'Abasa

عبس

He Frowned42 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

عَبَسَ وَتَوَلَّىٰٓ﴿١

1ඔහු මුහුණ හකුළා හැරුනේ ය.

أَن جَآءَهُ ٱلۡأَعۡمَىٰ﴿٢

2(එසේ සිදු කළේ) අන්ධයකු තමන් වෙත පැමිණීම හේතු කොටගෙන (ය.)

وَمَا يُدۡرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ﴿٣

3ඔහු පිවිතුරු වනු ඇතැයි නුඹව දැනුවත් කරනුයේ කුමක් ද?

أَوۡ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكۡرَىٰٓ﴿٤

4එසේ නැතහොත් ඔහු (නුඹේ උපදෙස්) මෙනෙහි කර එම මෙනෙහි කිරීම ඔහුට සෙතක් වනු ඇතැයි (නුඹව දැනුවත් කරනුයේ කුමක් ද?)

أَمَّا مَنِ ٱسۡتَغۡنَىٰ﴿٥

5(යහමග පිළිබඳ) අවශ්‍යතාව නොමැති අය වූ කලී,

فَأَنتَ لَهُۥ تَصَدَّىٰ﴿٦

6නුඹ ඔහු වෙතට අවධානය යොමු කරන්නෙහි ය.

وَمَا عَلَيۡكَ أَلَّا يَزَّكَّىٰ﴿٧

7තවද ඔහු පිවිතුරු නොවීම ගැන ඔබ කෙරෙහි දොසක් නොමැත.

وَأَمَّا مَن جَآءَكَ يَسۡعَىٰ﴿٨

8"තවද ඔබ වෙත කැපවීමෙන් පැමිණි අය පිළිබඳ වූ කලී"

وَهُوَ يَخۡشَىٰ﴿٩

9"ඔහු බිය බැතිමත් වන අයකු ලෙස"

فَأَنتَ عَنۡهُ تَلَهَّىٰ﴿١٠

10නුඹ ඔහු පිළිබඳ නො සලකා හැරියෙහි ය.

كَلَّآ إِنَّهَا تَذۡكِرَةٞ﴿١١

11එසේ නොව සැබැවින් ම එය උපදෙසකි.

فَمَن شَآءَ ذَكَرَهُۥ﴿١٢

12එහෙයින් කවරෙක් (සුමග යන්නට) අභිමත කළේද ඔහු එය මෙනෙහි කරත්වා!

فِي صُحُفٖ مُّكَرَّمَةٖ﴿١٣

13(මෙම උපදෙස) ගෞරවනීය පුස්තකයෙහි ය.

مَّرۡفُوعَةٖ مُّطَهَّرَةِۭ﴿١٤

14පවිත්‍ර වූ උසස් (පුස්තකයෙහි ය.)

بِأَيۡدِي سَفَرَةٖ﴿١٥

15(මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.)

كِرَامِۭ بَرَرَةٖ﴿١٦

16ගෞරවාන්විත, පිවිතුරු දැහැමි (මලක්වරුන්ගේ අත්වලින් ලියන ලද්දකි.)

قُتِلَ ٱلۡإِنسَٰنُ مَآ أَكۡفَرَهُۥ﴿١٧

17මිනිසාට ශාපය අත් වේවා! ඔහුව ප්‍රතික්ෂේපකයකු බවට පත් කළේ කුමක් ද?

مِنۡ أَيِّ شَيۡءٍ خَلَقَهُۥ﴿١٨

18කුමන දෙයකින් ඔහුව ඔහු (අල්ලාහ්) මැව්වේ ද?

مِن نُّطۡفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ﴿١٩

19ඔහු ඔහුව ශුක්‍රාණු බිඳුවකින් මවා පසුව ඔහුව ප්‍රමාණවත් ලෙස සැකසුවේ ය.

ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ﴿٢٠

20අනතුරුව ඔහුට මාර්ගය පහසු කළේ ය.

ثُمَّ أَمَاتَهُۥ فَأَقۡبَرَهُۥ﴿٢١

21පසුව ඔහු ඔහුව මරණයට පත් කළේ ය. ඉන් පසුව ඔහු ඔහුව වළ දැමුවේ ය.

ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ﴿٢٢

22පසුව ඔහු අභිමත කළ විට ඔහු ඔහුව නැගිටුවන්නේ ය.

كَلَّا لَمَّا يَقۡضِ مَآ أَمَرَهُۥ﴿٢٣

23එහෙත් ඔහු ඔහුට අණ කළ දෑ ඔහු ඉටු නො කළේ ය.

فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ إِلَىٰ طَعَامِهِۦٓ﴿٢٤

24එබැවින් මිනිසා ඔහුගේ ආහාරය දෙස බලත්වා!

أَنَّا صَبَبۡنَا ٱلۡمَآءَ صَبّٗا﴿٢٥

25සැබැවින් ම අපි (වර්ෂා) ජලය අධික වශයෙන් හැළුවෙමු.

ثُمَّ شَقَقۡنَا ٱلۡأَرۡضَ شَقّٗا﴿٢٦

26පසුව අපි පොළොව පැල්මක් වශයෙන් පැළුවෙමු.

فَأَنۢبَتۡنَا فِيهَا حَبّٗا﴿٢٧

27එහි බීජ ද අපි හට ගැන්වූයෙමු.

وَعِنَبٗا وَقَضۡبٗا﴿٢٨

28මිදි හා එළවළු ද

وَزَيۡتُونٗا وَنَخۡلٗا﴿٢٩

29ඔලිව් හා රටඉඳි ද

وَحَدَآئِقَ غُلۡبٗا﴿٣٠

30ඝණ උයන් ද

وَفَٰكِهَةٗ وَأَبّٗا﴿٣١

31පලතුරු හා උදුපියලිය ද (අපි හටගැන්වූයෙමු.)

مَّتَٰعٗا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ﴿٣٢

32(මේ සියල්ල) නුඹලාටත් නුඹලාගේ ගොවිපළ සතුන්ටත් භුක්ති විඳීමක් වශයෙනි.

فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ﴿٣٣

33එබැවින් මහා හඬ පැමිණි විට,

يَوۡمَ يَفِرُّ ٱلۡمَرۡءُ مِنۡ أَخِيهِ﴿٣٤

34එදින මිනිසා ඔහුගේ සහෝදරයාගෙන් ද පලා යනු ඇත.

وَأُمِّهِۦ وَأَبِيهِ﴿٣٥

35තවද ඔහුගේ මවගෙන් හා ඔහුගේ පියාගෙන් ද;

وَصَٰحِبَتِهِۦ وَبَنِيهِ﴿٣٦

36තවද ඔහුගේ භාර්යාවගෙන් හා ඔහුගේ දරුවන්ගෙන් ද (පලා යනු ඇත.)

لِكُلِّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ يَوۡمَئِذٖ شَأۡنٞ يُغۡنِيهِ﴿٣٧

37එදින ඔවුන් අතරින් සෑම මිනිසෙකුට ම ඔහුව නිරත කර වන කරුණු ඇත.

وُجُوهٞ يَوۡمَئِذٖ مُّسۡفِرَةٞ﴿٣٨

38එදින (ඇතැම්) මුහුණු පැහැපත් ව පවතී.

ضَاحِكَةٞ مُّسۡتَبۡشِرَةٞ﴿٣٩

39සිනහ මුසු ව ප්‍රීතියෙන් (පවතී.)

وَوُجُوهٞ يَوۡمَئِذٍ عَلَيۡهَا غَبَرَةٞ﴿٤٠

40තවද (ඇතැම්) මුහුණු එදින ඒවා මත දූවිලි පවතී.

تَرۡهَقُهَا قَتَرَةٌ﴿٤١

41අඳුර ඒවා වසා ගනු ඇත.

أُوْلَٰٓئِكَ هُمُ ٱلۡكَفَرَةُ ٱلۡفَجَرَةُ﴿٤٢

42ඔවුහු මය ප්‍රතික්ෂේප කළ දුෂ්ටයෝ.

RELATED SURAHS