الأعلى
The Most High • 19 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1නුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු.
2ඔහු (සියල්ල) මවා නිසි ලෙස සකස් කළේ ය.
3තවද ඔහු(සියල්ල) නිර්ණය කර මඟ ද පෙන් වූයේ ය.
4තවද උලා කන තණ බිම් පිට කළේ ඔහු ය.
5පසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේ ය.
6අපි ඔබට (අල්කුර්ආනය) මතුවට කියවා පෙන්වන්නෙමු. එබැවින් නුඹ එය අමතක නො කරනු ඇත.
7අල්ලාහ් අභිමත ළ දෑ හැර (වෙනත් කිසිවක් අමතක නො කරනු ඇත.) සැබැවින්ම ඔහු ප්‍රකට දෑ ද සැඟවුණු දෑ ද දනී.
8තවද අපි පහසුව වෙත නුඹට පහසු කරවන්නෙමු.
9එබැවින් සිහිපත් කිරීම ප්‍රයෝජනවත් වේ නම් නුඹ උපදෙස් දෙනු.
10කවරෙකු (අල්ලාහ්ට) බිය වන්නේ ද ඔහු උපදෙස් ලබනු ඇත.
11තවද අභාග්‍යවන්තයා එයින් වැළකෙනු ඇත.
12ඔහු (නිරයේ) මහත් ගින්නට පිවිසෙයි.
13පසු ව ඔහු එහි මරණයට පත් නො වෙයි. ජීවත් ද නො වෙයි.
14සැබැවින් ම (උපදෙසින්) පිවිතුරු කර ගත් අය ජයග්‍රහණය කළේ ය.
15තවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් කර පසු ව සලාතය ද ඉටු කළේ ය.
16නමුත් නුඹලා මෙලොව ජීවිතය තෝරා ගන්නෙහු ය.
17(මෙලොව ජීවිතයට වඩා) මතු ලොව උතුම් ය. තවද සදා පවතින්නකි.
18සත්‍ය වශයෙන් ම මෙය පූර්ව ලේඛනයන්හි (සඳහන් ව) ඇත.
19ඉබ්රාහීම් හා මූසාගේ ලේඛනයන්හි.