Al-'Adiyat

العاديات

The Chargers11 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

وَٱلۡعَٰدِيَٰتِ ضَبۡحٗا﴿١

1හති දමමින් වේගයෙන් දිව යන්නන් මත දිවුරමින්,

فَٱلۡمُورِيَٰتِ قَدۡحٗا﴿٢

2කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන්නන් මත ද,

فَٱلۡمُغِيرَٰتِ صُبۡحٗا﴿٣

3තවද අලුයමෙහි ආක්‍රමණය කරන්නන් මත ද (දිවුරමින්.)

فَأَثَرۡنَ بِهِۦ نَقۡعٗا﴿٤

4එවිට එමඟින් උන් දූවිලි නංවති.

فَوَسَطۡنَ بِهِۦ جَمۡعًا﴿٥

5කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති.

إِنَّ ٱلۡإِنسَٰنَ لِرَبِّهِۦ لَكَنُودٞ﴿٦

6නියත වශයෙන් ම මිනිසා තම පරමාධිපතිට ගුණමකු ය.

وَإِنَّهُۥ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٞ﴿٧

7තවද ඇත්තෙන් ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ.

وَإِنَّهُۥ لِحُبِّ ٱلۡخَيۡرِ لَشَدِيدٌ﴿٨

8තවද ඇත්තෙන් ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ.

۞ أَفَلَا يَعۡلَمُ إِذَا بُعۡثِرَ مَا فِي ٱلۡقُبُورِ﴿٩

9එහෙත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නො දන්නේ ද?

وَحُصِّلَ مَا فِي ٱلصُّدُورِ﴿١٠

10තවද හදවත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන වග (ඔහු නො දන්නේ) ද?

إِنَّ رَبَّهُم بِهِمۡ يَوۡمَئِذٖ لَّخَبِيرُۢ﴿١١

11නියත වශයෙන් ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳව අභිඥානවන්ත ය.

RELATED SURAHS