التين
The Fig • 8 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1අත්තික්කා හා ඔලිව් මත දිවුරමින්,
2සිනායි කන්ද මත ද දිවුරමින්,
3අභයදායී මෙම නගරය මත ද දිවුරමින්,
4සැබැවින්ම අපි මිනිසා ව ඉතා අලංකාර හැඩයකින් මැව්වෙමු.
5පසු ව පහත්වූවන්ගෙන් වඩා පහත් වු අයෙකු බවට අපි පත් කළෙමු.
6විශ්වාස කොට යහකම් කළවුන් හැර. ඔවුනට අවසන් නො වන ප්‍රතිඵල ඇත.
7ඉන් පසු ව විනිශ්චය බොරු යැයි නුඹට පැවසුවේ කුමක් ද?
8විනිශ්චකරුවන්ගෙන් මහා විනිශ්චයකරු අල්ලාහ් නො වේ ද?