලැබූ විට;
6එවිට එය විසිරුණු දූවිලි බවට පත් වනු ඇත.
7එවිට නුඹලා වර්ග තුනක් වන්නෙහු ය.
8එනම් දකුණු පස ජනයා. එම දකුණු පස ජනයා යනු කවරෙක් ද?
9තවද වම් පස ජනයා. එම වම් පස ජනයා යනු කවරෙක් ද?
10පෙරටුගාමීහු පෙරටු ගාමීහු ය.
11ඔවුහු (අල්ලාහ්ට) සමීපතයෝ වෙති.
12(ඔවුන්) සැපවත් උයන්හි සිටිති.
13මුල් අයගෙන් වූ පිරිසකි.
14තවද පසු පැවත එන්නන්ගෙන් වූ ස්වල්පයකි.
15(ඔවුන්) සරසන ලද ඇඳන් මත සිටිති.
16ඒ මත එකිනෙකාට මුහුණලමින් හාන්සිවන්නන් ලෙස සිටිති.
17ළමා විය සදාතනික වූ ළමුන් (සංග්‍රහ කිරීම සඳහා) ඔවුන් වටා යති.
18දිය දහරාවෙන් පුරවනු ලැබූ ගුරු ලේත්තු, කේතල් හා කුසලාන සමග (ඔවුන් වටා යති.)
19එයින් ඔවුනට හිසේ රුදාව ඇති නො වේ. තවද ඔවුන් මත් නො වෙති.
20ඔවුන් කැමති පලතුරු සමග ද;
21ඔවුන් ආශා කරන කුරුලු මාංශ සමග ද (ඔවුන් වටා යති.)
22තවද දැකුම්කලු කන්‍යා කුමරියෝ ද වෙති.
23(ඔවුන්) සඟවා තබන ලද මුතුවලට සමාන ය.
24(එය) ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙනි.
25ඔවුහු එහි පුහු දෙයකට හෝ පාපය ඇති කරන කතාවකට හෝ සවන් නො දෙති.
26සලාම් සලාම් (ශාන්තියයි) යනුවෙන් පවසනු ලැබීම මිස.
27දකුණු පස ජනයා, දකුණු පස ජනයා යනු කවරෙක් ද?
28(ඔවුන්) කටු නොමැති මසන් ගස් අතරෙහි ය.
29තවද කැන් එල්ලෙන කෙසෙල් ගස් අතර ය.
30තවද දිගු කරනු ලැබූ සෙවණැලි අතර ය.
31තවද ගලා යවනු ලබන ජලය අතර ය.
32තවද බොහෝ පලතුරු අතර ය.
33කිසිදු කප්පාදුවක් නැත. එමෙන්ම කිසිදු තහනම් කිරීමක් ද නැත.
34තවද උස්ව තබන ලද ඇතිරිලි අතර ය.
35නියත වශයෙන්ම අපි ඔවුන් (ලලනාවන්) නව නිර්මාණයකින් නිර්මාණය කළෙමු.
36අපි ඔවුන් කන්‍යා කුමරියන් බවට පත් කළෙමු.
37පෙම්බර සම වයසැති,
38දකුණු පස ජනයා සඳහා (මේවා සූදානම් කර තිබේ.)
39(ඔවුන්) මුල් අයගෙන් වූ පිරිසකි.
40තවද පසු පැවත එන්නන්ගෙන් වූ පිරිසකි.
41තවද වම් පස ජනයා. වම් පස ජනයා යනු කවරෙක් ද?
42(ඔවුන්) ලෝ දිය හා ගිනි දැලි සුළං අතර ය.
43තවද කළු දුමාරයෙන් යුත් හෙවණ අතර ය.
44(එහි) කිසිදු සිසිලක් හෝ මිහිරක් හෝ නැත.
45නියත වශයෙන්ම ඔවුහු එයට පෙර සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන්නන් ලෙස සිටියහ.
46තවද ඔවුහු මහත් පාපයන් මත හිතුවක්කාර ලෙස රැඳී සිටිමින් උන්හ.
47තවද “අපි මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ පසු නියත වශයෙන් ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු දැ” යි ඔවුහු පවසමින් උන්හ.
48“අපගේ ආරම්භක මුතුන් මිත්තන් ද නැවත නැගිටුවනු ලබන්නෝ ද?”
49“නියත වශයෙන් ම ආරම්භකයින් හා පසු පැවත එන්නන් (යන සියල්ලන්හට) (නබිවරය!) නුඹ පවසනු.
50ඔවුන් සැබවින් ම නියමිත දිනක නියමිත වේලාවක එක් රැස් කරනු ලබන්නෝ වෙති.
51ඉන් පසු; අහෝ බොරුකාර නොමග ගියවුන් වන නුඹලා!
52නියත වශයෙන් ම zසක්කූම් ගසින් අනුභව කරන්නෝ වෙති.
53එයින් කුසවල් පුරවා ගන්නෝ වෙති.
54ඒ මත ලෝ දියෙන් පානය කරන්නෝ වෙති.
55පිපාසිත ඔටුවන් පානය කරන්නාක් මෙන් පානය කරන්නෝ වෙති.
56මෙය විනිශ්චය දිනයේ ඔවුන්ගේ සංග්‍රහය වේ.
57අප මය නුඹලාව මැව්වේ. එහෙයින් නුඹලා (එය) විශ්වාස නො කරන්නෙහු ද?
58නුඹලා ශුක්‍රාණු ලෙස පිට කරන දෑ ගැන සිතා බැලුවෙහු ද?
59එය මැව්වේ නුඹලා ද එසේ නැතහොත් (එහි) මැවුම්කරුවෝ වන්නෝ අපි ද?
60නුඹලා අතර මරණය නිර්ණය කළේ අප ය. අපි අසමත් වන්නන් නො වෙමු.
61නුඹලාගේ හැඩරුව වෙනස් කිරීමටත් නුඹලා නොදන්නා ස්වරූපයක නුඹලාව (යළි) බිහි කිරීමටත් (අපි අසමත් වන්නන් නො වෙමු.)
62තවද මුල් මැවීම ගැන සැබැවින් ම නුඹලා දන්නෙහු ය. එහෙයින් නුඹලා මෙනෙහි කළ යුතු නො වේ ද?
63නුඹලා වපුරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?
64එය වගා කරනුයේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) වගාකරුවෝ අපි ද?
65අපි අභිමත කරන්නේ නම් එය වියැළුණු ඉපැණිලි බවට පත් කරන්නට තිබුණි. එවිට නුඹලා පුදුමයට පත් වනු ඇත.
66“නියත වශයෙන් ම අපි ණය කාරයෝ වෙමු.”
67“එසේ නොව අපි වළක්වනු ලැබූවෝ වෙමු.” යැයි පවසමින් (නුඹලා පුදුමයට පත් වනු ඇත.)
68නුඹලා පානය කරන ජලය දෙස නුඹලා සිතා බැලුවෙහු ද?
69එය වලාකුළෙන් පහළ කළේ නුඹලා ද? එසේ නැතහොත් (එය) පහළ කරන්නෝ අපි ද?
70අපි අභිමත කර ඇත්නම් එය ලුණු බවට පත් කරන්නට තිබුණි. එහෙයින් නුඹලා ගුණගරුක විය යුතු නො වේ ද?
71නුඹලා දල්වන ගින්න සිතා බැලුවෙහු ද?
72(එම ගින්න නිපද වන) ගස නිර්මාණය කළේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) නිර්මාණකරුවෝ අපි ද?
73අපි එය මෙනෙහි කිරීමක් ලෙසින් හා මගීන්ට (ප්‍රයෝජනවත්) භාණ්ඩයක් ලෙසින් පත් කළෙමු.
74එහෙයින් නුඹගේ අතිමහත් පරමාධිපතියාණන්ගේ නාමයෙන් නුඹ සුවිශුද්ධ කරනු.
75එහෙයින් තාරකා රැඳෙන තැන් මත මම දිවුරමි.
76තවද නුඹලා දන්නෙහු නම් නියත වශයෙන්ම එය ඉමහත් දිවුරුමකි.
77නියත වශයෙන් ම එය ගෞරවනීය කුර්ආනයකි.
78ආරක්ෂා කරනු ලැබූ ලේඛනයෙහි තිබිණ.
79එය පිවිතුරු අය හැර වෙනත් කිසිවකු ස්පර්ශ නො කරති.
80ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමකි.
81නුඹලා මෙම ප්‍රකාශය ගැන ද නො සලකා හරින්නන් ලෙස සිටිනුයේ?
82තවද නුඹලාගේ පෝෂණය සඳහා (කෘතගුණ සලකන්නක් වශයෙන්) නියත වශයෙන් ම නුඹලා බොරු කිරීම (තෝරා) ගන්නෙහු ද?
83(ප්‍රාණය) උගුරු දණ්ඩට ළඟා වූ විට;
84නුඹලා එම අවස්ථාවේ බලමින් සිටින්නෙහු ය.
85තවද ඔහු වෙත අපි නුඹලාට වඩා සමීපයෙන් සිටිමු. එහෙත් නුඹලා නො දකිනු ඇත.
86එහෙයින් නුඹලා නැවත නැගිටුවනු නො ලබන්නන්නෙහු යැයි (සිතන්නෙහු) නම්;
87නුඹලා සත්‍යවාදීන් නම් නුඹලා එය (ප්‍රාණය) නැවත ගෙන එනු.
88ඔහු (අල්ලාහ්ට) සමීපතයින් අතරින් වූයේ නම්;
89සැනසුම ද ප්‍රණීත ආහාර ද සැපවත් (ස්වර්ග) උයන් ද (ඔහුට) ඇත.
90තවද ඔහු දකුණු පස ජනයා අතරින් වූයේ නම්;
91දකුණු පස ජනයා අතරින් වූ නුඹට ශාන්තියයි.
92ඔහු නොමග ගිය බොරු කරන්නන් අතරින් වූයේ නම්;
93එවිට ලෝ දියෙන් වූ නවාතැනක් (ඔහුට) ඇත.
94තවද නිරා ගින්නෙහි දැවීම ද (ඔහුට) ඇත.
95ස්ථීර සත්‍යය වනුයේ නියත වශයෙන් ම මෙය ම ය.
96එහෙයින් නුඹගේ අතිමහත් වූ පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.