البروج
The Great Stars • 22 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1ග්‍රහ මණ්ඩල වලින් යුත් අහස මත දිවුරමින්,
2ප්‍රතිඥා දෙනු ලැබූ දිනය මත දිවුරමින්.
3සාක්ෂි දරන්නා හා සාක්ෂි දරනු ලබන දේ මත ද දිවුරමින්.
4අගල් වැසියෝ විනාශ කරනු ලැබුවෝ ය.
5(එය) ඉන්ධන වලින් යුක්ත ගින්නකි.
6ඔවුහු ඒ මත වාඩි වී සිටියෝ ය.
7දේවත්වය විශ්වාස කරන්නන්හට ඔවුන් කරමින් සිටි දෑ ඔවුහු නරඹමින් සිටියෝ ය.
8ප්‍රශංසාලාභී සර්ව බලපරාක්‍රම අල්ලාහ්ව ඔවුන් විශ්වාස කිරීම හේතුවෙන් මිස ඔවුහු ඔවුන්ගෙන් පළි නො ගත්තෝ ය.
9ඔහු වනාහි අහස් හා මහපොළොවෙහි ආධිපත්‍ය සතු අයෙකි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නා ය.
10නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කරන්නන් හා දේවත්වය විශ්වාස කරන්නියන්හට හිංසා කර, පසුව පශ්චාත්තාප නො වූවන් වන ඔවුනට නිරයේ දඬුවම ඇත. තවද ඔවුනට පිලිස්සෙන ගින්නෙහි දඬුවම ද ඇත.
11සැබැවින් ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එයයි අතිමහත් ජයග්‍රහණ ය.
12නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතිගේ ග්‍රහණය ඉතා දැඩි ය.
13(පූර්වාදර්ශයක් නොමැති ව) නිර්මාණය කරන්නේ ද යළි සකස් කරන්නේ ද ඔහු ම ය.
14තවද ඔහු අතික්ෂමාශීලී ය. මහත් දයාලු ය.
15කීර්තිමත් අර්ෂ්හි හිමිකරු ය.
16ඔහු සිතන දේ මැනවින් කරන්නා ය.
17(නබිවරය!) නුඹට සේනාවන්හි පුවත පැමිණියේ ද?
18ෆිර්අවුන් හා සමූද් (සේනාවන්ගේ)
19එහෙත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් බොරු කිරීමෙහි ය.
20තවද අල්ලාහ් ඔවුන්ගේ පසුපසින් වෙළාගන්නා ය.
21එහෙත් එය කීර්තිමත් කුර්ආනය වේ.
22ආරක්ෂිත ඵලකයෙහි.