العلق
The Clot • 19 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
2ඔහු මිනිසා ලේ කැටියෙන් මැව්වේ ය.
3නුඹ කියවනු. නුඹේ පරමාධිපති අති ගෞරවනීය ය.
4ඔහු පන්හිඳෙන් (ලිවීමට) ඉගැන්වී ය.
5මිනිසාට ඔහු නොදැන සිටි දෑ ඔහු ඉගැන්වී ය.
6නොඑසේය, නියත වශයෙන්ම මිනිසා සීමාව ඉක්මවා යන්නේ ය.
7තමන් ස්වාධීන යැයි ඔහු සිතන්නේ ය.
8නියත වශයෙන් ම නැවත හැරී යාම නුඹගේ පරමාධිපති වෙත ය.
9වළක්වන අය ව නුඹ දුටුවෙහිද?
10ගැත්තා සලාතය ඉටු කරන විට (ඔහුව වළක්වන අය නුඹ දුටුවෙහිද?)
11ඔහු යහමඟෙහි සිටන වග නුඹ දුටුවෙහි ද?
12නැතහොත් බිය බැතිමත්භාවය පිළිබඳ අණ කර සිටින වග (නුඹ දුටුවෙහි ද?)
13තවද ඔහු (සත්‍යය) බොරු කර පිටුපාන වග නුඹ දුටුවෙහි ද?
14නියත වශයෙන් ම අල්ලාහ් දකියි යැයි ඔහු නොදැන සිටියේ ද?
15නොඑසේය. ඔහු එයින් නොවැළකුණේ නම් අපි ඉදිරි නළල් කෙස් රොදින් (ඔහු ව) ඇදගෙන එන්නෙමු.
16එනම් වැරදි කරමින් ද බොරුකරමින් ද සිටි (ඔහුගේ) නළල් කෙස් රොදිනි.
17එබැවින් ඔහු ඔහුගේ කැඳවුම් කරුවන් කැඳවත්වා!
18මතුවට අපි ද අපගේ (නිරයේ භාරකාර මලක්වරුන් වන) zසබානියාවරුන් කැඳවන්නෙමු.
19නොඑසේ ය. නුඹ ඔහුට අවනත නොවනු. නුඹගේ (පරමාධිපතිට) සජදා කරනු. තවද ඔහුට සමීප වනු.