An-Naba

النبأ

The Tidings40 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

عَمَّ يَتَسَآءَلُونَ﴿١

1(නබිවරය!) කුමක් පිළිබඳව ද ඔවුන් තමන් අතර විමසා සිටිනුයේ.

عَنِ ٱلنَّبَإِ ٱلۡعَظِيمِ﴿٢

2මහඟු වූ ආරංචිය පිළිබඳව ය.

ٱلَّذِي هُمۡ فِيهِ مُخۡتَلِفُونَ﴿٣

3එය ඔවුන් භේද බින්න වී සිටි දෑ ය.

كَلَّا سَيَعۡلَمُونَ﴿٤

4නොඑසේ ය. ඔවුහු මතු දැන ගනු ඇත.

ثُمَّ كَلَّا سَيَعۡلَمُونَ﴿٥

5යළි නොඑසේ ය. ඔවුහු මතු දැන ගනු ඇත.

أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ مِهَٰدٗا﴿٦

6අපි මහපොළොව තොටිල්ලක් ලෙස පත් නො කළෙමු ද?

وَٱلۡجِبَالَ أَوۡتَادٗا﴿٧

7තවද කඳු, කූඤ්ඤ ලෙස ද (පත් නො කළෙමු ද?)

وَخَلَقۡنَٰكُمۡ أَزۡوَٰجٗا﴿٨

8තවද අපි නුඹලාව (ස්ත්‍රී පුරුෂ ලෙස) යුගල වශයෙන් මැව්වෙමු.

وَجَعَلۡنَا نَوۡمَكُمۡ سُبَاتٗا﴿٩

9තවද අපි නුඹලාගේ නින්ද විවේකයක් බවට පත් කළෙමු.

وَجَعَلۡنَا ٱلَّيۡلَ لِبَاسٗا﴿١٠

10තවද අපි රාත්‍රිය ආවරණයක් බවට පත් කළෙමු.

وَجَعَلۡنَا ٱلنَّهَارَ مَعَاشٗا﴿١١

11තවද අපි දහවල ජීවනෝපාය (සලසා ගන්නක්) බවට පත් කළෙමු.

وَبَنَيۡنَا فَوۡقَكُمۡ سَبۡعٗا شِدَادٗا﴿١٢

12තවද අපි නුඹලාට ඉහළින් ශක්තිමත් (අහස්) හතක් ඉදි කළෙමු.

وَجَعَلۡنَا سِرَاجٗا وَهَّاجٗا﴿١٣

13තවද අපි දීප්තියෙන් දැල්වෙන පහනක් බවට (සූර්යයා) පත් කළෙමු.

وَأَنزَلۡنَا مِنَ ٱلۡمُعۡصِرَٰتِ مَآءٗ ثَجَّاجٗا﴿١٤

14තවද අපි මේඝ වලාවන්ගෙන් (වැසි) ජලය අධික ලෙස පහළ කළෙමු.

لِّنُخۡرِجَ بِهِۦ حَبّٗا وَنَبَاتٗا﴿١٥

15එමගින් ධාන්‍ය (වර්ග) හා වෘක්ෂලතා ද හට ගනු පිණිස.

وَجَنَّٰتٍ أَلۡفَافًا﴿١٦

16තුරු පතරින් ගහන (සරුසාර) උයන් ද (හට ගනු පිණිස.)

إِنَّ يَوۡمَ ٱلۡفَصۡلِ كَانَ مِيقَٰتٗا﴿١٧

17නියත වශයෙන් ම තීරණාත්මක දිනයට (අදාළ) කාලය නියම වී ඇත.

يَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِ فَتَأۡتُونَ أَفۡوَاجٗا﴿١٨

18සූර් (හොරණෑව) පිඹිනු ලබන දිනයේ දී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත.

وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتۡ أَبۡوَٰبٗا﴿١٩

19තවද අහස විවෘත කරනු ලැබ එය දොරටු බවට පත් වනු ඇත.

وَسُيِّرَتِ ٱلۡجِبَالُ فَكَانَتۡ سَرَابًا﴿٢٠

20කඳු (තිබූ තැන්වලින්) විතැන් කරනු ලැබ එය මිරිඟුවක් වනු ඇත.

إِنَّ جَهَنَّمَ كَانَتۡ مِرۡصَادٗا﴿٢١

21නියත වශයෙන් ම නිරය රැක බලා සිටින ස්ථානයක් විය.

لِّلطَّٰغِينَ مَـَٔابٗا﴿٢٢

22(එය) සීමාව ඉක්මවා යන්නවුන් සඳහා නවාතැනක් වශයෙනි.

لَّٰبِثِينَ فِيهَآ أَحۡقَابٗا﴿٢٣

23එහි ඔවුහු යුග ගණනාවක්ම වෙසෙන්නන් වෙති.

لَّا يَذُوقُونَ فِيهَا بَرۡدٗا وَلَا شَرَابًا﴿٢٤

24ඔවුහු එහි සිසිල හෝ පානය හෝ රස නො විඳිති.

إِلَّا حَمِيمٗا وَغَسَّاقٗا﴿٢٥

25එහෙත් නටන උණු දිය සහ සැරව මිස.

جَزَآءٗ وِفَاقًا﴿٢٦

26එය සුදුසු ප්‍රතිඵලයක් වශයෙනි.

إِنَّهُمۡ كَانُواْ لَا يَرۡجُونَ حِسَابٗا﴿٢٧

27නියත වශයෙන් ම ඔවුහු විනිශ්චය අපේක්ෂා නො කරමින් සිටියෝ ය.

وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا كِذَّابٗا﴿٢٨

28තවද ඔවුහු අපගේ වදන් දැඩි ලෙස බොරු යැයි පවසමින් ප්‍රතික්ෂේප කළෝ ය.

وَكُلَّ شَيۡءٍ أَحۡصَيۡنَٰهُ كِتَٰبٗا﴿٢٩

29තවද අපි සෑම දෙයක් ම ලිඛිතව ලේඛණයෙහි සටහන් කර ඇත්තෙමු.

فَذُوقُواْ فَلَن نَّزِيدَكُمۡ إِلَّا عَذَابًا﴿٣٠

30“එබැවින් නුඹලා රස විඳිනු. එවිට කිසිවිටෙක දඬුවම මිස අන් කිසිවක් අපි නුඹලාට වැඩි නො කරන්නෙමු.”

إِنَّ لِلۡمُتَّقِينَ مَفَازًا﴿٣١

31නියත වශයෙන් ම බිය බැතිමතුන්ට ජයග්‍රහණය ඇත.

حَدَآئِقَ وَأَعۡنَٰبٗا﴿٣٢

32වතු හා මිදි ද (ඇත.)

وَكَوَاعِبَ أَتۡرَابٗا﴿٣٣

33තවද පියයුරු නෙරා ගිය සම වයසේ කන්‍යාවන් ද (සිටිති).

وَكَأۡسٗا دِهَاقٗا﴿٣٤

34(පානවලින්) පිරුණු කුසලාන ද (ඇත.)

لَّا يَسۡمَعُونَ فِيهَا لَغۡوٗا وَلَا كِذَّٰبٗا﴿٣٥

35නිෂ්ඵල කතා බහක් හෝ (ඔවුනොවුන් අතර) කිසිදු බොරු කිරීමක් හෝ එහි ඔවුහු ශ්‍රවණය නො කරති.

جَزَآءٗ مِّن رَّبِّكَ عَطَآءً حِسَابٗا﴿٣٦

36(එය) නුඹගේ පරමාධිපතිගෙන් වූ නිර්ණය කරන ලද දායාදයක ප්‍රතිඵලයකි.

رَّبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا ٱلرَّحۡمَٰنِۖ لَا يَمۡلِكُونَ مِنۡهُ خِطَابٗا﴿٣٧

37(එය) අහස්හි ද මහපොළොවෙහි ද ඒ දෙක අතර පවතින දෑහි ද පරමාධිපතියාණන් වන අපරිමිත දයාන්විතයාණන්ගෙනි. (ඔහු ඉදිරියේ) කතා කිරීමට ඔවුනට බලය නොමැත.

يَوۡمَ يَقُومُ ٱلرُّوحُ وَٱلۡمَلَٰٓئِكَةُ صَفّٗاۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنۡ أَذِنَ لَهُ ٱلرَّحۡمَٰنُ وَقَالَ صَوَابٗا﴿٣٨

38එදින රූහ් (ජිබ්රීල්) හා මලක් (දේවදූත)වරුන් පෙළ ගැසී නැගිට සිටිති. අපරිමිත දයාන්විතයා අනුමැතිය දුන් කෙනෙකු හා සත්‍ය දෑ කතා කරන්නෙකු මිස (අන් කිසිවෙක්) කතා නො කරයි.

ذَٰلِكَ ٱلۡيَوۡمُ ٱلۡحَقُّۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا﴿٣٩

39මෙය මය සත්‍යය වූ දින ය. එබැවින් යමෙක් අභිමත කරන්නේද ඔහු තම පරමාධිපති වෙත ආපසු යන මාර්ගය තෝරා ගනිත්වා!

إِنَّآ أَنذَرۡنَٰكُمۡ عَذَابٗا قَرِيبٗا يَوۡمَ يَنظُرُ ٱلۡمَرۡءُ مَا قَدَّمَتۡ يَدَاهُ وَيَقُولُ ٱلۡكَافِرُ يَٰلَيۡتَنِي كُنتُ تُرَٰبَۢا﴿٤٠

40නියත වශයෙන් ම සමීපයෙන් පවතින දඬුවම පිළිබඳව අපි නුඹලාට අවවාද කළෙමු. එදින මිනිසා තම දෙඅත් ඉදිරිපත් කළ දෑ දැක ගනී. තවද ප්‍රතික්ෂේප කරන්නා, “අහෝ මා පස් බවට පත් විය යුතු නො වෙමි දැ”යි පවසයි.

RELATED SURAHS