Al-Inshiqaq

الانشقاق

The Splitting Open25 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

إِذَا ٱلسَّمَآءُ ٱنشَقَّتۡ﴿١

1අහස පැළී යන විට,

وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ﴿٢

2තවද එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.

وَإِذَا ٱلۡأَرۡضُ مُدَّتۡ﴿٣

3මහපොළොව සමතලා කරනු ලැබ,

وَأَلۡقَتۡ مَا فِيهَا وَتَخَلَّتۡ﴿٤

4එය එහි තුළ ඇති දෑ බැහැර කර හිස් වී,

وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ﴿٥

5එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.

يَٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدۡحٗا فَمُلَٰقِيهِ﴿٦

6අහෝ මිනිස! නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වෙත නුඹ දැඩි සේ ප්‍රයත්න දරන්නෙකි. එබැවින් නුඹ ඔහුව මුණගැසෙන්නෙහි ය.

فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ﴿٧

7තම වාර්තා පොත තමන්ගේ දකුණතට දෙනු ලැබූ අය වූ කලී,

فَسَوۡفَ يُحَاسَبُ حِسَابٗا يَسِيرٗا﴿٨

8ඔහු පහසු විමසුමකින් මතු විමසනු ලබනු ඇත.

وَيَنقَلِبُ إِلَىٰٓ أَهۡلِهِۦ مَسۡرُورٗا﴿٩

9තවද ඔහු තම ජනයා වෙත ප්‍රීතියට පත්ව හැරී යනු ඇත.

وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ وَرَآءَ ظَهۡرِهِۦ﴿١٠

10තවද තම වාර්තා පොත තම පසුපසින් දෙනු ලැබූ අය වූ කලී,

فَسَوۡفَ يَدۡعُواْ ثُبُورٗا﴿١١

11ඔහු විනාශය පතනු ඇත.

وَيَصۡلَىٰ سَعِيرًا﴿١٢

12තවද ඔහු (නිරයේ) ඇවිළෙන ගින්නට පිවිසෙනු ඇත.

إِنَّهُۥ كَانَ فِيٓ أَهۡلِهِۦ مَسۡرُورًا﴿١٣

13නියත වශයෙන් ම ඔහු තම පවුලෙහි ප්‍රීතියට පත් වූවෙකු ලෙස සිටියේ ය.

إِنَّهُۥ ظَنَّ أَن لَّن يَحُورَ﴿١٤

14නියත වශයෙන් ම ඔහු (මරණයෙන් පසු) කිසිවිටෙක ආපසු නො පැමිණෙන්නේ මය යැයි සිතුවේ ය.

بَلَىٰٓۚ إِنَّ رَبَّهُۥ كَانَ بِهِۦ بَصِيرٗا﴿١٥

15එසේ නො ව, සැබැවින් ම ඔහුගේ පරමාධිපති ඔහු පිළිබඳව නිරීක්ෂකයෙකු ලෙස සිටියේ ය.

فَلَآ أُقۡسِمُ بِٱلشَّفَقِ﴿١٦

16තවද ගොම්මන මත ද මම දිවුරමි.

وَٱلَّيۡلِ وَمَا وَسَقَ﴿١٧

17රාත්‍රිය හා එය වැලඳ ගත් දෑ මත ද,

وَٱلۡقَمَرِ إِذَا ٱتَّسَقَ﴿١٨

18චන්ද්‍රයා පූර්ණත්වයට පත් වන විට ඒ මත ද (මම දිවුරමි.)

لَتَرۡكَبُنَّ طَبَقًا عَن طَبَقٖ﴿١٩

19සැබැවින් ම පියවරෙන් පියවර නුඹලා (ඉදිරියට) ගමන් කරන්නෙහු ම ය.

فَمَا لَهُمۡ لَا يُؤۡمِنُونَ﴿٢٠

20එහෙයින් ඔවුහු විශ්වාස නො කර සිටීමට ඔවුනට කුමක් සිදු වී ද?

وَإِذَا قُرِئَ عَلَيۡهِمُ ٱلۡقُرۡءَانُ لَا يَسۡجُدُونَۤ۩﴿٢١

21තවද ඔවුනට අල්කුර්ආනය පාරායනය කරනු ලැබූ විට ඔවුහු (අල්ලාහ්ට සිරස නමා) සුජූද් නො කරති.

بَلِ ٱلَّذِينَ كَفَرُواْ يُكَذِّبُونَ﴿٢٢

22එහෙත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් එය බොරු යැයි පවසන්නෝ ය.

وَٱللَّهُ أَعۡلَمُ بِمَا يُوعُونَ﴿٢٣

23තවද ඔවුන් සඟවන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නා ය.

فَبَشِّرۡهُم بِعَذَابٍ أَلِيمٍ﴿٢٤

24එහෙයින් වේදනීය දඬුවමක් පිළිබඳ නුඹ ඔවුනට ශුභාරංචි පවසනු.

إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونِۭ﴿٢٥

25එහෙත් විශ්වාස කොට දැහැමි දෑ කළවුන් හැර; ඔවුනට අඛණ්ඩ ප්‍රතිඵල ඇත.

RELATED SURAHS