Al-Layl

الليل

The Night21 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

وَٱلَّيۡلِ إِذَا يَغۡشَىٰ﴿١

1රාත්‍රිය ආවරණය වන විට ඒ මත දිවුරමින්,

وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ﴿٢

2දහවල (දීප්තිය) හෙළි වන විට ඒ මත දිවුරමින්,

وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰٓ﴿٣

3පිරිමියා හා ගැහැනිය මැවූ ඔහු මත ද දිවුරමින්,

إِنَّ سَعۡيَكُمۡ لَشَتَّىٰ﴿٤

4නියත වශයෙන්ම නුඹලාගේ උත්සාහයන් විවිධ ය.

فَأَمَّا مَنۡ أَعۡطَىٰ وَٱتَّقَىٰ﴿٥

5එහෙයින් කවරෙකු පරිත්‍යාග කර, බිය බැතිමත් වී,

وَصَدَّقَ بِٱلۡحُسۡنَىٰ﴿٦

6යහපත් දෑ සත්‍ය කළ කෙනෙකු වූ කලී;

فَسَنُيَسِّرُهُۥ لِلۡيُسۡرَىٰ﴿٧

7අපි ඔහුට පහසුව වෙත පහසුකම් සලසන්නෙමු.

وَأَمَّا مَنۢ بَخِلَ وَٱسۡتَغۡنَىٰ﴿٨

8තවද මසුරු වී, තමන් අවශ්‍යතාවන්ගෙන් තොර යැයි සිතා,

وَكَذَّبَ بِٱلۡحُسۡنَىٰ﴿٩

9යහපත් දේ අසත්‍යය කළ කෙනෙකු වූ කලී;

فَسَنُيَسِّرُهُۥ لِلۡعُسۡرَىٰ﴿١٠

10අපි ඔහුට දුෂ්කරතාව වෙත පහසුකම් සලසන්නෙමු.

وَمَا يُغۡنِي عَنۡهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ﴿١١

11තවද ඔහු (නිරයට) ඇද වැටුණු විට ඔහුගේ ධනය ඔහුට ප්‍රයෝජනය ගෙන දෙන්නේ නැත.

إِنَّ عَلَيۡنَا لَلۡهُدَىٰ﴿١٢

12නියත වශයෙන්ම යහමඟ ඇත්තේ අප වෙත ය.

وَإِنَّ لَنَا لَلۡأٓخِرَةَ وَٱلۡأُولَىٰ﴿١٣

13තවද නියත වශයෙන්ම එලොව හා මෙලොව අප සතුව ය.

فَأَنذَرۡتُكُمۡ نَارٗا تَلَظَّىٰ﴿١٤

14එහෙයින් මම නුඹලාට ඇවිළෙන ගින්න පිළිබඳ ව අනතුරු අඟවමි.

لَا يَصۡلَىٰهَآ إِلَّا ٱلۡأَشۡقَى﴿١٥

15අභාග්‍යවන්තයා හැර වෙන කිසිවෙක් එහි පිවිස දැවෙන්නේ නැත.

ٱلَّذِي كَذَّبَ وَتَوَلَّىٰ﴿١٦

16ඔහු වනාහි බොරු කරමින් පිටුපෑවේ ය.

وَسَيُجَنَّبُهَا ٱلۡأَتۡقَى﴿١٧

17තවද බිය බැතිමත් අයව සැබැවින්ම අපි මතු මුදවා ගන්නෙමු.

ٱلَّذِي يُؤۡتِي مَالَهُۥ يَتَزَكَّىٰ﴿١٨

18ඔහු වනාහි තම ධනය පිරිනමා පිවිතුරු වූ අයෙකි.

وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعۡمَةٖ تُجۡزَىٰٓ﴿١٩

19කිසිවකුට හෝ ප්‍රතිලාභ වශයෙන් පිරිනැමෙන කිසිදු සම්පතක් ඔහු සතුව නැත.

إِلَّا ٱبۡتِغَآءَ وَجۡهِ رَبِّهِ ٱلۡأَعۡلَىٰ﴿٢٠

20උත්තරීතර තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් මිස.

وَلَسَوۡفَ يَرۡضَىٰ﴿٢١

21තවද ඔහු මතු තෘප්තියට පත් වනු ඇත.

RELATED SURAHS