ص
Sad • 88 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1සාද්,[1] අනුශාසනා සහිත අල් කුර්ආනය මත දිවුරමින්.
2එහෙත් ප්‍රතික්ෂේප කළවුන් ගර්වයෙහි හා මතභේදයෙහිම සිටිති.
3ඔවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? එවිට ඔවුහු විලාප නැගුවෝ ය. (එය) පලා යන අවස්ථාවක් නො වීය.
4තවද ඔවුන් අතරින් ම අවවාද කරන්නෙකු ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුහු පුදුමයට පත් වූහ. මොහු මහා බොරුකාර හූනියම්කරුවකු” යැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පැවසී ය.
5දෙවිවරුන් එක් දෙවියකු බවට ඔහු පත් කළේ ද? නියත වශයෙන් ම මෙය පුදුම සහගත කරුණකි. (යැයි ඔවුහු පවසා සිටියෝ ය.)
6ඔවුන් අතර සිටි ප්‍රධානීහු “නුඹලා යනු. නුඹලාගේ දෙවිවරුන් මත ස්ථීරව රැඳී සිටිනු. නියත වශයෙන් ම මෙය (අපගෙන්) අපේක්ෂා කරනු ලබන කරුණකි යැයි (පවසමින්) ගමන් කළහ.
7අවසාන පිළිවෙත් තුළ මේ ගැන අප අසා නැත්තෙමු. මෙය ප්‍රබන්ධිත බොරුවක් මිස වෙනකක් නැත.
8“අප අතරින් මෙම උපදෙස පහළ කරනු ලැබුවේ මොහු වෙත ද?” (යැයි ප්‍රතික්ෂේප කළවුන් විමසී ය.) එසේ නොව ඔවුන් මාගේ උපදෙස ගැන සැකයෙහි වෙති. මක්නිසාද යත් ඔවුන් (මෙතෙක්) මාගේ දඬුවම විඳ නැත.
9එසේ නැතහොත් පරිත්‍යාගශීලී සර්වබලධාරී ඔබේ පරමාධිපතිගේ දයාවේ ගබඩාවන් ඔවුන් අබියස තිබේ ද?
10එසේ නැතිනම් අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය ඔවුන් සතු ද? එසේ නම් ඔවුහු (භෞතික) සාධකයන්හි නැග යත්වා!
11මෙහි ඇති සේනාව ද පරාජයට පත් කරනු ලබන ඒකාබද්ධ සේනාවන් අතරිනි.
12ඔවුනට පෙර නූහ්ගේ ජනයා ද ආද් සමූහයා ද රිටි සහිත ෆිර්අවුන් ද (ධර්ම දූතයින්ව) බොරු කළෝ ය.
13(එසේ ම) සමූද් ජනයා ද ලූත්ගේ ජනයා ද අයිකාවාසීන් ද බොරු කොළෝ ය. ඔවුහු මය (පරාජයට පත්කරනු ලැබූ) එම සේනා වනුයේ.
14(ඔවුන්) සියල්ල ධර්ම දූතයින් බොරු කළා මිස නැත. එවිට මාගේ දඬුවම නියම විය.
15එක් හඬක් මිස මොවුහු බලාපොරොත්තු නො වූවෝ ය. එයට කිසිදු ප්‍රමාදවීමක් නැත.
16අපගේ පරමාධිපතියාණනි! විනිශ්චය දිනට පෙර අපගේ කොටස අපහට ඉක්මන් කරනු මැනව! යැයි ඔවුහු පැවසූහ.
17ඔවුන් පවසන දෑ මත ඔබ ඉවසා සිටිනු. තවද බලවත් අයකු වූ අපගේ ගැත්තා දාවූද් පිළිබඳ මෙනෙහි කරනු. නියත වශයෙන් ම ඔහු (සමාව අයදිමින් අල්ලාහ් වෙත) ඉමහත් ලෙස නැඹුරු වන්නෙකු විය.
18ඔහු සමඟ සවස් කාලයේ සහ උදෑසන (අල්ලාහ්ගේ නාමය) සුවිශුද්ධ කරන කඳු සැබැවින් ම වසඟ කර දුනිමු.
19තවද (රංචු වශයෙන්) රැස් කරනු ලබන පක්ෂීන් ද (අපි වසඟ කර දුනිමු.) සියල්ල ඔහු වෙත නැඹුරු වෙති.
20තවද අපි ඔහුගේ රාජ්‍යය බලවත් කළෙමු. තවද අපි ඔහුට ප්‍රඥාව හා (තීරණාත්මකව) කතා කිරීමේ පැහැදිලිතාව පිරිනැමුවෙමු.
21තවද ඔවුහු නැමදුම් ස්ථානය වෙත (බිත්තියෙන්) නැග පැමිණි අවස්ථාවේ එම වාදයේ පුවත ඔබ වෙත පැමිණියේ ද?
22දාවූද් වෙත ඔවුහු පිවිසුණු විට ඔවුන් ගැන ඔහු තැති ගත්තේ ය. “ඔබ බිය නො වනු. අපි නඩු සම්බන්ධයෙන් පාර්ශව දෙකකින් සමන්විතයි. අපගෙන් ඇතැමෙකු ඇතැමෙකුට අසාධාරණකම් සිදු කොට ඇත. එහෙයින් ඔබ යුක්ති ගරුකව අප අතර තීන්දු දෙනු. තවද ඔබ අපක්ෂපාතී නො වනු. තවද අපව ඍජු මාර්ගය වෙත යොමු කරනු” යැයි ඔවුහු පැවසූහ.
23“නියත වශයෙන් ම මොහු මාගේ සහෝදරයා ය. ඔහුට බැටළු දෙනුන් අනූ නව දෙනෙකු ඇත. තවද මට එක් බැටළු දෙනකු පමණක් ඇත. තවද ‘එය ද මට පවරන්නැ’යි ඔහු පවසා සිටියි. තර්කයෙහි ඔහු මා අබිබවා ගොස් ඇත.
24දාවුද් මෙසේ පිළිතුරු දුන්නේය. ඔබේ බැටළු දෙන ඔහුගේ බැටළු දෙනුන් සමග එක් කරන මෙන් ඉල්ලා සිටීමෙන් ඔහු ඔබට අසාධාරණයක් කර ඇත. එකට එකතුවී ජීවත්වන ජනයාගෙන් බහුතරයක් ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට අසාධාරණකම් කරති. නමුත් විශ්වාස කොට යහකම් කළවුන් හැර.” තවද ඔවුහු ස්වල්ප දෙනෙකි. (මෙසේ ප්‍රකාශ කරමින් සිටිනා අතර) සැබැවින්ම අපි ඔහු පරීක්ෂාවට ලක් කොට ඇතැයි දාවූද් වටහා ගත්තේය. එහෙයින් ඔහු ඔහුගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටියේය. තවද (සජදා කරමින්) නැමී බිම වැතිරුණේය. තවද ඔහු (පශ්චාත්තාපවී අල්ලාහ් වෙත) හැරුණේය.
25එවිට අපි ඔහුට ඒ සඳහා සමාව දුනිමු. නියත වශයෙන් ම අප අබියස ඔහුට සමීපතාවක් සහ අලංකාර නවාතැනක් ඇත.
26අහෝ දාවූද්! අපි ඔබ මහපොළොවේ නියෝජිතයකු බවට පත් කළෙමු. එහෙයින් ඔබ ජනයා අතර යුක්තිගරුකව තීන්දු දෙනු. තවද ආශාවන් අනුගමනය නො කරනු. එවිට එය අල්ලාහ්ගේ මාර්ගයෙන් ඔබ නොමග යවනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග ගියවුන් වන ඔවුනට විනිශ්චය දිනය ඔවුන් අමතක කළ බැවින් දැඩි දඬුවමක් ඇත.
27තවද අප විසින් මෙම අහස හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද ව්‍යාජ ලෙස මවා නැත. එය දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ගේ සිතුවිල්ලයි. එහෙයින් දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට (නිරා) ගින්නෙන් වූ විනාශය අත් වේවා!
28දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන්, මහපොළොවේ කලහකාරීන් මෙන් අපි පත් කරන්නෙමු ද? එසේ නැතහොත් බිය බැතිමතුන් දුෂ්ටයින් මෙන් අපි පත් කරන්නෙමු ද?
29(මෙය) ඔබ වෙත අපි පහළ කළ භාග්‍යමත් පුස්තකයයි. ඔවුන් එහි වදන් පරිශීලනය කරනු පිණිසත් බුද්ධිමතුන් (හොඳ) උපදෙස් ලැබීම පිණිසත් (අපි එය පහළ කළෙමු.)
30තවද අපි දාවූද්ට සුලයිමාන්ව තිළිණයක් ලෙස පිරිනැමුවෙමු. එම ගැත්තා යහපත් විය. නියත වශයෙන් ම ඔහු ඉමහත් ලෙස (අල්ලාහ් වෙත) නැඹුරු වන්නෙකි.
31සවස් කාලයෙහි මනාව වැඩුණු අශ්වයින් ඔහු වෙත ප්‍රදර්ශනය කරනු ලැබූ අවස්ථාව සිහිපත් කරනු.
32එවිට නියත වශයෙන් ම ආවරණයෙන් (ඒවා) සැඟ වී යනතෙක් මාගේ පරමාධිපතිව සිහි කිරීමෙන් තොරව මෙම වස්තුවට (බොහෝ සේ) මා ඇලුම් කර ඇතැයි මම සිතමි යැයි ඔහු පැවසී ය.
33නුඹලා එය මා වෙත ගෙන එන්නැ යි පවසා ගෙලවල් හා කෙණ්ඩ කපා හරින්නට පටන් ගත්තේ ය.
34තවද සැබැවින් ම අපි සුලයිමාන් පරීක්ෂාවට ලක් කළෙමු. තවද අපි ඔහුගේ ආසනය මත (මිනිස් ස්වරූපයෙන් ෂාතානීය) සිරුරක් හෙළුවෙමු. පසුව ඔහු (අල්ලාහ් වෙත) නැවත යොමු විය.
35මාගේ පරමාධිපතියාණනි! මට ඔබ සමාව දෙනු මැනව! තවද මගෙන් පසුව කිසිවකුට අයිති නො වන පරිදි රාජ්‍යයක් මට පිරිනමනු මැනව! නියත වශයෙන් ම ඔබ මහා පරිත්‍යාගශීලී ය.
36එවිට අපි ඔහුට සුළඟ වසඟ කර දුන්නෙමු. ඔහු සිතූ පරිදි ඔහුගේ අණින් එය පහසුවෙන් හමා යයි.
37තවද ගොඩනැගිලි ඉදි කරන, එමෙන් ම කිමිද මුතු ගොඩගන්නා සියලු ෂෙයිතානුවන් හා,
38යදම් තුළ බැඳ දමනු ලැබූ තවත් අය ද (අපි ඔහුට වසඟ කර දුනිමු.)
39මෙය අපගේ ත්‍යාගයයි. එහෙයින් කිසිදු ගණනයකින් තොරව නුඹ උපකාර කරනු. එසේ නැතහොත් රඳවා ගනු.
40තවද නියත වශයෙන් ම අප අබියස ඔහුට සමීපතාවක් සහ අලංකාර නවාතැනක් ඇත.
41තවද අපගේ ගැත්තකු වූ අය්යූබ් ද ඔබ මෙනෙහි කර බලනු. ඔහු තම පරමාධිපති අමතා, “නියත වශයෙන් ම ෂෙයිතාන් උවදුරකින් හා වේදනාවකින් මා ස්පර්ශ කොට ඇත” යැයි පැවසී ය.
42“නුඹේ පාදය නුඹ ගසනු. මෙය ස්නානය කරනු ලබන සිසිල් ස්ථානයකි. එමෙන් ම පානය කිරීමකි.” (යැයි අල්ලාහ් පැවසී ය.)
43තවද ප්‍රබුද්ධිමත් අයට අපගෙන් වූ ආශිර්වාදයක් හා මෙනෙහි කිරීමක් වශයෙන් ඔහුට ඔහුගේ පවුල හා ඔවුන් සමඟ ඔවුන් හා සමාන අය ද අපි පිරිනැමුවෙමු.
44තවද නුඹ පිදුරු මිටියක් නුඹේ අතට ගෙන එමඟින් නුඹ ගසනු. තවද නුඹ ප්‍රතිඥා කඩ නො කරනු. නියත වශයෙන් ම අපි ඔහු ඉවසිලිවන්තයකු සේ දුටුවෙමු. එම ගැත්තා ඉතා යහපත් විය. නියත වශයෙන් ම ඔහු (අල්ලාහ් වෙත) ඉමහත් ලෙස නැඹුරු වන්නෙකි.
45තවද බලය හා මනා දෘෂ්ටීන්ගෙන් හෙබි අපගේ ගැත්තන් වන ඉබ්රාහීම් ඉස්හාක් හා යඃකූබ් පිළිබඳව ද (නබිවරය!) නුඹ මෙනෙහි කරනු.
46මතු ලොව නිවහන මෙනෙහි කිරීමට නියත වශයෙන් ම අපි ඔවුන් විශේෂිත කළෙමු.
47තවද නියත වශයෙන් ම ඔවුන් අප අබියස විශිෂ්ටයින් ලෙස තෝරා ගනු ලැබූවන් අතරිනි.
48තවද ඉස්මාඊල් අල්යසඃ හා දුල් කිෆ්ල් පිළිබඳව ද මෙනෙහි කරනු. තවද (මේ) සියල්ලන් ම විශිෂ්ටයින් අතරිනි.
49මෙය මෙනෙහි කිරීමකි. තවද නියත වශයෙන් ම බිය බැතිමතුන්හට අලංකාර නවාතැනක් ඇත.
50එය ඔවුන් වෙනුවෙන් දොරවල් විවෘත කරනු ලැබූ සදාකාලික (ස්වර්ග) උයන් වේ.
51එහි ඔවුන් හාන්සිව සිට බොහෝ පලතුරු හා පානයන් එහි ඔවුන් ඉල්ලා සිටිති.
52තවද සම වයසැති දමිත බැල්ම හෙළන කාන්තාවෝ ඔවුන් අබියස සිටිති.
53විනිශ්චය දිනය සඳහා නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ මෙයයි.
54නියත වශයෙන් ම මෙය ඊට අවසානයක් නැති අපගේ පෝෂණයයි.
55(බිය බැතිමතුන් සඳහා වූ දෑ) මෙයයි. තවද නියත වශයෙන් ම සීමාව ඉක්මවා ගියවුන්ට නපුරු නවාතැනක් ඇත.
56එය ඔවුහු එහි පිවිස දැවෙන නිරයයි. එහෙයින් එම නවාතැන නපුරු විය.
57මෙය(සීමාව ඉක්මවූවන් සඳහා) ය. එහෙයින් ඔවුන් එය භුක්ති විඳිත්වා! (ඔවුනට) නටන ජලයයි. සැරව මුසු වූ රුධිරයයි (යැයි අල්ලාහ් පවසයි.)
58ඒ ස්වරූපයෙන් යුත් වෙනත් (දඬුවම්) වර්ගද (ඔවුනට) ඇත.
59මෙය නුඹලා සමඟ පිවිසුණු පිරිසකි. ඔවුනට කිසිදු පිළිගැනීමක් නැත. නියත වශයෙන් ම ඔවුහු නිරා (ගින්නට) පිවිස දැවෙන්නෝ වෙති.
60එසේ නො ව, (අප නොමඟ යැවූ) නුඹලාට ද කිසිදු පිළිගැනීමක් නැත. අපහට එය ඉදිරිපත් කළේ නුඹලා ය. එහෙයින් එම වාසස්ථානය නපුරු විය යැයි ඔවුහු පවසති.
61අපගේ පරමාධිපතියාණනි! අපහට කවරෙකු මෙය ඉදිරිපත් කළේ ද ඔහුට නිරයේ දඬුවම ගුණ කර දෙන්නැයි ඔවුහු පවසති.
62නපුරන් අතරින් යැයි අපි ඔවුන් ගණන් ගනිමින් සිටි මිනිසුන් අපහට දකින්නට නැත්තේ ඇයි දැ? යි ඔවුහු පවසති.
63අපි ඔවුන් සමච්චලයට ගත්තෙමු ද? එසේ නැතහොත් ඔවුන්ගෙන් (අපගේ) බැල්ම ඉවත් වූයේ ද?
64නියත වශයෙන් ම එය සැබෑවකි. එය නිරාවාසීන්ගේ වාදයයි.
65“නියත වශයෙන් ම මම අවවාද කරන්නෙකු පමණි. තවද බල පරාක්‍රම ඒකීය වූ අල්ලාහ් හැර වෙනත් කිසිදු දෙවියකු නැත” යැයි (නබිවරය!) නුඹ පවසනු.
66“ඔහු සර්ව බලධාරී, අතික්ෂමාශීලී, අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපති ය.”
67“එය මහත් වූ පුවතකි.” යැයි නුඹ පවසනු.
68“නුඹලා එය පිටුපාන්නෝ ය.”
69“ඉහළ ප්‍රධානීන් තර්ක කරන විට ඔවුන් පිළිබඳ කිසිදු දැනුමක් මට නො වීය.”
70“නියත වශයෙන් ම මම පැහැදිලි අවවාද කරන්නකු පමණි යැයි මිස මා වෙත හෙළිදරව් කරනු නො ලැබී ය.”
71නියත වශයෙන් ම මම මැටියෙන් වූ මිනිසෙකු මවන්නෙමි යැයි මලක්වරුන්ට නුඹේ පරමාධිපති පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
72පසුව මම ඔහු නිසි අයුරින් හැඩගස්වා මාගේ ආත්මයෙන් ඔහු තුළ පිඹූ විට නුඹලා ඔහුට සුජූද් (ආචාර) කරන්නන් ලෙස වැටෙනු. (යැයි අල්ලාහ් පැවැසුවේ ය).
73එවිට මලක්වරුන් වන ඔවුන් සියල්ලෝ ම සුජූද් කළෝ ය.
74නමුත් ඉබ්ලීස් හැර. ඔහු උඩඟු විය. තවද දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් අතරින් විය.
75“අහෝ ඉබ්ලීස්! මාගේ දෑතින් මා මැවූ දෑට නුඹ සුජූද් කිරීමෙන් නුඹව වැළැක්වූයේ කුමක් ද? නුඹ උඩඟු වූයෙහි ද එසේ නැතහොත් උසස් අය අතරින් වූයෙහි දැ”යි ඔහු(අල්ලාහ්) විමසී ය.
76“මම ඔහුට වඩා ශ්‍රේෂ්ට ය. ඔබ මා මවා ඇත්තේ ගින්නෙනි. තවද ඔබ ඔහු මවා ඇත්තේ මැටියෙනි” යැයි ඔහු පැවසී ය.
77ඔහු මෙසේ පැවසී ය. “එසේ නම් නුඹ මෙයින් බැහැර වනු. නියත වශයෙන් ම නුඹ පලවා හරිනු ලැබූවෙකි.
78තවද නියත වශයෙන් ම විනිශ්චය දිනය දක්වා මාගේ ශාපය නුඹට එරෙහිව පවතී.
79“මාගේ පරමාධිපතියාණනි! එසේ නම් ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය දක්වා මට කල් දෙනු” යැයි ඔහු පැවසී ය.
80එසේ නම් කල් දෙනූ ලැබූවන් අතරින් ඔබ වන්නෙහිය යැයි ඔහු (අල්ලාහ්) පැවසී ය.
81නියමිත වේලාවේ දිනය දක්වා.
82"ඔබේ ගරුත්වයේ නාමයෙන් දිවුරමින්. සැබැවින් ම මම ඔවුන් සියල්ල නොමග යවමි" යැයි ඔහු පැවසී ය.
83එහෙත් ඔවුන් අතරින් වූ ඔබේ අවංක ගැත්තන් හැර.
84එසේ නම් එය සත්‍යයකි. තවද මම සත්‍යයම පවසමි යැයි ඔහු (අල්ලාහ්) පැවසී ය.
85නුඹ හා ඔවුන් අතරින් නුඹව අනුගමනය කළ සියලු දෙනාගෙන් මම නිරය පුරවමි.
86(නබිවරය!) “ඒ වෙනුවෙන් කිසිදු කුලියක් මම නුඹලාගෙන් නො ඉල්ලමි. තවද මම ස්ව කැමැත්ත පරිදි ප්‍රකාශ කරන්නන් අතරින් ද නො වෙමි” යැයි නුඹ පවසනු.
87“එය (අල්කුර්ආනය) ලෝවැසියන්ට මෙනෙහි කිරීමක් මිස නැත.”
88“තවද ටික කලකට පසුව එහි පුවත සැබැවින් ම නුඹලා දැන ගනු ඇත.”