الضحى
The Morning Hours • 11 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1පෙරවරු ව මත දිවුරමින්,
2තවද රාත්‍රිය (දහවල) ආවරණය කරන විට, ඒ මත දිවුරමින්,
3නුඹගේ පරමාධිපති නුඹව අතහැර දැමුවේ නැත. එමෙන් ම ඔහු අමනාප වූයේ ද නැත.
4සැබැවින්ම, ආරම්භයට වඩා අවසානය නුඹට වඩාත් යහපත් ය.
5තවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට පත් වනු ඇත.
6ඔහු නුඹව අනාථයෙකු ලෙස දැක නුඹට රැකවරණය නො දුන්නේ ද?
7තවද නුඹව අතරමං වූවෙකු ලෙස දැක පසුව ඔහු මඟ පෙන්වූයේ ය.
8තවද ඔහු නුඹව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දැක පසුව ඔහු ස්වයංපෝෂිත කළේ ය.
9එහෙයින් අනාථයාට කටුක ලෙස නො සළකනු.
10තවද අයදින්නා ව පලවා නො හරිනු.
11තවද නුඹගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන නුඹ ප්‍රකාශ කරනු.