At-Takwir

التكوير

The Overthrowing29 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

إِذَا ٱلشَّمۡسُ كُوِّرَتۡ﴿١

1හිරු හකුළනු ලබන විට;

وَإِذَا ٱلنُّجُومُ ٱنكَدَرَتۡ﴿٢

2තවද තරු කඩා හැලෙන විට;

وَإِذَا ٱلۡجِبَالُ سُيِّرَتۡ﴿٣

3තවද කඳු විතැන් කරනු ලබන විට;

وَإِذَا ٱلۡعِشَارُ عُطِّلَتۡ﴿٤

4තවද ගැබ්බර ඔටු දෙනුන් අතහැර දමනු ලබන විට;

وَإِذَا ٱلۡوُحُوشُ حُشِرَتۡ﴿٥

5තවද වන සතුන් රැස් කරනු ලබන විට;

وَإِذَا ٱلۡبِحَارُ سُجِّرَتۡ﴿٦

6තවද මුහුදු ගිනිබත් කරනු ලබන විට;

وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتۡ﴿٧

7තවද ආත්මාවෝ (එයට සමාන ආත්මාවන් සමඟ) සම්බන්ධ කරනු ලබන විට;

وَإِذَا ٱلۡمَوۡءُۥدَةُ سُئِلَتۡ﴿٨

8තවද පණ පිටින් වළලනු ලැබූ ගැහැණු දරුවෝ විමසනු ලබන විට;

بِأَيِّ ذَنۢبٖ قُتِلَتۡ﴿٩

9තමන් කුමන පාපයක් නිසා ඝාතනය කරනු ලැබුවෝ දැ? යි (විමසනු ලබන විට;)

وَإِذَا ٱلصُّحُفُ نُشِرَتۡ﴿١٠

10තවද (හොඳ නරක ලියවුණු) ලේඛන දිග හරිනු ලබන විට;

وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتۡ﴿١١

11තවද අහස නිරාවරණය කරනු ලබන විට;

وَإِذَا ٱلۡجَحِيمُ سُعِّرَتۡ﴿١٢

12තවද නිරය මොලවනු ලබන විට;

وَإِذَا ٱلۡجَنَّةُ أُزۡلِفَتۡ﴿١٣

13තවද ස්වර්ගය සමීප කරවනු ලබන විට;

عَلِمَتۡ نَفۡسٞ مَّآ أَحۡضَرَتۡ﴿١٤

14ආත්මය තමන් ඉදිරිපත් කර ඇති දෑ කුමක් දැ? යි දැන ගනු ඇත.

فَلَآ أُقۡسِمُ بِٱلۡخُنَّسِ﴿١٥

15එබැවින් මුළුමණින් ම සැඟවී පවතින ග්‍රහතාරකාව මත මම දිවුරමි.

ٱلۡجَوَارِ ٱلۡكُنَّسِ﴿١٦

16(එය) පෙනී නොපෙනී ගමන් කරන්නකි.

وَٱلَّيۡلِ إِذَا عَسۡعَسَ﴿١٧

17රාත්‍රිය එය ගෙවී යන විට ඒ මත දිවුරමින්,

وَٱلصُّبۡحِ إِذَا تَنَفَّسَ﴿١٨

18පෙරවරුව එය උදා වී පවතින විට ඒ මත දිවුරමින්.

إِنَّهُۥ لَقَوۡلُ رَسُولٖ كَرِيمٖ﴿١٩

19නියත වශයෙන් ම මෙය ගෞරවනීය දූතයකුගේ වදන වේ.

ذِي قُوَّةٍ عِندَ ذِي ٱلۡعَرۡشِ مَكِينٖ﴿٢٠

20(ඔහු) බලවත් අයෙකි. අර්ෂ්හි හිමිකරු අබියස නිලයක් ඇත්තෙකි.

مُّطَاعٖ ثَمَّ أَمِينٖ﴿٢١

21තවද (මලක්වරුන් විසින්) යටහත් වනු ලබන්නෙකි. එහි විශ්වාසවන්ත අයෙකි.

وَمَا صَاحِبُكُم بِمَجۡنُونٖ﴿٢٢

22තවද (ජනයිනි) නුඹලාගේ සගයා (මුහම්මද්) උන්මත්තකයකු නො වේ.

وَلَقَدۡ رَءَاهُ بِٱلۡأُفُقِ ٱلۡمُبِينِ﴿٢٣

23තවද සැබැවින් ම ඔහු ඔහු ව පැහැදිලි ක්‍ෂිතිජයෙහි දුටුවේ ය.

وَمَا هُوَ عَلَى ٱلۡغَيۡبِ بِضَنِينٖ﴿٢٤

24තවද ඔහු (ගුප්ත දෑ) සඟවන මසුරකු නො වේ.

وَمَا هُوَ بِقَوۡلِ شَيۡطَٰنٖ رَّجِيمٖ﴿٢٥

25තවද එය පලවා හරින ලද ෂෙයිතාන්ගේ වදනක් නො වේ.

فَأَيۡنَ تَذۡهَبُونَ﴿٢٦

26එබැවින් නුඹලා යන්නේ කොයිබට ද?

إِنۡ هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ﴿٢٧

27එය ලෝවැසියනට මෙනෙහි කිරීමක් මිස නැත.

لِمَن شَآءَ مِنكُمۡ أَن يَسۡتَقِيمَ﴿٢٨

28නුඹලා අතරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද එවැනි අයට ය.

وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ﴿٢٩

29තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස, නුඹලා අභිමත නො කරන්නෙහු ය.

RELATED SURAHS