الطارق
The Night Comer • 17 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1අහස මත ද තාරික් මත ද දිවුරමින්,
2තාරික් යනු කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
3(එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි.
4නිරීක්ෂකයකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත.
5මිනිසා තමන් මවනු ලැබුවේ කුමකින් දැ? යි සිතා බලත්වා!
6විදින ජලයෙන් ඔහු මවනු ලැබුවේ ය.
7කොඳු ඇට පෙළ හා පපු පෙදෙස අතරින් එය පිට වේ.
8සැබැවින්ම ඔහු නැවත ඔහු ව ගෙන්වා ගැනීමට ශක්තිවන්තයා ය.
9එදින රහස්‍ය දෑ හෙළි කරනු ලැබේ.
10එවිට කිසිදු බලයක් හෝ කිසිදු උදව් කරුවෙකු හෝ ඔහුට නොමැත.
11තවද (වර්ෂාව) නැවත නැවතත් ලබා දෙන ස්වභාවයෙන් යුත් අහස මත ද දිවුරමින්,
12පැළීම් ස්වභාවයෙන් යුත් මහපොළොව මත ද දිවුරමින්,
13සැබැවින් ම එය තීරණාත්මක වදනකි.
14තවද එය සරදමක් නො වේ.
15සැබැවින්ම ඔවුහු කුමන්ත්‍රණයක් සැලසුම් කරති.
16මම ද සැලසුමක් සැලසුම් කරමි.
17එබැවින් ප්‍රතික්ෂේපකයින්ට නුඹ අවකාශය දෙනු. තවද ඔවුනට ස්වල්ප කලකට අවකාශය දෙනු.