الماعون
The Small Kindnesses • 7 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද?
2එනම් ඔහු කවරෙක්ද යත් අනාථයාව පලවා හරියි.
3තවද දුප්පතාගේ ආහාරය (ලබා දීම) පිළිබඳව දිරි නො ගන්වයි.
4එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා!
5ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳව සැලකිල්ලක් දක්වන්නෝ නො වූවෝ ය.
6අන් අයට ප්‍රදර්ශනය කරන්නෝ වූවෝ ය.
7නො වටිනා අල්ප වස්තූන් (පිරි නැමීම) පවා වළක්වන්නෝ වූවෝ ය.