At-Tur

الطور

The Mount49 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

وَٱلطُّورِ﴿١

1තූර් කන්ද මත දිවුරමින්;

وَكِتَٰبٖ مَّسۡطُورٖ﴿٢

2ලියන ලද ග්‍රන්ථය මත දිවුරමින්;

فِي رَقّٖ مَّنشُورٖ﴿٣

3දිගු හරින ලද ලේඛණයෙහි;

وَٱلۡبَيۡتِ ٱلۡمَعۡمُورِ﴿٤

4බයිතුල් මඃමූර් මත දිවුරමින්;

وَٱلسَّقۡفِ ٱلۡمَرۡفُوعِ﴿٥

5ඉහළට ඔස වන ලද වියන මත දිවුරමින්;

وَٱلۡبَحۡرِ ٱلۡمَسۡجُورِ﴿٦

6ගිනි මොළවනු ලබන මුහුද මත දිවුරමින්;

إِنَّ عَذَابَ رَبِّكَ لَوَٰقِعٞ﴿٧

7නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතිගේ දඬුවම සිදු වන්නක්ම ය.

مَّا لَهُۥ مِن دَافِعٖ﴿٨

8එය වළක්වන කිසිවෙකු නැත.

يَوۡمَ تَمُورُ ٱلسَّمَآءُ مَوۡرٗا﴿٩

9එදින අහස දරුණු ලෙස කැරකෙමින් පවතී.

وَتَسِيرُ ٱلۡجِبَالُ سَيۡرٗا﴿١٠

10තවද කඳු දරුණු ලෙස විතැන් වෙමින් පවතී.

فَوَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ﴿١١

11බොරු කළවුනට එදින විනාශයයි.

ٱلَّذِينَ هُمۡ فِي خَوۡضٖ يَلۡعَبُونَ﴿١٢

12ඔවුහු වනාහි (පුහු කටයුතුවල) නිරතව කෙළිලොල් කරමින් සිටින්නෝ වෙති.

يَوۡمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا﴿١٣

13එදින නිරයේ ගින්න වෙත (දක්කාගෙන යමින්) වැරෙන් තල්ලු කරනු ලැබේ.

هَٰذِهِ ٱلنَّارُ ٱلَّتِي كُنتُم بِهَا تُكَذِّبُونَ﴿١٤

14“නුඹලා බොරු කරමින් සිටි ගින්න මෙයයි”

أَفَسِحۡرٌ هَٰذَآ أَمۡ أَنتُمۡ لَا تُبۡصِرُونَ﴿١٥

15මෙය හූනියමක් ද? එසේ නැතහොත් නුඹලා නො දකින්නෙහු ද?

ٱصۡلَوۡهَا فَٱصۡبِرُوٓاْ أَوۡ لَا تَصۡبِرُواْ سَوَآءٌ عَلَيۡكُمۡۖ إِنَّمَا تُجۡزَوۡنَ مَا كُنتُمۡ تَعۡمَلُونَ﴿١٦

16නුඹලා එහි පිවිස දැවෙනු. එවිට නුඹලා ඉවසා විඳ දරා ගත්ත ද නො ඉවසුව ද නුඹලාට එක සමාන ය. නියත වශයෙන් ම නුඹලාට ප්‍රතිඵල පිරිනමනු ලබනුයේ නුඹලා සිදු කරමින් සිටි දෑ සඳහා ය.

إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّٰتٖ وَنَعِيمٖ﴿١٧

17නියත වශයෙන් ම බිය බැතිමත්හු (ස්වර්ග) උයන්හි හා සැප පහසුකම්හි සිටින්නෝ ය.

فَٰكِهِينَ بِمَآ ءَاتَىٰهُمۡ رَبُّهُمۡ وَوَقَىٰهُمۡ رَبُّهُمۡ عَذَابَ ٱلۡجَحِيمِ﴿١٨

18ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳව සතුටු වන්නන් ලෙස සිටින්නෝ ය. තවද ඔවුන්ගේ පරමාධිපති නිරයේ දඬුවමින් ඔවුන් ආරක්ෂා කළේ ය.

كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ﴿١٩

19නුඹලා (මෙලොව) සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සතුටින් අනුභව කරනු. තවද පානය කරනු. (යැයි පවසනු ලැබේ.)

مُتَّكِـِٔينَ عَلَىٰ سُرُرٖ مَّصۡفُوفَةٖۖ وَزَوَّجۡنَٰهُم بِحُورٍ عِينٖ﴿٢٠

20පෙළට තබන ලද ඇඳන් මත හාන්සිවෙමින් (සිටිති). තවද අපි ඔවුනට හූරුන් ඊන් (හෙවත් දැකුම් කලු යුවතියන්) සරණපාවා දෙන්නෙමු.

وَٱلَّذِينَ ءَامَنُواْ وَٱتَّبَعَتۡهُمۡ ذُرِّيَّتُهُم بِإِيمَٰنٍ أَلۡحَقۡنَا بِهِمۡ ذُرِّيَّتَهُمۡ وَمَآ أَلَتۡنَٰهُم مِّنۡ عَمَلِهِم مِّن شَيۡءٖۚ كُلُّ ٱمۡرِيِٕۭ بِمَا كَسَبَ رَهِينٞ﴿٢١

21තවද කවුරුන් දේවත්වය විශ්වාස කොට ඔවුන්ගේ පරපුර ද විශ්වාසයෙන් යුතුව ඔවුන්ව අනුගමනය කළවුන් වනාහි ඔවුන්ගේ පරපුර අපි ඔවුන් සමඟ එක් කරන්නෙමු. තවද ඔවුන්ගේ ක්‍රියාවෙන් අපි ඔවුනට කිසිවක් අඩු නො කරන්නෙමු. සෑම පුද්ගලයකුම ඔහු උපයා ගත් දෑට ඇපයක් ලෙස සිටින්නේ ය.

وَأَمۡدَدۡنَٰهُم بِفَٰكِهَةٖ وَلَحۡمٖ مِّمَّا يَشۡتَهُونَ﴿٢٢

22තවද ඔවුන් ප්‍රිය කරන දැයින් පලතුරු හා මාංශ අපි ඔවුනට සපයන්නෙමු.

يَتَنَٰزَعُونَ فِيهَا كَأۡسٗا لَّا لَغۡوٞ فِيهَا وَلَا تَأۡثِيمٞ﴿٢٣

23ඔවුහු එහි (පැන්) කුසලාන හුවමාරු කර ගනිති. කිසිදු නිෂ්ඵල දැයක් හෝ පාපයට පෙළඹවීමක් හෝ එහි නැත.

۞ وَيَطُوفُ عَلَيۡهِمۡ غِلۡمَانٞ لَّهُمۡ كَأَنَّهُمۡ لُؤۡلُؤٞ مَّكۡنُونٞ﴿٢٤

24තවද ඔවුන් වෙනුවෙන් (සේවයේ නිරත) සිටින ළමුන් ඔවුන් වටා යති. නියත වශයෙන් ම ඔවුහු සුරක්ෂා කරන ලද මුතු මෙන් වෙති.

وَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ﴿٢٥

25ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු වෙතට මුහුණලමින් එකිනෙකා විමසා ගනිති.

قَالُوٓاْ إِنَّا كُنَّا قَبۡلُ فِيٓ أَهۡلِنَا مُشۡفِقِينَ﴿٢٦

26“මීට පෙර නියත වශයෙන් ම අපි අපගේ පවුල සම්බන්ධයෙන් බියට පත්වන්නන් ලෙස සිටියෙමු” යැයි ඔවුහු පවසති.

فَمَنَّ ٱللَّهُ عَلَيۡنَا وَوَقَىٰنَا عَذَابَ ٱلسَّمُومِ﴿٢٧

27“එවිට අල්ලාහ් අප වෙත උපකාර කළේ ය. තවද පිලිස්සෙන ගින්නේ වේදනාවෙන් ඔහු අප මුදවා ගත්තේ ය.”

إِنَّا كُنَّا مِن قَبۡلُ نَدۡعُوهُۖ إِنَّهُۥ هُوَ ٱلۡبَرُّ ٱلرَّحِيمُ﴿٢٨

28“නියත වශයෙන් ම අපි පෙර සිට ම ඔහුට අයැදිමින් සිටියෙමු. නියත වශයෙන් ම ඔහු මය උපාකාරශීලී; මහා කරුණාවන්ත.”

فَذَكِّرۡ فَمَآ أَنتَ بِنِعۡمَتِ رَبِّكَ بِكَاهِنٖ وَلَا مَجۡنُونٍ﴿٢٩

29එහෙයින් (නබිවරය!) නුඹ මෙනෙහි කරනු. නුඹේ පරමාධිපතිගේ ආශිර්වාදයෙන් නුඹ ජ්‍යෝතිෂ්‍ය වේදියකු හෝ උම්මත්තකයකු හෝ නො වේ.

أَمۡ يَقُولُونَ شَاعِرٞ نَّتَرَبَّصُ بِهِۦ رَيۡبَ ٱلۡمَنُونِ﴿٣٠

30“එසේ නැතහොත් ඔහු කවියෙකි. කාලයාගේ ඇවෑම (ඔහු විනාශ කරනු ඇතැයි) අපි ඔහු ගැන බලාපොරොත්තු වන්නෙමු” යැයි ඔවුහු පවසන්නෝ ද?

قُلۡ تَرَبَّصُواْ فَإِنِّي مَعَكُم مِّنَ ٱلۡمُتَرَبِّصِينَ﴿٣١

31“නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. එවිට නියත වශයෙන් ම මම ද නුඹලා සමඟ බලාපෙරොත්තු වන්නන් අතරින් වෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.

أَمۡ تَأۡمُرُهُمۡ أَحۡلَٰمُهُم بِهَٰذَآۚ أَمۡ هُمۡ قَوۡمٞ طَاغُونَ﴿٣٢

32එසේ නැතහොත් ඔවුන්ගේ සිතුවිලි ඔවුනට මේ ගැන නියෝග කරන්නේ ද? එසේ නැතහොත් ඔවුහු සීමාව ඉක්මවා ගිය පිරිසක් ද?

أَمۡ يَقُولُونَ تَقَوَّلَهُۥۚ بَل لَّا يُؤۡمِنُونَ﴿٣٣

33එසේ නැතහොත් “මෙය ඔහු ගෙතුවේයැ”යි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව ඔවුහු විශ්වාස නො කරති.

فَلۡيَأۡتُواْ بِحَدِيثٖ مِّثۡلِهِۦٓ إِن كَانُواْ صَٰدِقِينَ﴿٣٤

34ඔවුන් සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මේ හා සමාන ප්‍රකාශයක් ඔවුහු ගෙන ආ යුතු ය.

أَمۡ خُلِقُواْ مِنۡ غَيۡرِ شَيۡءٍ أَمۡ هُمُ ٱلۡخَٰلِقُونَ﴿٣٥

35එසේ නැතහොත් කිසිවක් නොමැතිව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතහොත් මවන්නෝ ඔවුහු ද?

أَمۡ خَلَقُواْ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَۚ بَل لَّا يُوقِنُونَ﴿٣٦

36එසේ නැතහොත් ඔවුහු අහස් හා මහපොළොව මැව්වෝ ද? එසේ නොව ඔවුහු තරයේ විශ්වාස නො කරති.

أَمۡ عِندَهُمۡ خَزَآئِنُ رَبِّكَ أَمۡ هُمُ ٱلۡمُصَۜيۡطِرُونَ﴿٣٧

37එසේ නැතහොත් ඔවුන් අබියස නුඹගේ පරමාධිපතිගේ භාණ්ඩාගාර තිබේ ද? එසේ නැතහොත් (ඒ මත) ආධිපත්‍යය දරන්නෝ ඔවුහු ද?

أَمۡ لَهُمۡ سُلَّمٞ يَسۡتَمِعُونَ فِيهِۖ فَلۡيَأۡتِ مُسۡتَمِعُهُم بِسُلۡطَٰنٖ مُّبِينٍ﴿٣٨

38නැත්නම් ඔවුන්ට ඉණිමගක් තිබී එහි (අහසේ දේව පණිවිඩවලට) ඇහුම්කන් දෙත් ද? එසේ නම් ඔවුන්ගෙන් සවන්දෙන්නා පැහැදිලි සාධකයක් ගෙනෙත්වා!

أَمۡ لَهُ ٱلۡبَنَٰتُ وَلَكُمُ ٱلۡبَنُونَ﴿٣٩

39එසේ නැතහොත් (අල්ලාහ් වන) ඔහුට දූවරුන් වී නුඹලාට (පමණක්) පුතුන් වී ද?

أَمۡ تَسۡـَٔلُهُمۡ أَجۡرٗا فَهُم مِّن مَّغۡرَمٖ مُّثۡقَلُونَ﴿٤٠

40එසේ නැතහොත් නුඹ ඔවුන්ගෙන් යම්කිසි කුලියක් ඉල්ලන්නෙහි ද? ඒ හේතුවෙන් ඔවුහු ණය බර උසුලන්නෝ ද?

أَمۡ عِندَهُمُ ٱلۡغَيۡبُ فَهُمۡ يَكۡتُبُونَ﴿٤١

41එසේ නැතහොත් ඔවුන් අබියස අදෘශ්‍යමාන දෑ (පිළිබඳ ඥානය) තිබී ඔවුහු සටහන් කරන්නෝ ද?

أَمۡ يُرِيدُونَ كَيۡدٗاۖ فَٱلَّذِينَ كَفَرُواْ هُمُ ٱلۡمَكِيدُونَ﴿٤٢

42එසේ නැතහොත් ඔවුහු කුමන්ත්‍රණයක් (නුඹට එරෙහිව කිරීමට) අදහස් කරන්නෝ ද? දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු මය කුමන්ත්‍රණයේ හසු වී සිටින්නෝ.

أَمۡ لَهُمۡ إِلَٰهٌ غَيۡرُ ٱللَّهِۚ سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يُشۡرِكُونَ﴿٤٣

43එසේ නැතහොත් අල්ලාහ්ගෙන් තොරව (වෙනත්) දෙවිඳෙකු ඔවුනට සිටිත් ද? ඔවුන් ආදේශ තබන දැයින් අල්ලාහ් සුවිශුද්ධ ය.

وَإِن يَرَوۡاْ كِسۡفٗا مِّنَ ٱلسَّمَآءِ سَاقِطٗا يَقُولُواْ سَحَابٞ مَّرۡكُومٞ﴿٤٤

44තවද අහසින් කැබැල්ලක් වැටෙනු ඔවුහු දුටුවා වුවද (ඒවා) ගොඩගැසුනු වලාකුළු සමූහයක් යැයි ඔවුහු පවසති.

فَذَرۡهُمۡ حَتَّىٰ يُلَٰقُواْ يَوۡمَهُمُ ٱلَّذِي فِيهِ يُصۡعَقُونَ﴿٤٥

45එහෙයින් එහි ඔවුන් විනාශ කරනු ලබන ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තෙක් (නබිවරය!) නුඹ ඔවුන් අතහැර දමනු.

يَوۡمَ لَا يُغۡنِي عَنۡهُمۡ كَيۡدُهُمۡ شَيۡـٔٗا وَلَا هُمۡ يُنصَرُونَ﴿٤٦

46එදින ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔවුනට කිසිවකින් ප්‍රයෝජනවත් නො වෙයි. තවද ඔවුහු උදව් කරනු නො ලබති.

وَإِنَّ لِلَّذِينَ ظَلَمُواْ عَذَابٗا دُونَ ذَٰلِكَ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ﴿٤٧

47තවද නියත වශයෙන් ම අපරාධ කළවුන්ට ඒ හැර තවත් දඬුවමක් ඇත. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නො දනිති.

وَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ فَإِنَّكَ بِأَعۡيُنِنَاۖ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ حِينَ تَقُومُ﴿٤٨

48තවද (නබිවරය!) නුඹගේ පරමාධිපතිගේ නියෝගය උදෙසා ඉවසා සිටිනු. මන්ද නියත වශයෙන් ම නුඹ සිටිනුයේ අපගේ අධීක්ෂණය යටතේ ය. තවද නුඹ අවදි වන අවස්ථාවේ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් නුඹ සුවිශුද්ධ කරනු.

وَمِنَ ٱلَّيۡلِ فَسَبِّحۡهُ وَإِدۡبَٰرَ ٱلنُّجُومِ﴿٤٩

49තවද රාත්‍රියෙහි ද තරු බැස යන අවස්ථාවෙහි ද නුඹ ඔහු සුවිශුද්ධ කරනු.

RELATED SURAHS