الغاشية
The Overwhelming • 26 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1(විනාශය) ආවරණය කරන සිද්ධිය පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේ ද?
2එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත්ව අවමානයෙන් පවතී.
3වෙහෙසව හා විඩාවට පත්ව පවතී.
4ඇවිළෙන ගින්නට ඒවා පිවිස දැවෙනු ඇත.
5(ඔවුන්) උණු දිය උල්පතින් පොවනු ලබනු ඇත.
6ඔවුනට කටු සහිත ශාක මිස වෙනත් අහරක් නැත.
7එය (ඔවුන් ව) පුෂ්ටිමත් නො කරයි. තවද කුසගින්න (නිවන්න)ට උපාකර නො වෙයි.
8(ඇතැම්) මුහුණු සතුටින් පිරී පවතී.
9ඒවායෙහි ශ්‍රමයන් පිළිබඳව තෘප්තියට පත් ව,
10උසස් ස්වර්ග උයන්හි (පවතී.)
11එහි පුහු වදන් ශ්‍රවණය නො කරයි.
12එහි ගලා යන උල්පත් ඇත.
13එහි උස් නිදියහන් ද ඇත.
14(බීමට) තබන ලද ගුරුලේත්තු ද,
15වියන ලද කොට්ට ද,
16දිග හරින ලද බුමුතුරුණු ද ඇත.
17ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැ? යි ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නො වේ ද?
18අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැ? යි ද;
19කඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේ දැ? යි ද;
20මහපොළොව දෙස එය කෙසේ ව්‍යාප්ත කරනු ලැබුවේ දැ? යි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නො වේ ද?)
21එහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන් ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි.
22නුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නො වන්නෙහි ය.
23කවරෙකු පිටුපාමින් ප්‍රතික්ෂේප කළේ ද ඔහු කෙරෙහි පමණක් මිස.
24සැබැවින් ම අල්ලාහ් (පිටුපාමින් ප්‍රතික්ෂේප කළ) ඔහුට අතිමහත් දඬුවමකින් දඬුවම් කරන්නේ ය.
25සැබැවින් ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ය.
26පසුව සැබැවින් ම ඔවුන් (කළ ක්‍රියාවන්)ගේ ගණනය අප මත ය.