Al-Ma'arij

المعارج

The Ascending Stairways44 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

سَأَلَ سَآئِلُۢ بِعَذَابٖ وَاقِعٖ﴿١

1සිදු වන දඬුවමක් පිළිබඳ විමසන්නෙකු විමසුවේ ය.

لِّلۡكَٰفِرِينَ لَيۡسَ لَهُۥ دَافِعٞ﴿٢

2දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට එය වළක්වන කිසිවෙකු හෝ නොමැත.

مِّنَ ٱللَّهِ ذِي ٱلۡمَعَارِجِ﴿٣

3(එම දඬුවම) උසස්ථාන හිමි අල්ලාහ්ගෙන් (සිදුවෙයි).

تَعۡرُجُ ٱلۡمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيۡهِ فِي يَوۡمٖ كَانَ مِقۡدَارُهُۥ خَمۡسِينَ أَلۡفَ سَنَةٖ﴿٤

4එහි කාල ප්‍රමාණය වසර පනස් දහසක් වන දිනයක මලක්වරුන් ද ආත්මය ද (ජිබ්රීල් ද) ඔහු (අල්ලාහ්) වෙත ආරෝහණය වෙති.

فَٱصۡبِرۡ صَبۡرٗا جَمِيلًا﴿٥

5එහෙයින් (නබිවරය!) නුඹ අලංකාර අයුරින් ඉවසා දරා ගනු.

إِنَّهُمۡ يَرَوۡنَهُۥ بَعِيدٗا﴿٦

6නියත වශයෙන් ම එය (දඬුවම) අධික දුරින් ඇති බව ඔවුහු සිතති.

وَنَرَىٰهُ قَرِيبٗا﴿٧

7එහෙත් අපි එය සමීපයෙන් දකිමු.

يَوۡمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلۡمُهۡلِ﴿٨

8එදින අහස උණු වූ ලෝදිය මෙන් වනු ඇත.

وَتَكُونُ ٱلۡجِبَالُ كَٱلۡعِهۡنِ﴿٩

9තවද කඳු ලොම් මෙන් වනු ඇත.

وَلَا يَسۡـَٔلُ حَمِيمٌ حَمِيمٗا﴿١٠

10තවද මිතුරෙක් මිතුරෙකු ගැන ප්‍රශ්න නො කරයි.

يُبَصَّرُونَهُمۡۚ يَوَدُّ ٱلۡمُجۡرِمُ لَوۡ يَفۡتَدِي مِنۡ عَذَابِ يَوۡمِئِذِۭ بِبَنِيهِ﴿١١

11ඔවුන් එකිනෙකා දකිනු ඇත. එවිට අපරාධකරුවා එදින දඬුවමින් මිදීම සඳහා (වන්දි වශයෙන්) තම දරුවන් එමෙන් ම;

وَصَٰحِبَتِهِۦ وَأَخِيهِ﴿١٢

12තම බිරිය, තම සොහොයුරන්;

وَفَصِيلَتِهِ ٱلَّتِي تُـٔۡوِيهِ﴿١٣

13ඔහු සමඟ සම්බන්ධකම් පැවැත් වූ තම ඥාතීන්;

وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعٗا ثُمَّ يُنجِيهِ﴿١٤

14තවද මහපොළොවේ සිටින සියලු දෙනා හෝ වන්දි වශයෙන් ලබා දී පසු තමන් මුදවා ගත යුතු යැයි ප්‍රිය කරයි.

كَلَّآۖ إِنَّهَا لَظَىٰ﴿١٥

15එසේ නොව නියත වශයෙන් ම එය දවාළන ගින්න ය.

نَزَّاعَةٗ لِّلشَّوَىٰ﴿١٦

16(එය හිස්කබලේ) හම (පුඵස්සා) ගලවා දමන්නකි.

تَدۡعُواْ مَنۡ أَدۡبَرَ وَتَوَلَّىٰ﴿١٧

17එය (සත්‍ය ප්‍රතික්ෂේප කර) පසුපස හැරී පලා ගිය අය ආරාධනා කරයි.

وَجَمَعَ فَأَوۡعَىٰٓ﴿١٨

18ඔහු වස්තුව රැස් කොට තැන්පත් කළේ ය.

۞ إِنَّ ٱلۡإِنسَٰنَ خُلِقَ هَلُوعًا﴿١٩

19නියත වශයෙන් ම මිනිසා කලබලකාරීභාවයෙන් මවනු ලැබ ඇත.

إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعٗا﴿٢٠

20ඔහුට අයහපත වැළඳුණු විට වික්ෂිප්ත වේ.

وَإِذَا مَسَّهُ ٱلۡخَيۡرُ مَنُوعًا﴿٢١

21තවද ඔහුට යහපත වැළඳුණු විට (අන් අයට නො දී) වළක්වන්නෙකු වේ.

إِلَّا ٱلۡمُصَلِّينَ﴿٢٢

22එහෙත් සලාතය ඉටු කරන්නන් හැර;

ٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ دَآئِمُونَ﴿٢٣

23ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයෙහි නිරතුරුවම නිරතවන්නෝ වෙති.

وَٱلَّذِينَ فِيٓ أَمۡوَٰلِهِمۡ حَقّٞ مَّعۡلُومٞ﴿٢٤

24තවද ඔවුන් වනාහි ඔවුන්ගේ ධනයෙහි නියමිත කොටසක්;

لِّلسَّآئِلِ وَٱلۡمَحۡرُومِ﴿٢٥

25අයදින්නන්ට හා (අයදීමෙන්) වළක්වනු ලැබූවන්ට ඇත.

وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوۡمِ ٱلدِّينِ﴿٢٦

26තවද ඔවුන් වනාහි විනිශ්චය දිනය පිළිබඳව තහවුරු කරති.

وَٱلَّذِينَ هُم مِّنۡ عَذَابِ رَبِّهِم مُّشۡفِقُونَ﴿٢٧

27තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම පිළිබඳ බියෙන් සිටිති.

إِنَّ عَذَابَ رَبِّهِمۡ غَيۡرُ مَأۡمُونٖ﴿٢٨

28නියත වශයෙන් ම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම ආරක්ෂිත නො වන්නකි.

وَٱلَّذِينَ هُمۡ لِفُرُوجِهِمۡ حَٰفِظُونَ﴿٢٩

29තවද ඔවුහු වනාහි ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් සුරක්ෂා කර ගන්නෝ වෙති.

إِلَّا عَلَىٰٓ أَزۡوَٰجِهِمۡ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَإِنَّهُمۡ غَيۡرُ مَلُومِينَ﴿٣٠

30එහෙත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන්ට හැර. ඒ හේතුවෙන් නියත වශයෙන් ම ඔවුන් දොස් නගනු ලබන්නන් නො වෙති.

فَمَنِ ٱبۡتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡعَادُونَ﴿٣١

31එහෙයින් කවරෙකු ඉන් ඔබ්බට (අයුතු ලෙස) සොයන්නේ ද එවිට ඔවුහු මය සීමාව ඉක්මවා යන්නෝ.

وَٱلَّذِينَ هُمۡ لِأَمَٰنَٰتِهِمۡ وَعَهۡدِهِمۡ رَٰعُونَ﴿٣٢

32තවද ඔවුහු ඔවුන් වෙත පැවරුණු විශ්වාසභාරය හා ඔවුන්ගේ ගිවිසුම් රකින්නන් වෙති.

وَٱلَّذِينَ هُم بِشَهَٰدَٰتِهِمۡ قَآئِمُونَ﴿٣٣

33තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සාක්ෂි ගැන ස්ථාවරව සිටින්නෝ වෙති.

وَٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ يُحَافِظُونَ﴿٣٤

34තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් සුරක්ෂා කරන්නෝ වෙති.

أُوْلَٰٓئِكَ فِي جَنَّٰتٖ مُّكۡرَمُونَ﴿٣٥

35ස්වර්ග උයන්හි සම්භාවනීය අය ඔවුහු ම ය.

فَمَالِ ٱلَّذِينَ كَفَرُواْ قِبَلَكَ مُهۡطِعِينَ﴿٣٦

36මෙම ප්‍රතික්ෂේප කළවුන්ට සිදුවී ඇත්තේ කුමක්ද? ඔවුන් නුඹ ඉදිරිටයට කඩිනමින් පැමිණෙති.

عَنِ ٱلۡيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ﴿٣٧

37දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් කණ්ඩායම් වශයෙන් (පැමිණෙති).

أَيَطۡمَعُ كُلُّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ أَن يُدۡخَلَ جَنَّةَ نَعِيمٖ﴿٣٨

38ඔවුන් අතරින් සෑම කෙනෙකුම සුව පහසුකම් ඇති ස්වර්ග උයනට ඇතුළු කරනු ලැබීම ගැන ආශා කරන්නේ ද?

كَلَّآۖ إِنَّا خَلَقۡنَٰهُم مِّمَّا يَعۡلَمُونَ﴿٣٩

39එසේ නො වේ. ඔවුන් දන්නා දැයින් නියත වශයෙන් ම අපි ඔවුන් මැව්වෙමු.

فَلَآ أُقۡسِمُ بِرَبِّ ٱلۡمَشَٰرِقِ وَٱلۡمَغَٰرِبِ إِنَّا لَقَٰدِرُونَ﴿٤٠

40පෙරදිගවල් හා අපරදිගවල්හි පරමාධිපති මත දිවුරා පවසමි. නියත වශයෙන් ම අපි බලය දරන්නෝ වෙමු.

عَلَىٰٓ أَن نُّبَدِّلَ خَيۡرٗا مِّنۡهُمۡ وَمَا نَحۡنُ بِمَسۡبُوقِينَ﴿٤١

41(ඔවුන් වෙනුවට) ඔවුනට වඩා යහපත් අයවලුන් බිහි කිරීමට (බලය දරන්නෝ වෙමු.) මන්ද අපි පරාජිතයින් නො වෙමු.

فَذَرۡهُمۡ يَخُوضُواْ وَيَلۡعَبُواْ حَتَّىٰ يُلَٰقُواْ يَوۡمَهُمُ ٱلَّذِي يُوعَدُونَ﴿٤٢

42ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තුරු ඔවුන් නිෂ්ඵල කතාවෙහි නිරත වීමට ද කෙළි ලොල් කිරීමට ද ඔවුනට ඉඩ දෙනු.

يَوۡمَ يَخۡرُجُونَ مِنَ ٱلۡأَجۡدَاثِ سِرَاعٗا كَأَنَّهُمۡ إِلَىٰ نُصُبٖ يُوفِضُونَ﴿٤٣

43පිළිම වෙත ඔවුන් වේගයෙන් දුවන්නාක් මෙන් ඉතා වේගයෙන් එදින මිනිවළවලින් ඔවුන් බැහැර වනු ඇත.

خَٰشِعَةً أَبۡصَٰرُهُمۡ تَرۡهَقُهُمۡ ذِلَّةٞۚ ذَٰلِكَ ٱلۡيَوۡمُ ٱلَّذِي كَانُواْ يُوعَدُونَ﴿٤٤

44ඔවුන්ගේ බැල්ම පහත්ව පවතී. අවමානය ඔවුන් වෙළා ගනු ඇත. ඔවුන් ප්‍රතිඥා දෙනු ලබමින් සිටි දිනය එය වේ.

RELATED SURAHS