Al-Mursalat

المرسلات

Those Sent Forth50 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

وَٱلۡمُرۡسَلَٰتِ عُرۡفٗا﴿١

1අඛණ්ඩව එවනු ලබන සුළං මත දිවුරමින්,

فَٱلۡعَٰصِفَٰتِ عَصۡفٗا﴿٢

2දැඩි ලෙස හමන සැඩ සුළං මත දිවුරමින්,

وَٱلنَّٰشِرَٰتِ نَشۡرٗا﴿٣

3(වලාවන්) විසිරුවා හරින සුළං මත දිවුරමින්

فَٱلۡفَٰرِقَٰتِ فَرۡقٗا﴿٤

4වෙන් වෙන්ව වෙන් කරන අය මත දිවුරමින්,

فَٱلۡمُلۡقِيَٰتِ ذِكۡرًا﴿٥

5මෙනෙහි කිරීමක් වශයෙන් (හදවතට) හෙළන අය මත දිවුරමින්,

عُذۡرًا أَوۡ نُذۡرًا﴿٦

6(එම මෙනෙහි කිරීම) සමාවක් වශයෙන් නැතහොත් අවවාදයක් වශයෙන් හෝ පවතී.

إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٞ﴿٧

7නියත වශයෙන් ම නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සිදු වන්නකි.

فَإِذَا ٱلنُّجُومُ طُمِسَتۡ﴿٨

8තරු එහි ආලෝකය මකා දමනු ලබන විට,

وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتۡ﴿٩

9තවද අහස පුපුරා හරිනු ලබන විට,

وَإِذَا ٱلۡجِبَالُ نُسِفَتۡ﴿١٠

10කඳු දූවිලි බවට පත් කරනු ලබන විට,

وَإِذَا ٱلرُّسُلُ أُقِّتَتۡ﴿١١

11තවද ධර්ම දූතවරුන් එක් රැස් කරනු ලබන විට,

لِأَيِّ يَوۡمٍ أُجِّلَتۡ﴿١٢

12කවර දිනයක් සඳහා මෙය කල් දමනු ලද්දේ ද?

لِيَوۡمِ ٱلۡفَصۡلِ﴿١٣

13(එය) විනිශ්චය දිනය සඳහා ය.

وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلۡفَصۡلِ﴿١٤

14විනිශ්චය දිනය යනු කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ﴿١٥

15බොරු කළවුනට එදින විනාශයයි.

أَلَمۡ نُهۡلِكِ ٱلۡأَوَّلِينَ﴿١٦

16මුල සිටියවුන් අපි විනාශ නො කළෙමු ද?

ثُمَّ نُتۡبِعُهُمُ ٱلۡأٓخِرِينَ﴿١٧

17පසුව අපි ඔවුන් සමඟ පසු පැමිණියවුන් ද අනුගමනය කළෙමු.

كَذَٰلِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِينَ﴿١٨

18අපරාධකරුවන්ට අපි සිදු කරනුයේ එලෙස ය.

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ﴿١٩

19බොරු කළවුනට එදින විනාශයයි.

أَلَمۡ نَخۡلُقكُّم مِّن مَّآءٖ مَّهِينٖ﴿٢٠

20ඉතා පහත් වූ ද්රාවණයකින් අප නුඹලා නො මැව්වෙමු ද?

فَجَعَلۡنَٰهُ فِي قَرَارٖ مَّكِينٍ﴿٢١

21එවිට ආරක්ෂිත ස්ථානයක අපි එය තැන්පත් කළෙමු.

إِلَىٰ قَدَرٖ مَّعۡلُومٖ﴿٢٢

22නියමිත කාල පරිච්ඡේදයක් දක්වා.

فَقَدَرۡنَا فَنِعۡمَ ٱلۡقَٰدِرُونَ﴿٢٣

23එසේ ම අපි ම එය නියම කළෙමු. එහෙයින් අපි නියම කරන්නන්ගෙන් විශිෂ්ටයන් වෙමු.

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ﴿٢٤

24බොරු කළවුනට එදින විනාශයයි.

أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ كِفَاتًا﴿٢٥

25මහපොළොව රැස් කරන්නක් ලෙස අපි පත් නො කළෙමු ද?

أَحۡيَآءٗ وَأَمۡوَٰتٗا﴿٢٦

26ජීවත් වන්නන් හා මළවුන්.

وَجَعَلۡنَا فِيهَا رَوَٰسِيَ شَٰمِخَٰتٖ وَأَسۡقَيۡنَٰكُم مَّآءٗ فُرَاتٗا﴿٢٧

27තවද එහි අපි උස් කඳු ඇති කළෙමු. තවද නුඹලාට ඉමිහිරි ජලය ද සම්පාදනය කළෙමු

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ﴿٢٨

28බොරු කළවුනට එදින විනාශයයි.

ٱنطَلِقُوٓاْ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ﴿٢٩

29නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියේ ද ඒ වෙතට නුඹලා ගමන් කරනු.

ٱنطَلِقُوٓاْ إِلَىٰ ظِلّٖ ذِي ثَلَٰثِ شُعَبٖ﴿٣٠

30ශාඛා තුනකින් සමන්විත හෙවණ වෙත ගමන් කරනු.

لَّا ظَلِيلٖ وَلَا يُغۡنِي مِنَ ٱللَّهَبِ﴿٣١

31එය හෙවණ ලබා දෙන්නක් ලෙසින් නැත. එමෙන් ම එය ගිනි දැල්ලෙන් ආරක්ෂා නො කරයි.

إِنَّهَا تَرۡمِي بِشَرَرٖ كَٱلۡقَصۡرِ﴿٣٢

32නියත වශයෙන් ම එය මාලිගා මෙන් (උසට) දරුණු ලෙස ගිනි දැල් හෙළයි.

كَأَنَّهُۥ جِمَٰلَتٞ صُفۡرٞ﴿٣٣

33එය කහ පැහැති ඔටු රංචුවක් මෙන් පවතී.

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ﴿٣٤

34බොරු කළවුනට එදින විනාශයයි.

هَٰذَا يَوۡمُ لَا يَنطِقُونَ﴿٣٥

35එය ඔවුන් කතා නො කරන දිනයකි.

وَلَا يُؤۡذَنُ لَهُمۡ فَيَعۡتَذِرُونَ﴿٣٦

36තවද නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට අනුමැතිය දෙනු නො ලැබේ.

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ﴿٣٧

37බොරු කළවුනට එදින විනාශයයි.

هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِۖ جَمَعۡنَٰكُمۡ وَٱلۡأَوَّلِينَ﴿٣٨

38මෙය විනිශ්චයේ දිනයයි. අපි නුඹලා හා මුතුන් මිත්තන් එක් රැස් කළෙමු.

فَإِن كَانَ لَكُمۡ كَيۡدٞ فَكِيدُونِ﴿٣٩

39එහෙයින් නුඹලාට යම් කුමන්ත්‍රණයක් තිබේ නම් නුඹලා මට කුමන්ත්‍රණය කරනු.

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ﴿٤٠

40බොරු කළවුනට එදින විනාශයයි.

إِنَّ ٱلۡمُتَّقِينَ فِي ظِلَٰلٖ وَعُيُونٖ﴿٤١

41නියත වශයෙන් ම බිය බැතිමතුන් හෙවණ හා උල්පත් අතර වෙති.

وَفَوَٰكِهَ مِمَّا يَشۡتَهُونَ﴿٤٢

42තවද ඔවුන් ආශා කරන පලතුරු අතර ද (වෙති).

كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ﴿٤٣

43නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා සැපසේ අනුභව කරනු. තවද පානය කරනු (යැයි කියනු ලැබේ.)

إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ﴿٤٤

44නියත වශයෙන් ම මෙලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ﴿٤٥

45බොරු කළවුනට එදින විනාශයයි.

كُلُواْ وَتَمَتَّعُواْ قَلِيلًا إِنَّكُم مُّجۡرِمُونَ﴿٤٦

46නුඹලා අනුභව කරනු. තවද මද කලක් භුක්ති විඳිනු. නියත වශයෙන් ම නුඹලා අපරාධකරුවන් ය.

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ﴿٤٧

47බොරු කළවුනට එදින විනාශයයි.

وَإِذَا قِيلَ لَهُمُ ٱرۡكَعُواْ لَا يَرۡكَعُونَ﴿٤٨

48(මෙලොවෙහි) ඔවුනට (දණින් අල්ලමින් නැවී) රුකූඋ කරන්නැයි පවසනු ලබන විට ඔවුහු රුකූඋ නො කරති.

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ﴿٤٩

49බොරු කළවුනට එදින විනාශයයි.

فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَهُۥ يُؤۡمِنُونَ﴿٥٠

50එහෙයින් මින් පසුව ඔවුන් විශ්වාස කරනුයේ කවර ප්‍රකාශයක් ද?

RELATED SURAHS