الفلق
The Daybreak • 5 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1(නබිවරය!) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
2ඔහු මැවූ දෑහි හානියෙන් ද,
3තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද,
4තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද,
5ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.)