Al-Muzzammil

المزمل

The Enshrouded One20 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

يَٰٓأَيُّهَا ٱلۡمُزَّمِّلُ﴿١

1අහෝ පොරවා ගෙන සිටින්නාණනි!

قُمِ ٱلَّيۡلَ إِلَّا قَلِيلٗا﴿٢

2සුළු කාලයක් හැර රාත්‍රියෙහි නැගිට සිට නැමදුම් කරනු.

نِّصۡفَهُۥٓ أَوِ ٱنقُصۡ مِنۡهُ قَلِيلًا﴿٣

3එයින් අඩක් හෝ එයින් ස්වල්පයක් හෝ නුඹ අඩු කර ගනු.

أَوۡ زِدۡ عَلَيۡهِ وَرَتِّلِ ٱلۡقُرۡءَانَ تَرۡتِيلًا﴿٤

4නැතහොත් ඊට වඩා වැඩි කර ගනු. තවද අල් කුර්ආනය නිසි අයුරින් පිළිවෙළට පාරායනය කරනු.

إِنَّا سَنُلۡقِي عَلَيۡكَ قَوۡلٗا ثَقِيلًا﴿٥

5නියත වශයෙන් ම අපි නුඹ වෙත බරැති ප්‍රකාශයක් මතු හෙළන්නෙමු.

إِنَّ نَاشِئَةَ ٱلَّيۡلِ هِيَ أَشَدُّ وَطۡـٔٗا وَأَقۡوَمُ قِيلًا﴿٦

6නියත වශයෙන් ම රාත්‍රියේ අවදිවීම (සිත්) දමනයට වඩාත් බලගතු ය. තවද කියවීමට වඩාත් උචිත ය.

إِنَّ لَكَ فِي ٱلنَّهَارِ سَبۡحٗا طَوِيلٗا﴿٧

7දහවල් කාලයේ නියත වශයෙන් ම ඔබට දිගු කාර්ය භාරයක් ඇත.

وَٱذۡكُرِ ٱسۡمَ رَبِّكَ وَتَبَتَّلۡ إِلَيۡهِ تَبۡتِيلٗا﴿٨

8තවද ඔබේ පරමාධිපතිගේ නාමය ඔබ මෙනෙහි කරනු. තවද (නැමදුමෙහි) ඔහු වෙත පූර්ණ ව යොමු වනු.

رَّبُّ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ لَآ إِلَٰهَ إِلَّا هُوَ فَٱتَّخِذۡهُ وَكِيلٗا﴿٩

9ඔහු නැගෙනහිර හා බටහිරෙහි හිමිපාණන් ය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් භාරකරුවකු වශයෙන් ඔබ ඔහු ගනු.

وَٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَٱهۡجُرۡهُمۡ هَجۡرٗا جَمِيلٗا﴿١٠

10තවද ඔවුන් පවසන දෑ ගැන නුඹ ඉවසනු. තවද අලංකාර මග හැරීමකින් ඔවුන් මග හරිනු.

وَذَرۡنِي وَٱلۡمُكَذِّبِينَ أُوْلِي ٱلنَّعۡمَةِ وَمَهِّلۡهُمۡ قَلِيلًا﴿١١

11තවද සැප පහසුකමින් යුත් බොරු පවසන්නන් මා සමඟ නුඹ අත්හැර දමනු. තවද නුඹ ඔවුනට ස්වල්ප කාලයක් අවකාශ දෙනු.

إِنَّ لَدَيۡنَآ أَنكَالٗا وَجَحِيمٗا﴿١٢

12නියත වශයෙන් ම අප වෙත (ඔවුන් සඳහා) විලංගු හා නිරය ද ඇත.

وَطَعَامٗا ذَا غُصَّةٖ وَعَذَابًا أَلِيمٗا﴿١٣

13උගුර හිර කරන ආහාරයක් හා වේදනීය දඬුවමක් ද (ඇත).

يَوۡمَ تَرۡجُفُ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ وَكَانَتِ ٱلۡجِبَالُ كَثِيبٗا مَّهِيلًا﴿١٤

14එදින මහපොළොව හා කඳු කම්පනය වෙයි. තවද කඳු හැළෙන සුළු ගොඩ ගසා ඇති පස් බවට පත් වනු ඇත.

إِنَّآ أَرۡسَلۡنَآ إِلَيۡكُمۡ رَسُولٗا شَٰهِدًا عَلَيۡكُمۡ كَمَآ أَرۡسَلۡنَآ إِلَىٰ فِرۡعَوۡنَ رَسُولٗا﴿١٥

15ෆිර්අවුන් වෙත අපි දූතයකු එව්වාක් මෙන් නුඹලා මත සාක්ෂි දරන දූතයකු නුඹලා වෙත සැබැවින් ම අපි එව්වෙමු.

فَعَصَىٰ فِرۡعَوۡنُ ٱلرَّسُولَ فَأَخَذۡنَٰهُ أَخۡذٗا وَبِيلٗا﴿١٦

16එහෙත් ෆිර්අවුන් එම දූතයාණන්ට පිටුපෑවේ ය. එහෙයින් අපි ඔහු බිහිසුනු ග්‍රහණයකින් ග්‍රහණය කළෙමු.

فَكَيۡفَ تَتَّقُونَ إِن كَفَرۡتُمۡ يَوۡمٗا يَجۡعَلُ ٱلۡوِلۡدَٰنَ شِيبًا﴿١٧

17නුඹලා ප්‍රතික්ෂේප කළේ නම් දරුවන් පවා මහලුන් බවට පත් කරන දිනයෙහි නුඹලා කෙසේ නම් ආරක්ෂා වන්නෙහු ද?

ٱلسَّمَآءُ مُنفَطِرُۢ بِهِۦۚ كَانَ وَعۡدُهُۥ مَفۡعُولًا﴿١٨

18එහි අහස පිපිරී යන්නකි. ඔහුගේ ප්‍රතිඥාව සිදු කරනු ලබන්නක් විය.

إِنَّ هَٰذِهِۦ تَذۡكِرَةٞۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلًا﴿١٩

19නියත වශයෙන් ම මෙය මෙනෙහි කිරීමකි. එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එය තම පරමාධිපති වෙත වූ මාර්ගයක් ලෙස ගනිත්වා!

۞ إِنَّ رَبَّكَ يَعۡلَمُ أَنَّكَ تَقُومُ أَدۡنَىٰ مِن ثُلُثَيِ ٱلَّيۡلِ وَنِصۡفَهُۥ وَثُلُثَهُۥ وَطَآئِفَةٞ مِّنَ ٱلَّذِينَ مَعَكَۚ وَٱللَّهُ يُقَدِّرُ ٱلَّيۡلَ وَٱلنَّهَارَۚ عَلِمَ أَن لَّن تُحۡصُوهُ فَتَابَ عَلَيۡكُمۡۖ فَٱقۡرَءُواْ مَا تَيَسَّرَ مِنَ ٱلۡقُرۡءَانِۚ عَلِمَ أَن سَيَكُونُ مِنكُم مَّرۡضَىٰ وَءَاخَرُونَ يَضۡرِبُونَ فِي ٱلۡأَرۡضِ يَبۡتَغُونَ مِن فَضۡلِ ٱللَّهِ وَءَاخَرُونَ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱللَّهِۖ فَٱقۡرَءُواْ مَا تَيَسَّرَ مِنۡهُۚ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَأَقۡرِضُواْ ٱللَّهَ قَرۡضًا حَسَنٗاۚ وَمَا تُقَدِّمُواْ لِأَنفُسِكُم مِّنۡ خَيۡرٖ تَجِدُوهُ عِندَ ٱللَّهِ هُوَ خَيۡرٗا وَأَعۡظَمَ أَجۡرٗاۚ وَٱسۡتَغۡفِرُواْ ٱللَّهَۖ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمُۢ﴿٢٠

20නියත වශයෙන් ම නුඹ රාත්‍රියෙන් තුනෙන් දෙකකට වඩා අඩු කාලයක් ද ඉන් අඩක් ද තුනෙන් එකක කොටසක් ද නැගී සිටින බවත් නුඹ සමඟ සිටින අය අතරින් පිරිසක් ද (එසේ) සිටින බවත් නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති දන්නේ ය. අල්ලාහ් රාත්‍රිය හා දහවල නිර්ණය කරන්නේ ය. නුඹලා එය (නිවැරදිව) ගණන් නො කරන බව ඔහු දන්නේ ය. එවිට ඔහු නුඹලාට සමාව දුන්නේ ය. එහෙයින් අල් කුර්ආනයෙන් පහසු දෑ නුඹලා පාරායනය කරනු. නුඹලා අතර රෝගීන් හා අල්ලාහ්ගේ භාග්‍යයන් සොයා මහපොළොවේ සැරිසරන වෙනත් අය හා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදින තවත් අයද සිටින බව ඔහු දන්නේ ය. එහෙයින් එයින් පහසු දෑ නුඹලා පාරායනය කරනු. තවද සලාතය නිසි අයුරින් ඉටු කරනු. zසකාත් ද දෙනු. අල්ලාහ්ට අලංකාර ණයක් දෙනු. නුඹලා වෙනුවෙන් කවර යහපතක් නුඹලා ඉදිරිපත් කරන්නේ ද නුඹලා එය අල්ලාහ් අබියස දැක ගනු ඇත. එය ශ්‍රේෂ්ඨ ය. ප්‍රතිඵලයෙන් වඩාත් ඉමහත් ය. තවද නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය. මහා කරුණාන්විත ය.

RELATED SURAHS