Al-Qari'ah

القارعة

The Striking Calamity11 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

ٱلۡقَارِعَةُ﴿١

1කම්පනය ඇති කරන සිදු වීම.

مَا ٱلۡقَارِعَةُ﴿٢

2කම්පනය ඇති කරන සිදු වීම කුමක් ද?

وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡقَارِعَةُ﴿٣

3කම්පනය ඇති කරන සිදු වීම කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

يَوۡمَ يَكُونُ ٱلنَّاسُ كَٱلۡفَرَاشِ ٱلۡمَبۡثُوثِ﴿٤

4එදින මිනිසා විසිරී යන මේරුන් මෙන් වනු ඇත.

وَتَكُونُ ٱلۡجِبَالُ كَٱلۡعِهۡنِ ٱلۡمَنفُوشِ﴿٥

5තවද කඳු පීරනු ලැබූ ලොම් මෙන් වනු ඇත.

فَأَمَّا مَن ثَقُلَتۡ مَوَٰزِينُهُۥ﴿٦

6තම (යහකම්හි) තුලාව බරින් වැඩි වූ අය නම්,

فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ﴿٧

7ඔහු තෘප්තිමත් ජීවිතයෙහි පසු වෙයි.

وَأَمَّا مَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ﴿٨

8තවද තම (යහකම්හි) තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්,

فَأُمُّهُۥ هَاوِيَةٞ﴿٩

9ඔහුගේ වාසස්ථානය හාවියා වේ.

وَمَآ أَدۡرَىٰكَ مَا هِيَهۡ﴿١٠

10තවද එය කුමක් දැ? යි ඔබව දැනුවත් කළේ කුමක් ද?

نَارٌ حَامِيَةُۢ﴿١١

11(එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි.

RELATED SURAHS