An-Najm

النجم

The Star62 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

وَٱلنَّجۡمِ إِذَا هَوَىٰ﴿١

1තවද වැටී (සැඟවී) යන තරු මත දිවුරමින්;

مَا ضَلَّ صَاحِبُكُمۡ وَمَا غَوَىٰ﴿٢

2තවද නුඹලාගේ සහචරයා (වන මුහම්මද්) මුළා නො වීය. තවද ඔහු නොමග නොගියේ ය.

وَمَا يَنطِقُ عَنِ ٱلۡهَوَىٰٓ﴿٣

3තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නො කරයි.

إِنۡ هُوَ إِلَّا وَحۡيٞ يُوحَىٰ﴿٤

4එය හෙළි දරව් කරන ලද දිව්‍ය පණිවිඩ මිස නැත.

عَلَّمَهُۥ شَدِيدُ ٱلۡقُوَىٰ﴿٥

5අතිබලවත් කෙනෙකු (වන ජිබ්රීල්) එය ඉගැන්වී ය.

ذُو مِرَّةٖ فَٱسۡتَوَىٰ﴿٦

6(ඔහු අලංකාර) පරිපූර්ණ හැඩයෙන් යුක්ත විය. තවද ඔහු (නබි ඉදිරියේ) දිස් විය.

وَهُوَ بِٱلۡأُفُقِ ٱلۡأَعۡلَىٰ﴿٧

7තවද ඔහු ඉහළම ක්‍ෂිතිජයෙහි විය.

ثُمَّ دَنَا فَتَدَلَّىٰ﴿٨

8පසුව ඔහු පහළට පැමිණ (ඔහු) අසළට ම පැමිණියේ ය.

فَكَانَ قَابَ قَوۡسَيۡنِ أَوۡ أَدۡنَىٰ﴿٩

9එවිට ඔහු දුනු දෙකක දුර ප්‍රමාණයක හෝ ඊටත් වඩා සමීප විය.

فَأَوۡحَىٰٓ إِلَىٰ عَبۡدِهِۦ مَآ أَوۡحَىٰ﴿١٠

10එවිට (අල්ලාහ්) ඔහුට දන්වා සිටි දෑ ඔහුගේ ගැත්තාට ඔහු (ජිබ්රීල්) දන්වා සිටියේ ය.

مَا كَذَبَ ٱلۡفُؤَادُ مَا رَأَىٰٓ﴿١١

11ඔහු දුටු දෑ (ඔහුගේ) සිත බොරු නො කළේ ය.

أَفَتُمَٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ﴿١٢

12එහෙයින් ඔහු දුටු දෑ සම්බන්ධයෙන් නුඹලා ඔහු සමග වාද කරන්නෙහු ද?

وَلَقَدۡ رَءَاهُ نَزۡلَةً أُخۡرَىٰ﴿١٣

13තවද, නිසැකවම ඔහු තවත් වතාවක් ඔහු (ජිබ්රීල්ව සිය සැබෑ ස්වරූපයෙන්) පහළ වනු දුටුවේ ය.

عِندَ سِدۡرَةِ ٱلۡمُنتَهَىٰ﴿١٤

14සිද්රතුල් මුන්තහා (හෙවත් මායිම පිහිටි ගසක්) අබියස ය.

عِندَهَا جَنَّةُ ٱلۡمَأۡوَىٰٓ﴿١٥

15ඒ අබියස ජන්නතුල් මඃවා (හෙවත් ස්වර්ග උයන) විය.

إِذۡ يَغۡشَى ٱلسِّدۡرَةَ مَا يَغۡشَىٰ﴿١٦

16සිද්රා ගස ආවරණය කරන දෑ ආවරණය කරන විට;

مَا زَاغَ ٱلۡبَصَرُ وَمَا طَغَىٰ﴿١٧

17(ඔහුගේ) බැල්ම ඉවත් නො වීය. එසේ ම එය සීමාව ඉක්මවා නොගියේ ය.

لَقَدۡ رَأَىٰ مِنۡ ءَايَٰتِ رَبِّهِ ٱلۡكُبۡرَىٰٓ﴿١٨

18තම පරමාධිපතිගේ ඉමහත් සංඥාවන් කිහිපයක් සැබැවින් ම ඔහු දුටුවේ ය.

أَفَرَءَيۡتُمُ ٱللَّٰتَ وَٱلۡعُزَّىٰ﴿١٩

19ලාත් හා උzස්zසා (නමැති පිළිම) නුඹලා දුටුවෙහු ද?

وَمَنَوٰةَ ٱلثَّالِثَةَ ٱلۡأُخۡرَىٰٓ﴿٢٠

20අනෙක් තුන්වැනියා මනාත් ය.

أَلَكُمُ ٱلذَّكَرُ وَلَهُ ٱلۡأُنثَىٰ﴿٢١

21නුඹලාට පිරිමි (දරුව)න් හා ඔහුට ගැහැනු (දරුව)න් ද?

تِلۡكَ إِذٗا قِسۡمَةٞ ضِيزَىٰٓ﴿٢٢

22එවිට එය අසාධාරණ බෙදීමකි.

إِنۡ هِيَ إِلَّآ أَسۡمَآءٞ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهۡوَى ٱلۡأَنفُسُۖ وَلَقَدۡ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلۡهُدَىٰٓ﴿٢٣

23ඒවා නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ (හිස් අර්ථ) නාමයන් මිස වෙනකක් නැත. ඒවා පිළිබඳ කිසිදු සාධකයක් අල්ලාහ් පහළ නො කළේ ය. ඔවුහු අනුමානය හා සිත් ආශා කරන දෑ මිස වෙනෙකක් අනුගමනය නො කරති. ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත සැබැවින් ම යහමග පැමිණ ඇත.

أَمۡ لِلۡإِنسَٰنِ مَا تَمَنَّىٰ﴿٢٤

24එසේ නැතහොත් තමන් කැමති දෑ මිනිසාට තිබේ ද?

فَلِلَّهِ ٱلۡأٓخِرَةُ وَٱلۡأُولَىٰ﴿٢٥

25එහෙත් මතු ලොව හා මෙලොව අල්ලාහ් සතු ය.

۞ وَكَم مِّن مَّلَكٖ فِي ٱلسَّمَٰوَٰتِ لَا تُغۡنِي شَفَٰعَتُهُمۡ شَيۡـًٔا إِلَّا مِنۢ بَعۡدِ أَن يَأۡذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرۡضَىٰٓ﴿٢٦

26අහස්හි මලක්වරුන් කොපමණදෝ සිටින්නාහ. තමන් අභිමත කොට පිළිගත් අයට අල්ලාහ් අනුමැතිය දීමෙන් පසුව මිස ඔවුන්ගේ මැදිහත්වීම කිසිවකින් ප්‍රයෝජනවත් නො වෙයි.

إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ لَيُسَمُّونَ ٱلۡمَلَٰٓئِكَةَ تَسۡمِيَةَ ٱلۡأُنثَىٰ﴿٢٧

27නියත වශයෙන් ම කවුරුන් මතු ලොව පිළිබඳ විශ්වාස නො කරන්නේද ඔවුන් මලක්වරුන්ට ගැහැනුන්ගේ නාමයෙන් නම් තබති.

وَمَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍۖ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّۖ وَإِنَّ ٱلظَّنَّ لَا يُغۡنِي مِنَ ٱلۡحَقِّ شَيۡـٔٗا﴿٢٨

28තවද ඒ පිළිබඳව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුහු අනුමානය මිස වෙනත් කිසිවක් අනුගමනය නො කරති. තවද නියත වශයෙන් ම අනුමානය සත්‍යයට එරෙහිව කිසිදු ප්‍රයෝජනයක් ලබා නො දෙයි.

فَأَعۡرِضۡ عَن مَّن تَوَلَّىٰ عَن ذِكۡرِنَا وَلَمۡ يُرِدۡ إِلَّا ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا﴿٢٩

29එහෙයින් අපව මෙනෙහි කිරීමෙන් පිටුපා මෙලොව ජීවිතය හැර වෙනෙකක් අපේක්ෂා නො කරන අය ඔබ නො සලකා හරිනු.

ذَٰلِكَ مَبۡلَغُهُم مِّنَ ٱلۡعِلۡمِۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِمَنِ ٱهۡتَدَىٰ﴿٣٠

30එය ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයයි. ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් ගැන නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නා ය. එමෙන් ම යහමග ලැබූවන් ගැන ද ඔහු මැනවින් දන්නා ය.

وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ لِيَجۡزِيَ ٱلَّذِينَ أَسَٰٓـُٔواْ بِمَا عَمِلُواْ وَيَجۡزِيَ ٱلَّذِينَ أَحۡسَنُواْ بِٱلۡحُسۡنَى﴿٣١

31තවද අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් සතු ය. නපුරුකම් කළවුනට ඔවුන් සිදු කළ දෑ අනුව ප්‍රතිවිපාක දෙනු පිණිසත් යහපත් අයුරින් යහකම් කළවුනට ප්‍රතිඵල දෙනු පිණිසත් ය.

ٱلَّذِينَ يَجۡتَنِبُونَ كَبَٰٓئِرَ ٱلۡإِثۡمِ وَٱلۡفَوَٰحِشَ إِلَّا ٱللَّمَمَۚ إِنَّ رَبَّكَ وَٰسِعُ ٱلۡمَغۡفِرَةِۚ هُوَ أَعۡلَمُ بِكُمۡ إِذۡ أَنشَأَكُم مِّنَ ٱلۡأَرۡضِ وَإِذۡ أَنتُمۡ أَجِنَّةٞ فِي بُطُونِ أُمَّهَٰتِكُمۡۖ فَلَا تُزَكُّوٓاْ أَنفُسَكُمۡۖ هُوَ أَعۡلَمُ بِمَنِ ٱتَّقَىٰٓ﴿٣٢

32ඔවුහු වනාහි සුළු වැරදි හැර මහා පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකී සිටින්නන් වෙති. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති සමාව දීමේ දී අප්‍රමාණ ය. ඔහු නුඹලා මහපොළොවේ බිහි කළ විට ද නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ නුඹලා කලලයක් ලෙස සිටි විට ද නුඹලා ගැන මැනවින් දැන සිටියේ ඔහු ය. එහෙයින් නුඹලා නුඹලා ගැන ම ශුද්ධවන්තයින් යැයි නො සලකනු. බිය බැතිමතුන් පිළිබඳව මැනවින් දන්නා ඔහු ය.

أَفَرَءَيۡتَ ٱلَّذِي تَوَلَّىٰ﴿٣٣

33(සත්‍යය මාර්ගයෙන්) හැරී ගිය අයව නුඹ නො දුටුවෙහි ද?

وَأَعۡطَىٰ قَلِيلٗا وَأَكۡدَىٰٓ﴿٣٤

34තවද ඔහු ස්වල්පයක් පිරිනමා (ඉතිරිය) වළක්වා ගත්තේ ය.

أَعِندَهُۥ عِلۡمُ ٱلۡغَيۡبِ فَهُوَ يَرَىٰٓ﴿٣٥

35ඔහුට ගුප්ත දෑ පිළිබඳ දැනුම තිබී ඔහු දකින්නේ ද?

أَمۡ لَمۡ يُنَبَّأۡ بِمَا فِي صُحُفِ مُوسَىٰ﴿٣٦

36එසේ නැතහොත් මූසාගේ ග්‍රන්ථයේ ඇති දෑ දන්වනු නො ලැබුවේ ද?

وَإِبۡرَٰهِيمَ ٱلَّذِي وَفَّىٰٓ﴿٣٧

37(ආඥාවන්) පූර්ණව ඉටු කළ ඉබ්රාහීම්ගේ ග්‍රන්ථයේ ඇති දෑ (දන්වනු නො ලැබුවේ ද?)

أَلَّا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰ﴿٣٨

38එනම්, බර උසුලන්නා තවකෙකුගේ බර උසුළන්නේ නැත.

وَأَن لَّيۡسَ لِلۡإِنسَٰنِ إِلَّا مَا سَعَىٰ﴿٣٩

39තවද මිනිසාට ඔහු උත්සාහ කළ දෑ හැර වෙන කසිවක් නොමැත.

وَأَنَّ سَعۡيَهُۥ سَوۡفَ يُرَىٰ﴿٤٠

40තවද නියත වශයෙන් ම ඔහුගේ උත්සාහය මතු පෙන්වනු ලැබේ.

ثُمَّ يُجۡزَىٰهُ ٱلۡجَزَآءَ ٱلۡأَوۡفَىٰ﴿٤١

41පසුව පූර්ණවත් ප්‍රතිඵල ඔහුට පිරිනමනු ලබන්නේ ය. (යනුවෙන් මූසා හා ඉබ්රාහීම්ගේ ග්‍රන්ථයේ විය.)

وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلۡمُنتَهَىٰ﴿٤٢

42තවද නියත වශයෙන් ම, අවසානයේදී (සියලු දෙනාගේ) නැවත හැරීයෑම, නුඹගේ පරමාධිපති වෙත ය.

وَأَنَّهُۥ هُوَ أَضۡحَكَ وَأَبۡكَىٰ﴿٤٣

43තවද නියත වශයෙන් ම ඔහු සිනහව ඇති කරන්නේ ය. ඇඬීමට ද සලස්වන්නේ ය.

وَأَنَّهُۥ هُوَ أَمَاتَ وَأَحۡيَا﴿٤٤

44තවද නියත වශයෙන් ම ඔහු මරණයට පත් කරවන්නේ ය. තවද නැවත ප්‍රාණය දෙන්නේ ය.

وَأَنَّهُۥ خَلَقَ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰ﴿٤٥

45නියත වශයෙන් ම ඔහු ස්ත්‍රී පුරුෂ වශයෙන් යුවල මවා ඇත්තේ ය.

مِن نُّطۡفَةٍ إِذَا تُمۡنَىٰ﴿٤٦

46ශුක්‍රාණු බිඳුවකින්, එය විදින විට (ඔහු නුඹලාව නිර්මාණය කළේ ය).

وَأَنَّ عَلَيۡهِ ٱلنَّشۡأَةَ ٱلۡأُخۡرَىٰ﴿٤٧

47තවද නියත වශයෙන් ම නැවතත් නිර්මාණය කිරීම ඔහු මත ය.

وَأَنَّهُۥ هُوَ أَغۡنَىٰ وَأَقۡنَىٰ﴿٤٨

48තවද නියත වශයෙන් ම ඔහු පොහොසත් කරවන්නේ ය. සෑහීමට පත් කරවන්නේ ය.

وَأَنَّهُۥ هُوَ رَبُّ ٱلشِّعۡرَىٰ﴿٤٩

49තවද නියත වශයෙන් ම ඔහු ෂිඃරා (නම් දීප්තිමත් තාරකාවෙ)හි හිමිපාණන් වේ.

وَأَنَّهُۥٓ أَهۡلَكَ عَادًا ٱلۡأُولَىٰ﴿٥٠

50තවද නියත වශයෙන් ම මුල් කාලීන ආද් ජනයා විනාශ කළේ ද ඔහු ය.

وَثَمُودَاْ فَمَآ أَبۡقَىٰ﴿٥١

51තවද සමූද් ජනයා ද (විනාශ කළේ ය.) එවිට ඔහු (කිසිවෙකු) ඉතිරි නො කළේ ය.

وَقَوۡمَ نُوحٖ مِّن قَبۡلُۖ إِنَّهُمۡ كَانُواْ هُمۡ أَظۡلَمَ وَأَطۡغَىٰ﴿٥٢

52තවද පෙර සිටි නූහ්ගේ ජනයා ද (ඔහු විනාශ කළේ ය.) නියත වශයෙන් ම ඔවුහු දරුණු ලෙස අපරාධ කොට සීමාව ඉක්මවා ගිය පිරිසක් වූවෝ ය.

وَٱلۡمُؤۡتَفِكَةَ أَهۡوَىٰ﴿٥٣

53තවද උඩු යටිකුරු වූ නගරය ද ඔහු බිමට හෙළුවේ ය.

فَغَشَّىٰهَا مَا غَشَّىٰ﴿٥٤

54එවිට ආවරණය කළ දෑ එය ආවරණය කළේ ය.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكَ تَتَمَارَىٰ﴿٥٥

55එහෙයින් නුඹගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයක් නුඹ සැක කරන්නෙහි ද?

هَٰذَا نَذِيرٞ مِّنَ ٱلنُّذُرِ ٱلۡأُولَىٰٓ﴿٥٦

56මෙය පෙර පැවති අවවාද අතරින් වූ අවවාදයකි.

أَزِفَتِ ٱلۡأٓزِفَةُ﴿٥٧

57සමීප වන දෑ සමීප වී ඇත.

لَيۡسَ لَهَا مِن دُونِ ٱللَّهِ كَاشِفَةٌ﴿٥٨

58අල්ලාහ්ගෙන් තොරව නිරාවරණය කරන්නෙකු එයට නැත.

أَفَمِنۡ هَٰذَا ٱلۡحَدِيثِ تَعۡجَبُونَ﴿٥٩

59එහෙයින් මෙම පුවත ගැන නුඹලා පුදුම වන්නෙහු ද?

وَتَضۡحَكُونَ وَلَا تَبۡكُونَ﴿٦٠

60තවද නුඹලා සිනහ සෙන්නෙහු ය. තවද නුඹලා නො හඬා සිටින්නෙහු ය.

وَأَنتُمۡ سَٰمِدُونَ﴿٦١

61නුඹලා ඒ ගැන නො සැලකිලිමත් වන්නෝ වෙති.

فَٱسۡجُدُواْۤ لِلَّهِۤ وَٱعۡبُدُواْ۩﴿٦٢

62එහෙයින් නුඹලා අල්ලාහ්ට සුජූද් කොට නැමදුම් කරනු.

RELATED SURAHS