Al-Qiyamah

القيامة

The Resurrection40 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

لَآ أُقۡسِمُ بِيَوۡمِ ٱلۡقِيَٰمَةِ﴿١

1මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරමි.

وَلَآ أُقۡسِمُ بِٱلنَّفۡسِ ٱللَّوَّامَةِ﴿٢

2තවද දොස් නගන ආත්මය මත දිවුරමි.

أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَلَّن نَّجۡمَعَ عِظَامَهُۥ﴿٣

3ඔහුගේ අස්ථි අපි එක්රැස් නො කරන්නේ ම යැයි මිනිසා සිතන්නේ ද?

بَلَىٰ قَٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّيَ بَنَانَهُۥ﴿٤

4එසේ නොව ඔහුගේ ඇඟිලි තුඩු පවා සකස් කිරීමට අපි ශක්තිවන්තයින් වෙමු.

بَلۡ يُرِيدُ ٱلۡإِنسَٰنُ لِيَفۡجُرَ أَمَامَهُۥ﴿٥

5එහෙත් මිනිසා ඔහු ඉදිරියේ පාපයන් කිරීමට සිතයි.

يَسۡـَٔلُ أَيَّانَ يَوۡمُ ٱلۡقِيَٰمَةِ﴿٦

6“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය කවදා දැ”යි ඔහු විමසා සිටියි.

فَإِذَا بَرِقَ ٱلۡبَصَرُ﴿٧

7දෘෂ්ටිය (නීලංකාරවී) මුළා වී ගිය විට,

وَخَسَفَ ٱلۡقَمَرُ﴿٨

8තවද සඳු(ගේ අලෝකය) ගිලුනු විට,

وَجُمِعَ ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ﴿٩

9තවද හිරු හා සඳු එක් කරනු ලැබූ විට,

يَقُولُ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذٍ أَيۡنَ ٱلۡمَفَرُّ﴿١٠

10පලා යන තැන කොතැන දැ? යි එදින මිනිසා විමසනු ඇත.

كَلَّا لَا وَزَرَ﴿١١

11එසේ නොව සරණ පතන තැනක් (ඔහුට) නොමැත.

إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمُسۡتَقَرُّ﴿١٢

12එදින වාසස්ථානය නුඹගේ පරමාධිපති වෙත පිහිටයි.

يُنَبَّؤُاْ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذِۭ بِمَا قَدَّمَ وَأَخَّرَ﴿١٣

13ඔහු කලින් කළ දෑ හා ඔහු පසුවට කළ දෑ සම්බන්ධයෙන් එදින මිනිසාට දන්වනු ලැබේ.

بَلِ ٱلۡإِنسَٰنُ عَلَىٰ نَفۡسِهِۦ بَصِيرَةٞ﴿١٤

14එසේ නො ව, තමන් ගැන මිනිසා සාක්ෂි දරන්නේ ය.

وَلَوۡ أَلۡقَىٰ مَعَاذِيرَهُۥ﴿١٥

15ඔහු සමාවට හේතූන් ඉදිරිපත් කළ ද.

لَا تُحَرِّكۡ بِهِۦ لِسَانَكَ لِتَعۡجَلَ بِهِۦٓ﴿١٦

16එය (කුර්ආනය කියවීමට) ඉක්මන් කරනු පිණිස නුඹගේ දිව එයින් නො සොල්වනු.

إِنَّ عَلَيۡنَا جَمۡعَهُۥ وَقُرۡءَانَهُۥ﴿١٧

17එය ගොනු කිරීම ද එය පාරායනය කරවීම ද නියත වශයෙන්ම අප වෙත වූ වගකීමකි.

فَإِذَا قَرَأۡنَٰهُ فَٱتَّبِعۡ قُرۡءَانَهُۥ﴿١٨

18එහෙයින් අපි එය පාරායනය කළ විට නුඹ එහි පාරායනය අනුගමනය කරනු.

ثُمَّ إِنَّ عَلَيۡنَا بَيَانَهُۥ﴿١٩

19පසුව එය පැහැදිලි කිරීම ද නියත වශයෙන් ම අප වෙත පැවරුණු වගකීමකි.

كَلَّا بَلۡ تُحِبُّونَ ٱلۡعَاجِلَةَ﴿٢٠

20එහෙත් නුඹලා මෙලොව ප්‍රිය කරන්නෙහු ය.

وَتَذَرُونَ ٱلۡأٓخِرَةَ﴿٢١

21තවද නුඹලා මතු ලොව අත හැර දමන්නෙහු ය.

وُجُوهٞ يَوۡمَئِذٖ نَّاضِرَةٌ﴿٢٢

22එදින ඇතැම් මුහුණු දීප්තිමත්ව පවතී.

إِلَىٰ رَبِّهَا نَاظِرَةٞ﴿٢٣

23තම පරමාධිපති දෙස බලමින් සිටිති.

وَوُجُوهٞ يَوۡمَئِذِۭ بَاسِرَةٞ﴿٢٤

24තවද එදින ඇතැම් මුහුණු (අඳුරින් වෙළී) විරූපව පවතී.

تَظُنُّ أَن يُفۡعَلَ بِهَا فَاقِرَةٞ﴿٢٥

25(කොඳු ඇට පෙළ කඩා දමන) මහත් දඬුවමක් එයට සිදු කරනු ලබනු ඇතැයි සිතති.

كَلَّآ إِذَا بَلَغَتِ ٱلتَّرَاقِيَ﴿٢٦

26එසේ නොව (ප්‍රාණය) උගුරු දණ්ඩ දක්වා ළඟා වූ විට;

وَقِيلَ مَنۡۜ رَاقٖ﴿٢٧

27තවද ආරක්ෂා කරන්නා කවුරුන් දැ? යි විමසනු ලැබු විට;

وَظَنَّ أَنَّهُ ٱلۡفِرَاقُ﴿٢٨

28නියත වශයෙන් ම තමන් වෙන්ව යෑම එය වේ යැයි ඔහු සිතූ විට;

وَٱلۡتَفَّتِ ٱلسَّاقُ بِٱلسَّاقِ﴿٢٩

29කෙණ්ඩය කෙණ්ඩය සමග ඇමුණුනු විට;

إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمَسَاقُ﴿٣٠

30එදින මෙහෙය වනු ලබන ස්ථානය නුඹගේ පරමාධිපති වෙත ය.

فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ﴿٣١

31තවද ඔහු සත්‍ය තහවුරු කළේ නැත. තවද ඔහු සලාතය ඉටු කළේ ද නැත.

وَلَٰكِن كَذَّبَ وَتَوَلَّىٰ﴿٣٢

32එහෙත් ඔහු බොරු කළේ ය. තවද පිටුපෑවේ ය.

ثُمَّ ذَهَبَ إِلَىٰٓ أَهۡلِهِۦ يَتَمَطَّىٰٓ﴿٣٣

33පසුව ඔහු තම පවුල වෙත අහංකාරකම් පාමින් ගියේ ය.

أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰ﴿٣٤

34නුඹට (දඬවම) සමීප විය. වඩාත් සමීප විය.

ثُمَّ أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰٓ﴿٣٥

35පසු ව ද සමීප විය. වඩාත් සමීප විය.

أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَن يُتۡرَكَ سُدًى﴿٣٦

36නිකරුණේ ඔහු අත හැර දමනු ලබනු ඇතැයි මිනිසා සිතන්නේ ද?

أَلَمۡ يَكُ نُطۡفَةٗ مِّن مَّنِيّٖ يُمۡنَىٰ﴿٣٧

37විදිනු ලබන ශුක්‍රාණු බිඳුවක් ලෙස ඔහු නොසිටියේ ද?

ثُمَّ كَانَ عَلَقَةٗ فَخَلَقَ فَسَوَّىٰ﴿٣٨

38පසුව ඔහු එල්ලී පවතින ලේ කැටියක් බවට පත් විය. පසුව ඔහුව මවා සැකසුවේ ය.

فَجَعَلَ مِنۡهُ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰٓ﴿٣٩

39පසු ව එයින් ස්ත්‍රිය හා පිරිමියා යන යුගලය ඇති කළේ ය.

أَلَيۡسَ ذَٰلِكَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحۡـِۧيَ ٱلۡمَوۡتَىٰ﴿٤٠

40(මේ සියලු දේ කළ) ඔහු, මළවුන් නැගිටුවීමට හැකියාව ඇත්තා බවට ඒවා (සාක්ෂියක් ලෙස) පිහිටා නොමැති ද?

RELATED SURAHS