الزلزلة
The Earthquake • 8 ayahs • Medinan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1මහපොළොව බලවත් කම්පනයෙන් කම්පනය කරනු ලැබූ විට,
2මහපොළොව එහි ඇති බර බැහැර කළ විට,
3තවද එයට කුමක් වී ඇත් දැ? යි මිනිසා පවසයි.
4එදින එය එහි තොරතුරු පිළිබඳ දන්වා සිටියි.
5සැබැවින් ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට,
6එදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි.
7එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී.
8කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී.