المطففين
The Defrauders • 36 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1කිරුම් මිනුම්වල වංචා කරන්නන්හට විනාශයම ය.
2ඔවුන් වනාහි මිනිසුන්ගෙන් කිරා ගන්නා විට සම්පූර්ණයෙන් ම කිරා ගනිති.
3කිරා දෙන විට හෝ මැන දෙන විට අඩු කර දෙති.
4නියත වශයෙන් ම තමන් නැගිටුවනු ලබන්නන් බව ඔවුහු නො සිතන්නෝ ද?
5මහත් වූ දිනයක් සඳහා.
6එදින මිනිස්සු සකල ලෝකයේ පරමාධිපති ඉදිරියේ නැගී සිටිනු ඇත.
7නොඑසේ ය. නියත වශයෙන් ම අපරාධකරුවන්ගේ ලේඛනය සිජ්ජීන්හි ඇත්තේ ය.
8(නබිවරය!) සිජ්ජීන් යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?
9(එය) ලියන ලද වාර්තා පොතකි.
10බොරු කරන්නන්හට එදින විනාශය ය.
11මොවුන් වනාහි විනිශ්චය දිනය බොරු කරති.
12සීමාව ඉක්මවා ගිය සෑම පාපතරයකුම මිස වෙනත් කිසිවෙක් එය බොරු නො කරනු ඇත.
13අපගේ වදන් ඔහු වෙත පාරායනා කරනු ලබන විට (මෙය) පැරැණ්නන්ගේ ප්‍රබන්ධයන් යැයි ඔහු පවසයි.
14නොඑසේ ය. එහෙත් ඔවුන් උපයමින් සිටි දෑ (මඟින්) ඔවුන්ගේ හදවත් මත මල බැඳී ඇත.
15නොඑසේ ය. නියත වශයෙන් ම ඔවුහු එදින ඔවුන්ගේ පරමාධිපතිගෙන් තිර දම(මින් වෙන් කර)නු ලබන්නෝ ය.
16තවද නියත වශයෙන් ම ඔවුහු නිරයෙහි පිවිසෙන්නෝ වෙති.
17ඉන් පසුව “නුඹලා බොරු කරමින් සිටි දෑ මෙය වේ” යැයි කියනු ලැබේ.
18නොඑසේ ය. නියත වශයෙන් ම දැහැමියන්ගේ ලේඛනය ඉල්ලීයියීන්හිම ය.
19තවද ඉල්ලීයියීන් යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?
20(එය) ලියන ලද වාර්තා පොතකි.
21(දේව) සමීපතයෝ එයට සාක්ෂි දරති.
22නියත වශයෙන් ම දැහැමියෝ සැප පහසුකම්හි සිටිති.
23කවිච්චි මතට වී (සිරි) නරඹමින් සිටිති.
24(ඔවුනට ලැබුණු) සැප පහසුකම්හි සිරියාව නුඹ ඔවුන්ගේ මුහුණු තුළින් දැන ගනු ඇත.
25මුද්‍රා කරන ලද අමෘතයෙන් ඔවුහු පොවනු ලබති.
26එහි මුද්‍රාව කස්තූරි ය. එහෙයින් තරඟ වදින්නට අපේක්ෂා කරන්නන් ඒ තුළ තරඟ වදිත්වා.
27තවද එහි මිශ්‍රණය තස්නීමයෙනි.
28එය දේව සමීපතයින් එයින් පානය කරන උල්පතකි.
29නියත වශයෙන් ම අපරාධ කළ අය විශ්වාස කළවුන් පිළිබඳව සිනහසෙමින් සිටියෝ ය.
30තවද ඔවුන් පසු කරමින් ගිය විට ඔවුහු එකිනෙකා අතර ඇස් කොණින් ඉඟි කොට සමච්චල් කර ගත්තෝ ය.
31තවද ඔවුහු ඔවුන්ගේ ජනයා වෙත හැරී ගිය විට (ඒ ගෙන) සතුටු වන්නන් ලෙස හැරී ගියෝ ය.
32තවද ඔවුහු ඔවුන්ව දුටු විට “සැබැවින් ම මොවුන් නොමග ගියවුන්මය” යැයි පවසති.
33තවද ඔවුන් මත ආරක්ෂකයින් ලෙස මොවුහු එවනු නො ලැබුවෝ ය.
34එහෙයින් අද දින විශ්වාස කළවුන් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් දෙස බලා සිනාසෙති.
35සුව පහසු කවිච්චි මත වී සිරි නරඹති.
36ප්‍රතික්ෂේපකයෝ තමන් කරමින් සිටි දෑ සඳහා ප්‍රතිවිපාක දෙනු ලැබුවෝ ද?