At-Takathur

التكاثر

The Rivalry in Worldly Increase8 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

أَلۡهَىٰكُمُ ٱلتَّكَاثُرُ﴿١

1තරඟ වදිමින් (වස්තුව) අධික ලෙස රැස් කිරීම (අල්ලාහ්ව සිහිපත් කිරීමෙන්) නුඹලාව වෙනතකට යොමු කර ඇත.

حَتَّىٰ زُرۡتُمُ ٱلۡمَقَابِرَ﴿٢

2නුඹලා මිනීවළවල් හමු වන තුරු,

كَلَّا سَوۡفَ تَعۡلَمُونَ﴿٣

3එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත.

ثُمَّ كَلَّا سَوۡفَ تَعۡلَمُونَ﴿٤

4යළි එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත.

كَلَّا لَوۡ تَعۡلَمُونَ عِلۡمَ ٱلۡيَقِينِ﴿٥

5එසේ නොව නුඹලා තිරසාර දැනුමින් දැන ගන්නෙහු නම්,

لَتَرَوُنَّ ٱلۡجَحِيمَ﴿٦

6නුඹලා සැබැවින්ම නිරය දකිනු ඇත.

ثُمَّ لَتَرَوُنَّهَا عَيۡنَ ٱلۡيَقِينِ﴿٧

7පසුව නුඹලා එය තිරසාර ලෙස දකිනු ඇත.

ثُمَّ لَتُسۡـَٔلُنَّ يَوۡمَئِذٍ عَنِ ٱلنَّعِيمِ﴿٨

8තවද එදින නුඹලා (භුක්ති වින්දා වූ) සැප සම්පත් පිළිබඳව විමසනු ලබනු ඇත.

RELATED SURAHS