Al-Infitar

الانفطار

The Cleaving19 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

إِذَا ٱلسَّمَآءُ ٱنفَطَرَتۡ﴿١

1අහස පිපිරී වෙන්ව ගිය විට,

وَإِذَا ٱلۡكَوَاكِبُ ٱنتَثَرَتۡ﴿٢

2තවද තාරුකා වැටී විසිරී ගිය විට,

وَإِذَا ٱلۡبِحَارُ فُجِّرَتۡ﴿٣

3තවද සමුද්‍රයන් පුපුරා යන විට,

وَإِذَا ٱلۡقُبُورُ بُعۡثِرَتۡ﴿٤

4තවද මිනී වළවල් (ඒ තුළ තැන්පත් කර ඇති මළ මිනී) පෙරළා දමනු ලබන විට,

عَلِمَتۡ نَفۡسٞ مَّا قَدَّمَتۡ وَأَخَّرَتۡ﴿٥

5සෑම ආත්මයක් ම තමන් ඉදිරිපත් කළ හා පසුවට ඉතිරි කළ දෑ දැන ගනු ඇත.

يَٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلۡكَرِيمِ﴿٦

6අහෝ මිනිස! ගෞරවනීය නුඹගේ පරමාධිපති පිළිබඳව නුඹව මුළා කළේ කුමක් ද?

ٱلَّذِي خَلَقَكَ فَسَوَّىٰكَ فَعَدَلَكَ﴿٧

7ඔහු නුඹව මවා පසුව නුඹව සකසා පසුව නුඹව සමානුපාතික කළේ ය.

فِيٓ أَيِّ صُورَةٖ مَّا شَآءَ رَكَّبَكَ﴿٨

8කවර රූපයකින් නුඹ ව හැඩ ගැස්වීමට ඔහු අභිමත කළේ ද ඒ අයුරින් (නුඹව මැව්වේ ය.)

كَلَّا بَلۡ تُكَذِّبُونَ بِٱلدِّينِ﴿٩

9නොඑසේය, නමුත් නුඹලා විනිශ්චය පිළිබඳ බොරු කරන්නෙහු ය.

وَإِنَّ عَلَيۡكُمۡ لَحَٰفِظِينَ﴿١٠

10නියත වශයෙන්ම නුඹලා මත (මලාඉකාවරුන් වන) ආරක්ෂකයින් සිටිති.

كِرَامٗا كَٰتِبِينَ﴿١١

11(ඔවුහු) ගෞරවනීය ලේඛකයෝ වෙති.

يَعۡلَمُونَ مَا تَفۡعَلُونَ﴿١٢

12ඔවුහු නුඹලා කරන දෑ පිළිබඳ දන්නෝ ය.

إِنَّ ٱلۡأَبۡرَارَ لَفِي نَعِيمٖ﴿١٣

13නියත වශයෙන් ම දැහැමියන් සුව සැපයෙහි ය.

وَإِنَّ ٱلۡفُجَّارَ لَفِي جَحِيمٖ﴿١٤

14තවද නියත වශයෙන් ම අධර්මිෂ්ඨයින් නිරයෙහි ය.

يَصۡلَوۡنَهَا يَوۡمَ ٱلدِّينِ﴿١٥

15විනිශ්චය දිනයේ ඔවුහු එහි පිවිසෙනු ඇත.

وَمَا هُمۡ عَنۡهَا بِغَآئِبِينَ﴿١٦

16තවද ඔවුහු (නොපැමිණ) එයින් සැඟ වී සිටින්නන් නො වෙති.

وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ﴿١٧

17විනිශ්ච දිනය කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?

ثُمَّ مَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ﴿١٨

18පසුව ද විනිශ්ච දිනය කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?

يَوۡمَ لَا تَمۡلِكُ نَفۡسٞ لِّنَفۡسٖ شَيۡـٔٗاۖ وَٱلۡأَمۡرُ يَوۡمَئِذٖ لِّلَّهِ﴿١٩

19එදින ආත්මයක් තවත් ආත්මයකට කිසිවකින් බලය නො දරනු ඇත. එදින සියලු කරුණු අල්ලාහ් සතු ය.

RELATED SURAHS