Al-Fatiha

الفاتحة

The Opening7 ayahsMeccan

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ﴿١

1අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි.

ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ﴿٢

2සියලු ප්‍රශංසා ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය.

ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ﴿٣

3අපරිමිත දයාන්විතය අසමසම කරුණාන්විත ය.

مَٰلِكِ يَوۡمِ ٱلدِّينِ﴿٤

4විනිශ්චය දිනයේ රජු ය.

إِيَّاكَ نَعۡبُدُ وَإِيَّاكَ نَسۡتَعِينُ﴿٥

5ඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු.

ٱهۡدِنَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ﴿٦

6අපට ඍජු මඟ පෙන්වනු මැනව.

صِرَٰطَ ٱلَّذِينَ أَنۡعَمۡتَ عَلَيۡهِمۡ غَيۡرِ ٱلۡمَغۡضُوبِ عَلَيۡهِمۡ وَلَا ٱلضَّآلِّينَ﴿٧

7ඔබ කවරෙකුට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපයට ලක් වූවන් හෝ මුළාවූවන්ගේ මාර්ගය නො ව.

RELATED SURAHS