Al-Fajr

الفجر

The Dawn30 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

وَٱلۡفَجۡرِ﴿١

1අරුණෝදය මත ද දිවුරමින්.

وَلَيَالٍ عَشۡرٖ﴿٢

2දස රාත්‍රියන් මත ද දිවුරමින්.

وَٱلشَّفۡعِ وَٱلۡوَتۡرِ﴿٣

3ඉරට්ටේ හා ඔත්තේ මත ද දිවුරමින්.

وَٱلَّيۡلِ إِذَا يَسۡرِ﴿٤

4රාත්‍රිය ගෙවී යන විට ඒ මත ද දිවුරමින්.

هَلۡ فِي ذَٰلِكَ قَسَمٞ لِّذِي حِجۡرٍ﴿٥

5නුවණ ඇති අයට එහි (ප්‍රමාණවත්) දිවුරුමක් ඇත් ද?

أَلَمۡ تَرَ كَيۡفَ فَعَلَ رَبُّكَ بِعَادٍ﴿٦

6ආද් ජනයා සමඟ නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැ? යි නුඹ නො දුටුවෙහි ද?

إِرَمَ ذَاتِ ٱلۡعِمَادِ﴿٧

7(ඔවුන්) කුලුනුවලින් යුක්ත ඉරම් නගරවාසීන් ය.

ٱلَّتِي لَمۡ يُخۡلَقۡ مِثۡلُهَا فِي ٱلۡبِلَٰدِ﴿٨

8ඒවා මෙන් කිසිවක් (වෙනත්) දේශයන්හි නිර්මාණය කරනු නො ලැබී ය.

وَثَمُودَ ٱلَّذِينَ جَابُواْ ٱلصَّخۡرَ بِٱلۡوَادِ﴿٩

9නිම්නයන්හි ගල් පර්වත කැනූ සමූද් ජනයා සමඟත්;

وَفِرۡعَوۡنَ ذِي ٱلۡأَوۡتَادِ﴿١٠

10රිටි සහිත ෆිර්අවුන් සමඟත් (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැ? යි නුඹ නො දුටුවෙහි ද?)

ٱلَّذِينَ طَغَوۡاْ فِي ٱلۡبِلَٰدِ﴿١١

11ඔවුහු දේශයන්හි සීමාව ඉක්මවා කටයුතු කළෝ ය.

فَأَكۡثَرُواْ فِيهَا ٱلۡفَسَادَ﴿١٢

12ඔවුහු එහි කලහකම් අධික ලෙස සිදු කළෝ ය.

فَصَبَّ عَلَيۡهِمۡ رَبُّكَ سَوۡطَ عَذَابٍ﴿١٣

13එහෙයින් නුඹගේ පරමාධිපති ඔවුන් මත දඬුවමේ කසය හෙළුවේ ය.

إِنَّ رَبَّكَ لَبِٱلۡمِرۡصَادِ﴿١٤

14සැබැවින්ම නුඹගේ පරමාධිපති රැක බලා සිටින්නා ය.

فَأَمَّا ٱلۡإِنسَٰنُ إِذَا مَا ٱبۡتَلَىٰهُ رَبُّهُۥ فَأَكۡرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّيٓ أَكۡرَمَنِ﴿١٥

15එනමුත් මිනිසා වූ කලී, ඔහුගේ පරමාධිපති ඔහුව පරීක්ෂාවට ලක් කර, පසුව ඔහුට උපකාර කර ඔහුට දායාදයන් පිරිනැමූ කල්හි “මාගේ පරමාධිපති මට උපකාර කළේය” යැයි ඔහු පවසයි.

وَأَمَّآ إِذَا مَا ٱبۡتَلَىٰهُ فَقَدَرَ عَلَيۡهِ رِزۡقَهُۥ فَيَقُولُ رَبِّيٓ أَهَٰنَنِ﴿١٦

16තවද ඔහුව පරීක්ෂාවට ලක් කර පසුව ඔහුගේ ජීවන සම්පත් ඔහුට සීමා කළ කල්හි එවිට ඔහු “මාගේ පරමාධිපති මට අවමන් කළේය” යැයි පවසයි.

كَلَّاۖ بَل لَّا تُكۡرِمُونَ ٱلۡيَتِيمَ﴿١٧

17නොඑසේය, නුඹලා අනාථයාට උපකාර නො කරන්නෙහු ය.

وَلَا تَحَٰٓضُّونَ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ﴿١٨

18තවද නුඹලා දුගියාට ආහාර සැපයීමට දිරි නො ගන්වන්නෙහු ය.

وَتَأۡكُلُونَ ٱلتُّرَاثَ أَكۡلٗا لَّمّٗا﴿١٩

19තවද නුඹලා උරුමයන් (අයුතු ලෙස) මුළුමණින් ම අනුභව කරන්නෙහු ය.

وَتُحِبُّونَ ٱلۡمَالَ حُبّٗا جَمّٗا﴿٢٠

20එමෙන් ම අප්‍රමාණ ළැදියාවකින් ධනයට ඇලුම් කරන්නෙහු ය.

كَلَّآۖ إِذَا دُكَّتِ ٱلۡأَرۡضُ دَكّٗا دَكّٗا﴿٢١

21එසේ නො ව, මහපොළොව කැබලි කැබලි වශයෙන් සුනු විසුනු කරනු ලැබූ කල්හි,

وَجَآءَ رَبُّكَ وَٱلۡمَلَكُ صَفّٗا صَفّٗا﴿٢٢

22තවද මලක්වරු පෙළින් පෙළට (පෙළ ගැසී) සිටියදී නුඹගේ පරමාධිපති පැමිණෙන්නේ ය.

وَجِاْيٓءَ يَوۡمَئِذِۭ بِجَهَنَّمَۚ يَوۡمَئِذٖ يَتَذَكَّرُ ٱلۡإِنسَٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكۡرَىٰ﴿٢٣

23තවද එදින නිරය ගෙන එනු ලැබේ. එදින මිනිසා සිහිපත් කරයි. එම සිහිපත් කිරීම ඔහුට කෙසේ (නම් ඵලක්) වන්නේ ද?

يَقُولُ يَٰلَيۡتَنِي قَدَّمۡتُ لِحَيَاتِي﴿٢٤

24“අහෝ මම මාගේ ජීවිතය වෙනුවෙන් කල් ඇතිව (යහකම්) සිදු කරන්නට තිබුණා නො වේ” දැ? යි ඔහු පවසයි.

فَيَوۡمَئِذٖ لَّا يُعَذِّبُ عَذَابَهُۥٓ أَحَدٞ﴿٢٥

25එදින ඔහුගේ දඬුවම මෙන් කිසිවෙක් දඬුවම් නො කරයි.

وَلَا يُوثِقُ وَثَاقَهُۥٓ أَحَدٞ﴿٢٦

26තවද ඔහුගේ බැඳීම මෙන් කිසිවෙක් (අපරාධකරුවන් ව) බැඳ නො තබයි.

يَٰٓأَيَّتُهَا ٱلنَّفۡسُ ٱلۡمُطۡمَئِنَّةُ﴿٢٧

27“අහෝ සැනසුමට පත් ආත්මය!

ٱرۡجِعِيٓ إِلَىٰ رَبِّكِ رَاضِيَةٗ مَّرۡضِيَّةٗ﴿٢٨

28නුඹ තෘප්තියට පත් වන්නෙකු ලෙස ද තෘප්තියට ලක් වූ අයෙකු ලෙස ද නුඹගේ පරමාධිපති වෙත හැරී යනු.

فَٱدۡخُلِي فِي عِبَٰدِي﴿٢٩

29එවිට නුඹ මාගේ ගැත්තන් අතරට යනු.

وَٱدۡخُلِي جَنَّتِي﴿٣٠

30තවද මාගේ ස්වර්ගයට පිවිසෙනු.

RELATED SURAHS