Al-Humazah

الهمزة

The Gossipmonger9 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

وَيۡلٞ لِّكُلِّ هُمَزَةٖ لُّمَزَةٍ﴿١

1දොස් නගමින් නින්දා බස් කියන, අපහාස කරමින් කේළාම් කියන සෑම කෙනෙකුට ම විනාශය අත් වේවා!

ٱلَّذِي جَمَعَ مَالٗا وَعَدَّدَهُۥ﴿٢

2ඔහු ධනය රැස් කොට එය ගණන් කරමින් සිටි අයෙකි.

يَحۡسَبُ أَنَّ مَالَهُۥٓ أَخۡلَدَهُۥ﴿٣

3නියත වශයෙන් ම ඔහුගේ ධනය ඔහුව සදාකල් ජීවත් කරවනු ඇතැ යි ඔහු සිතනු ඇත.

كَلَّاۖ لَيُنۢبَذَنَّ فِي ٱلۡحُطَمَةِ﴿٤

4එසේ නොව සැබැවින් ම ඔහු හුතමාවෙහි හෙළනු ලබයි.

وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحُطَمَةُ﴿٥

5හුතමාව යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?

نَارُ ٱللَّهِ ٱلۡمُوقَدَةُ﴿٦

6එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්න ය.

ٱلَّتِي تَطَّلِعُ عَلَى ٱلۡأَفۡـِٔدَةِ﴿٧

7එය හදවත් වෙත ළඟා වෙයි.

إِنَّهَا عَلَيۡهِم مُّؤۡصَدَةٞ﴿٨

8සැබැවින්ම එය ඔවුන් වට කර ගන්නකි.

فِي عَمَدٖ مُّمَدَّدَةِۭ﴿٩

9උස් කුලුනු තුළ (හිරකර).

RELATED SURAHS