Al-Qalam

القلم

The Pen52 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

نٓۚ وَٱلۡقَلَمِ وَمَا يَسۡطُرُونَ﴿١

1නූන්,[1] පෑන හා ඔවුන් ලියන දෑ මත දිවුරමින්,

مَآ أَنتَ بِنِعۡمَةِ رَبِّكَ بِمَجۡنُونٖ﴿٢

2නුඹේ පරමාධිපතිගේ පිහිටෙන් නුඹ උන්මත්තකයකු නො වේ.

وَإِنَّ لَكَ لَأَجۡرًا غَيۡرَ مَمۡنُونٖ﴿٣

3තවද සැබැවින් ම නුඹට නිමක් නොමැති ප්‍රතිඵලයක් ඇත.

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٖ﴿٤

4තවද නියත වශයෙන් ම නුඹ අතිඋතුම් ගතිගුණ මත සිටින්නෙහි ය.

فَسَتُبۡصِرُ وَيُبۡصِرُونَ﴿٥

5නුඹ මතු දකිනු ඇත. තවද ඔවුහු ද මතු දකිනු ඇත.

بِأَييِّكُمُ ٱلۡمَفۡتُونُ﴿٦

6නුඹලා අතරින් කවරෙකු උමතුවෙන් පෙළෙන්නේ දැ? යි (මතු දකිනු ඇත).

إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ﴿٧

7නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු ඔහුගේ මාර්ගයෙන් මූළා වී ගිය අය පිළිබඳ මැනවින් දන්නා ය. තවද යහමග ලද්දවුන් පිළිබඳව ද මැනවින් දන්නා ය.

فَلَا تُطِعِ ٱلۡمُكَذِّبِينَ﴿٨

8එහෙයින් නුඹ බොරු කළවුනට අවනත නො වනු.

وَدُّواْ لَوۡ تُدۡهِنُ فَيُدۡهِنُونَ﴿٩

9නුඹ නම්‍යශීලී වන්නෙහු නම් එවිට ඔවුහු ද නම්‍යශීලි වන්නට කැමති වෙති.

وَلَا تُطِعۡ كُلَّ حَلَّافٖ مَّهِينٍ﴿١٠

10තවද අධික වශයෙන් දිවුරා සිටින නීච සෑම කෙනෙකුට ම නුඹ අවනත නො වනු.

هَمَّازٖ مَّشَّآءِۭ بِنَمِيمٖ﴿١١

11ඔහු දොස් නගන්නෙකි. කේලාම් කියමින් සැරිසරන්නෙකි.

مَّنَّاعٖ لِّلۡخَيۡرِ مُعۡتَدٍ أَثِيمٍ﴿١٢

12යහපත වළක්වන්නෙකි. සීමාව ඉක්මවා කටයුතු කරන්නෙකි. පාපිෂ්ඨයෙකි.

عُتُلِّۭ بَعۡدَ ذَٰلِكَ زَنِيمٍ﴿١٣

13හිතුවක්කාරයෙකි. ඊටත් වඩා ඔහු අවජාතකයෙකි.

أَن كَانَ ذَا مَالٖ وَبَنِينَ﴿١٤

14ඔහු වස්තුව හා දරුවන් සතුව සිටි කෙනෙකු වූ බැවින්;

إِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ﴿١٥

15ඔහු වෙත අපගේ වදන් පරායනය කරනු ලැබූ විට “මෙය පැරැන්නන්ගේ ප්‍රබන්ධ වේ" යැයි කියයි.

سَنَسِمُهُۥ عَلَى ٱلۡخُرۡطُومِ﴿١٦

16නාසය මත අපි ඔහුට සලකුණු තබන්නෙමු.

إِنَّا بَلَوۡنَٰهُمۡ كَمَا بَلَوۡنَآ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ إِذۡ أَقۡسَمُواْ لَيَصۡرِمُنَّهَا مُصۡبِحِينَ﴿١٧

17උයන් වැසියන් අපි පරීක්ෂාවට ලක් කළාක් මෙන් ම නියත වශයෙන් ම අපි (මක්කාවාසීන් වන) මොවුන්ව ද පරීක්ෂාවට ලක් කළෙමු. තමන් උදෑසනම එය (අස්වැනු) නෙළන්නට සපත කර ගත්තෝ ය.

وَلَا يَسۡتَثۡنُونَ﴿١٨

18තවද අල්ලාහ් අභිමත කළේ නම් (එනම් ඉන්ශා අල්ලාහ්) යැයි ඔවුන් පැවැසුවේ නැත.

فَطَافَ عَلَيۡهَا طَآئِفٞ مِّن رَّبِّكَ وَهُمۡ نَآئِمُونَ﴿١٩

19ඔවුන් නිදමින් සිටිය දී නුඹගේ පරමාධිපතිගෙන් වූ වැටලීමක් එය වටලා ගත්තේ ය.

فَأَصۡبَحَتۡ كَٱلصَّرِيمِ﴿٢٠

20එවිට එය (ගිනිබත් වී) අඳුරු රාත්‍රියක් මෙන් විය.

فَتَنَادَوۡاْ مُصۡبِحِينَ﴿٢١

21ඔවුහු උදෑසන එකිනෙකා අමතන්නන් වූවෝ ය.

أَنِ ٱغۡدُواْ عَلَىٰ حَرۡثِكُمۡ إِن كُنتُمۡ صَٰرِمِينَ﴿٢٢

22නුඹලා නෙළන්නන් වූයෙහු නම් නුඹලාගේ ගොවි බිමට උදෑසන යා යුතු යැයි (අමතන්නන් වූවෝ ය.)

فَٱنطَلَقُواْ وَهُمۡ يَتَخَٰفَتُونَ﴿٢٣

23(ඔවුන්) එකිනෙකාට කොඳුරමින් ගමන් ගත්තෝ ය.

أَن لَّا يَدۡخُلَنَّهَا ٱلۡيَوۡمَ عَلَيۡكُم مِّسۡكِينٞ﴿٢٤

24එවිට අද දින නුඹලා වෙත කිසිදු දිළිඳෙකු එයට ඇතුළු නො විය යුතු යැයි (ඔවුන් කොඳුරමින් ගමන් ගත්තෝ ය).

وَغَدَوۡاْ عَلَىٰ حَرۡدٖ قَٰدِرِينَ﴿٢٥

25තවද (කිසිවකුට නො දී වැළකීමට) හැකියාව ඇත්තන් ලෙසින් ඔවුහු උදෑසන පිටත් වූවෝ ය.

فَلَمَّا رَأَوۡهَا قَالُوٓاْ إِنَّا لَضَآلُّونَ﴿٢٦

26එවිට ඔවුහු එය දුටු කල්හි නියත වශයෙන් ම අපි මුළා වූවෝ වෙමු යැයි පැවසුවෝ ය.

بَلۡ نَحۡنُ مَحۡرُومُونَ﴿٢٧

27එසේ නොව අපි අහිමි කරනු ලැබූවෝ වෙමු.

قَالَ أَوۡسَطُهُمۡ أَلَمۡ أَقُل لَّكُمۡ لَوۡلَا تُسَبِّحُونَ﴿٢٨

28නුඹලා (අල්ලාහ්ට) සුවිශුද්ධ කළ යුතු නො වේ දැ? යි මම නුඹලාට නො කීවෙමි දැ? යි ඔවුන් අතරින් මධ්‍යස්ථ අයෙකු කීවේ ය.

قَالُواْ سُبۡحَٰنَ رَبِّنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ﴿٢٩

29“අපගේ පරමාධිපති සුවිශුද්ධ ය. නියත වශයෙන් ම අපි අපරාධකරුවන් වූයෙමු” යැයි ඔවුහු පැවසුවෝ ය.

فَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَلَٰوَمُونَ﴿٣٠

30එවිට ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට දොස් නගමින් ඉදිරියට ආවෝ ය.

قَالُواْ يَٰوَيۡلَنَآ إِنَّا كُنَّا طَٰغِينَ﴿٣١

31“අහෝ අපගේ විනාශය! නියත වශයෙන් ම අපි සීමාව ඉක්මවා යන්නන් වූයෙමු” යැයි ඔවුහු පැවසුවෝ ය.

عَسَىٰ رَبُّنَآ أَن يُبۡدِلَنَا خَيۡرٗا مِّنۡهَآ إِنَّآ إِلَىٰ رَبِّنَا رَٰغِبُونَ﴿٣٢

32“මීට වඩා යහපත් දෙයක් අපගේ පරමාධිපති අපට පෙරළා දෙන්නට පුළුවන. නියත වශයෙන් අපි අපගේ පරමාධිපති වෙත බලාපොරොත්තු තබන්නන් වෙමු.” (යැයි ඔවුහු පැවසුවෝ ය.)

كَذَٰلِكَ ٱلۡعَذَابُۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ﴿٣٣

33එලෙසය (අපගේ) දඬුවම. තවද මතු ලොවෙහි දඬුවම අතිබිහිසුණු ය. ඒ ගැන ඔවුහු දැන සිටියාහු නම්.

إِنَّ لِلۡمُتَّقِينَ عِندَ رَبِّهِمۡ جَنَّٰتِ ٱلنَّعِيمِ﴿٣٤

34නියත වශයෙන් ම බිය බැතිමතුන්ට සැප පහසුකම් සහිත ස්වර්ග උයන් ඔවුන්ගේ පරමාධිපති අබියස ඇත.

أَفَنَجۡعَلُ ٱلۡمُسۡلِمِينَ كَٱلۡمُجۡرِمِينَ﴿٣٥

35එහෙයින් අවනත වූවන් වැරදිකරුවන් මෙන් අපි පත් කරන්නෙමු ද?

مَا لَكُمۡ كَيۡفَ تَحۡكُمُونَ﴿٣٦

36නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද?

أَمۡ لَكُمۡ كِتَٰبٞ فِيهِ تَدۡرُسُونَ﴿٣٧

37නුඹලා හදාරන පුස්තකයක් නුඹලාට එහි තිබේ ද?

إِنَّ لَكُمۡ فِيهِ لَمَا تَخَيَّرُونَ﴿٣٨

38නුඹලා තෝරා ගන්නා දෑ එහි නුඹලාට තිබේ (ද?).

أَمۡ لَكُمۡ أَيۡمَٰنٌ عَلَيۡنَا بَٰلِغَةٌ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ إِنَّ لَكُمۡ لَمَا تَحۡكُمُونَ﴿٣٩

39එසේ නැතහොත් නුඹලා තීන්දු කරන දෑ නියත වශයෙන් ම නුඹලාට සතු යැයි පවසන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් පවතින ගිවිසුමක් අප වෙතින් නුඹලාට තිබේ ද?

سَلۡهُمۡ أَيُّهُم بِذَٰلِكَ زَعِيمٌ﴿٤٠

40මෙයට වගකිව යුත්තේ කවරෙකු දැ? යි (නබිවරය!) නුඹ ඔවුන්ගෙන් විමසනු.

أَمۡ لَهُمۡ شُرَكَآءُ فَلۡيَأۡتُواْ بِشُرَكَآئِهِمۡ إِن كَانُواْ صَٰدِقِينَ﴿٤١

41එසේ නොමැති නම් ඔවුනට හවුල්කරුවන් සිටිත් ද? එසේ නම් ඔවුහු සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් ඔවුන්ගේ එම හවුල්කරුවන් ඔවුන් ගෙනෙත්වා!

يَوۡمَ يُكۡشَفُ عَن سَاقٖ وَيُدۡعَوۡنَ إِلَى ٱلسُّجُودِ فَلَا يَسۡتَطِيعُونَ﴿٤٢

42එදින කෙණ්ඩයෙන් නිරාවරණය කරනු ලැබේ. තවද සුජූද් කිරීම සඳහා ඇරයුම් කරනු ලැබේ. එවිට ඔවුහු (ඒ සඳහා) හැකියාව නො දරති.

خَٰشِعَةً أَبۡصَٰرُهُمۡ تَرۡهَقُهُمۡ ذِلَّةٞۖ وَقَدۡ كَانُواْ يُدۡعَوۡنَ إِلَى ٱلسُّجُودِ وَهُمۡ سَٰلِمُونَ﴿٤٣

43ඔවුන්ගේ බැල්ම පහත හෙළී පවතී. නින්දාව ඔවුන් වෙළා ගනී. ඔවුන් (මෙලොව) නිරෝගිව සිටිය දී සුජූද් කිරීම සඳහා ඇරයුම් කරනු ලබන්නන් වූවෝ ය. (නමුත් ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝ ය.)

فَذَرۡنِي وَمَن يُكَذِّبُ بِهَٰذَا ٱلۡحَدِيثِۖ سَنَسۡتَدۡرِجُهُم مِّنۡ حَيۡثُ لَا يَعۡلَمُونَ﴿٤٤

44එහෙයින් නුඹ මා හා මෙම ප්‍රකාශය බොරු කළවුන් අතහැර දමනු. ඔවුන් නොදන්නා පරිදි පියවරෙන් පියවර අපි ඔවුන් හසු කර ගන්නෙමු.

وَأُمۡلِي لَهُمۡۚ إِنَّ كَيۡدِي مَتِينٌ﴿٤٥

45තවද මම ඔවුනට කාල අවකාශය දෙමි. නියත වශයෙන් ම මාගේ උපාය තිරසාර ය.

أَمۡ تَسۡـَٔلُهُمۡ أَجۡرٗا فَهُم مِّن مَّغۡرَمٖ مُّثۡقَلُونَ﴿٤٦

46එසේ නැතහොත් ඔවුන්ගෙන් නුඹ යම් කුලියක් ඉල්ලා ඒ හේතුවෙන් ඔවුන් ණය බරින් පෙළෙන්නන් වෙත් ද?

أَمۡ عِندَهُمُ ٱلۡغَيۡبُ فَهُمۡ يَكۡتُبُونَ﴿٤٧

47එසේ නැතහොත් ඔවුන් වෙත ගුප්ත ඥානය තිබී ඔවුහු එය ලියන්නෝ ද?

فَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ ٱلۡحُوتِ إِذۡ نَادَىٰ وَهُوَ مَكۡظُومٞ﴿٤٨

48එහෙයින් (නබිවරය!) නුඹගේ පරමාධිපතිගේ තීන්දුවට නුඹ ඉවසීමෙන් සිටිනු. තවද නුඹ මත්සයා හා සම්බන්ධ පුද්ගලයා මෙන් නො වනු. ඔහු ශෝකයට පත් කරනු ලැබූවෙකු ලෙසින් (තම පරමාධිපති) ඇමතූ අවස්ථාව සිහියට නගනු.

لَّوۡلَآ أَن تَدَٰرَكَهُۥ نِعۡمَةٞ مِّن رَّبِّهِۦ لَنُبِذَ بِٱلۡعَرَآءِ وَهُوَ مَذۡمُومٞ﴿٤٩

49ඔහුගේ පරමාධිපතිගේ පිහිට ඔහුට නො ලැබුනේ නම් ඔහු අවමානයට ලක් කරනු ලැබූ තත්ත්වයේ නිසරු වෙරළට විසි කරනු ලබන්නට තිබුණි.

فَٱجۡتَبَٰهُ رَبُّهُۥ فَجَعَلَهُۥ مِنَ ٱلصَّٰلِحِينَ﴿٥٠

50එහෙත් ඔහුගේ පරමාධිපති ඔහුව තෝරා ගත්තේ ය. තවද ඔහුව දැහැමියන් අතරට පත් කළේ ය.

وَإِن يَكَادُ ٱلَّذِينَ كَفَرُواْ لَيُزۡلِقُونَكَ بِأَبۡصَٰرِهِمۡ لَمَّا سَمِعُواْ ٱلذِّكۡرَ وَيَقُولُونَ إِنَّهُۥ لَمَجۡنُونٞ﴿٥١

51තවද ප්‍රතික්ෂේප කළවුන් අනුශාසනාවට සවන් දුන් කල්හි ඔවුන්ගේ බැල්මෙන් ඔවුහු නුඹව ලිස්සා වට්ටන්නට තැත් කරති. “නියත වශයෙන් ම ඔහු උම්මත්තකයකු යැ”යි ඔවුහු පවසති.

وَمَا هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ﴿٥٢

52එහෙත් මෙය ලෝවැසියන්ට උපදෙසක් මිස නැත.

RELATED SURAHS